MENU

Arrow [S06 : E21]| සාධාරණ සැකය…

ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මැද්දෙන් ඇරෝ කතා මාලාවේ හය වන සමයත් අවසානයට තව කොටස් දෙකක් ඉතිරිව ඇති වෙලාවක, මට කතාව කරන්න කියලා පණිවිඩය ලැබුනේ අදට හරියටම දවසකට කලින්. හම්මෝ ලයින් 860ක් එක දවසකින් ගැහුවා කියලා මටවත් හිතාගන්න බැරිවුනා. කෑවද කියලවත් මතක නැහැ ? වැඩි අනංමනම් ඕනි නෑ කතාව පැත්තට යමු.

මේ වෙනකොට ඩියෑස්ට හැකියාව ලැබී තියෙනවා සාර්ථක ව ස්ටාර් සිටි බිඳවට්ටමින් සෑමදේකම පාහේ බලය තමන් සතු කරගන්නට.මේ සියල්ලකදීම පාහේ ලෝරල් හා ඇනටෝලි තමයි ඩියෑස් අසළින්ම රැදෙමින් ඔහුට සහයක් ලබා දුන්නේ.

ඉතින් පසුගිය කතාවෙන් දැකගන්න පුළුවන් වුනා ඔලිවර් රුසියාවට ගිහිල්ලා තියෙනවා බ්‍රට්වා පකාන්ව මුණ ගැහෙන්න. ඇත්තටම ඔලිවර්ට ඕන කරලා තිබුනේ බ්‍රට්වා එකට ඇනටෝලි ගැන තියෙන තරහ නැති කරලා දාලා ඇනටෝලිව ආපහු රුසියාවට යවන්නයි. හැබැයි ඇනටෝලි කරන්නෙ ඔලිවර්ව අල්ලලා ඩියෑස් ගාවට එක්ක යන එක. හැබැයි අවසානයේදි ඇනටෝලිට ඩියෑස් ගැන යම් කළකිරීමක් ඇතිවෙනවා.මන්ද ඩියෙස් හැම වෙලාවක ව්‍යපාර හා ගනුදෙනු කරන්නේ කිසිම අභිමානයක් නොමැතිවයි.එය ඇනටෝලිගේ ක්‍රමය නොවන බව ඔලිවර් හොදාකාරව දන්න නිසාවෙන්, ඔලිවර් නැවතත් ඇනටෝලිව තමගේ මිතුරෙක් කර ගැනීමට එලන ලද දැලේ ඇනටෝලි අසුවනවා.

එක් පසෙකින් එසේ වෙද්දී අනෙක් පසින් ලෝරල්ව නම්ම ගන්න ලාන්ස්ට හැකියාව ලැබෙන බව පේන්නට තියෙනවා පසුගිය කොටස් කිහිපය හොදට බැලුවාම නම්. ඩියෑස් අපේ නව නගරාධිපතිතුමා ඒ කියන්නේ ලාන්ස්ව බැහැ දකින්නත් පැමිණෙනවා. ඒ ඇවිත් යම් ලියවිල්ලකට අත්සනක් ඉල්ලනවා.ඉතින් මේකෙන් ලෝරල් සහ ලාන්ස් අතරත් මතභේදයක් ඇතිවෙනවා.ලෝරල්ව තමයි ඩියෙස් දැන් හැම පෞද්ගලික වැඩකටම රැගෙන යන්නේ. එසේ ඩියෙස් සමග ඔහුගේ කුඩාකල ළමා නිවාසයේදී හටගත් කෝන්තරයක් පිරිමහන්න යන්නට ලෝරල්ට සිදුවනවා. එයින් ලෝරල් දැඩි ලෙස ඩියෙස් ගැන කලකිරීමට පත්වනවා.කොහොමහරි ඇනටෝලි, ලෝරල් දෙන්නා හිතේ දෙගිඩියාවෙන් පසු උනත් දැන් ඩියෑස් බලවත් වෙලා ඉවරයි.මේ සියල්ල අවසානයේ ඩියෙස් ඔලිවර්ව පොලීසියට බාර දෙනවා නඩු පවරන්න ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා.

අද කතාව පටන් ගන්නේ නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ විලාසයෙන්.අද කතාව සම්පුර්ණයෙන් ම වෙන්වෙලා තියෙන්නෙ ඔලිවර් ගේ නඩුව අහන්නමයි. ඔලිවර් හැම පැත්තකින්ම හිර කරන්නට ඩියෙස් සමත් වෙනවා.ඔලිවර්ට විරුද්ධව නඩුව කතාකරන්න එන්නේ අංක එකේ නීතීඥවරියක්. ඇය ඔලිවර් පමනක් නොව සම්පුර්ණ ඇරෝ කණ්ඩායමව කරමුලින්ම සිර කරනවා. බලාපොරොත්තුවක් නොමැතිව ඇරෝ කණ්ඩායම පසුවනවිට, තැනේ හැටියට ඇනේ ගහගන්න පුලුවන් වෙනවා රේනේ ට. ඒත් නඩුකාර හාමුදුරුවෝ බුරුලක් දෙන්නෙම නැති පාටයි. බැරිම තැන අපේ කට්ටිය වරද පිළිගනිද කියලත් බය හිතෙනවා. අපි බලමු අද යුක්තිය ඉෂ්ට වෙන්නේ කොහොමද? නැත්නම් යුක්තිය ඉෂ්ටකර ගන්නේ කොහොමද කියලා. ඊළඟ කොටස දවස් තුනක් ඇතුලත ගේන්න පුළුවන් වෙයි කියල හිතනවා, එහෙනම් මීලග කොටසින් හමුවනතුරු ජය..✌ ගිහින් එන්නම්. ??✌

 

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 247MB |  

D9E08BD4ED7FAD6B57709FFF45D34D6161F568EE

Direct Download

| HDTV | x264 | 480p | 140MB |      

           

| HDTV | x265 | 720p | 193MB |       

   

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Arrow [S06 : E21]| සාධාරණ සැකය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *