MENU

Arrow [S06 : E23] | නගරය උදෙසා ඔහුගේ අවසන් පරිත්‍යාගය ද මේ??

මගේ නම ඔලිවර් ක්වින්. අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ, මම ආපහු ගෙදර ආවේ එක දෙයක් හිතේ තියාගෙන.. මගේ නගරය බේරාගන්න. අද, මම ඒ යුද්ධයේ පැති දෙකකින් සටන් කරනවා. දවල්ට, මම ස්ටාර් නගරය නගරාධිපති විදියට පාලනය කරනවා, ඒත් රෑට,මම වෙන කෙනෙක්. මම… වෙන දෙයක්. මම තමයි ග්‍රීන් ඇරෝ.”

ඇරෝ හයවන කතාමාලාව ලියෑන් යූ විනාශයෙන් පසුව සිද්ද උන අදුරු මතකයන් එක්කයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ කලකට පසුව මෙවර කතාමාලාව වෙනස්ම මුහුණුවරක් ගන්නවා ඒ එම සතුරා දුනුවායෙක්, මායා බල ඇත්තෙක් හෝ සුපිරි ශක්තියක් සහිත අයෙකු නොවෙන නිසා. ඔහු එක් සාමාන්‍ය පරිගණක හැකර්වරයෙක්. ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ජායාරුපයක් මාධ්‍යවලට නිකුත් වීමත් සමග හැමෝගෙම සැකය ඔහු වෙත එල්ලවෙනවා. FBI ආයතනයෙ පවා. ඉතින් ඒ නිසාම ඔලිවර් ග්‍රීන් ඇරෝ වීමේ වගකීම ජෝන්ට පවරනවා.

කෙසේ හෝ මේ හැකර්වරයා සමග සටන් කිරීමේදී දැනගැනීමට ලැබෙන කරුණනම් ඔහු ඇනටෝලි කන්යාසෙව්, බ්ලැක් සයිරන්, රිකාඩො ඩියෑස් සහ විජලාන්ටි සමග එක්ව සිය කාර්ය සිදු කරන බවයි. මේ නිසාම ඔහුව නැවත්වීම ඔලිවර් ඇතුළු කණ්ඩායමට තරමක් අපහසු වෙනවා. ඔලිවර්ගෙ කණ්ඩායම පවා දෙකඩ වී යනවා. කෙසේ හෝ ඔහුව නැවත්වීමට ඔලිවර් සමත් උනත් අවසානයේ දැනගන්නට ලැබෙනවා මුල සිටම එම සියලු සැලසුම් වෙනත් පුද්ගලයකුගේ බව. ඉතින් ඒ අනුව තමයි රිකාඩෝ ඩියෑස් කරළියට එන්නේ.

රිකාඩෝ ඩියෑස් හෙවත් මකරා තම කාර්යයන් සිදු කරන්නෙ ඉතාමත් සුක්ෂමව මන්දගාමීව වීම විශේෂත්වයක්.ඔහු ඔලිවර් ගැන පූර්ණ සත්‍යය දැන සිටියත් එකවර ඔහුට පහරදීමේ ප්‍රයත්නයක් දරන්නේ නෑ. ඩියෑස්ගෙ අභිප්‍රාය වන්නෙ ඔලිවර් සතු කිර්තිය නගරාධිපති තනතුරු ආදී සියල්ල අහිමි කර ඔහුව සිරගත කරවීමයි. කෙසේ හෝ ඔහු තම සැලසුම් සාර්ථක කරගැනීමේ ආසන්නයටම ළගා වී සිටියදී ජෝන්ගේ උපායත් ලෝරල්ගෙ සාක්ෂියත් නිසා එම සැලසුම් ව්‍යර්ථ වී යනවා. ඉතින් ඒ නිසාම කෝපයට පත්වන ඩියෑස් ඔලිවර් සහ ඔහුට සමීප සෑම අයෙක්වම ඝාතනය කර දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

ඉතින් ඔලිවර් තීරණය කරනවා ඩියෑස් එක්ක හැප්පෙන්න වෙනත් පාර්ශවයක උදව් උපකාර ලබාගන්න. ඒ අනුව තමයි ඔලිවර් FBI නියෝජිත සමන්දා වොට්සන් වෙත යන්නෙ. ඉතින් අද කොටසින් දැක බලාගන්නට පුළුවන් ඔලිවර් FBI සහයද ඇතුව ඩියෑස්ගෙ සියලුම සහචරයන් විනාශ කර දමනා අකාරය සහ නගරයේ දූෂිත නිළධාරින් සැම අල්ලාගන්නවා. එහෙත් එහෙම කරන්නෙ තමන් ග්‍රීන් ඇරෝ බවට පිළිගෙන හිරබාරයට යන පොරොන්දුව මතයි.දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේ ග්‍රීන් ඇරෝ ලෙසත් කළ සටනේ අවසානයද මේ කියා ඔබම දැක බලාගන්න එහෙනම්..

ඉතින් විවිධ බාධක කම්කටොළු ගල්මුල් සහ ප්‍රශංසා මැදින් මේ කතාමාලාවට සාර්ථකව උපසිරසි ලබා දීමට උදව් උපකාර කළ කවිදු ගිම්හාන්, ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ), සුධීර මාලන්, තරිදු ගමගේ යන සහෝදරවරුන්ටත් මාගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම 2018 ඔක්තෝම්බරය වෙද්දී ඇරෝ සත්වන කතාමාලාවත් අපට දැකබලාගන්න පුළුවන් වෙයි. ඒ සදහාද බයිස්කෝප් අඩවියේ අප සහෘද උපසිරසිකරුවෙකු ඔබ වෙත උපසිරසි රැගෙන ඒවි. එහෙනම් ඔබ සැමට එතෙක් ජයෙන් ජය.!

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 240MB |  

ABB274CF1828D4FEB645AC98866DA10B9EC36C26

Direct Download

| HDTV | x264 | 480p | 150MB |

  

| HDTV | x265 | 720p | 215MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [S06 : E23] | නගරය උදෙසා ඔහුගේ අවසන් පරිත්‍යාගය ද මේ??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *