ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 16වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටසින් අපි දැක්කා ඔලිවර් සහ කණ්ඩායම පොලිසිය සමග පොලිස් ක්‍රමේට වැඩ කරන්න වෙහෙස වෙන ආකාරය. කොච්චර කළත් මේ අයට පොලිසියේ ක්‍රමේට වැඩ කරන එක අමාරු වෙනවා. ඉතින් වැටලීමක් කරන්න ගිහින් ඒකත් කොටඋඩ යනවා. පොලිසිය සහ සමාජ ආරක්ෂක කණ්ඩායම් දෙපිළ බෙදිලා එකිනෙකාට බැනගන්නවා. ඒකෙන් පස්සේ ඔලිවරුයි ෆෙලිසිටියි තීරණය කළා කාටවත් නොකියා තනියම අපරාධකාරයා අල්ලන්න. හැබැයි ඒකත් අන්තිමේ කෙලවර වුනේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා.
හැබැයි කොහොමින්හරි අන්තිමේ ඔලිවර් ඇතුළු කට්ටියට පුළුවන් වෙනවා තමන්ගෙ ක්‍රමේට වැඩ කරමින් පොලිසියේ සහයත් ඇතුව නීත්‍යානුකූල විදිහට අපරාධකරුවන්ව අල්ලගන්න. ඒ ලබපු ජයග්‍රහණය නිසාම ඩයිනා නගරාධිපතිනි පොලාර්ඩ්ට බල කරනවා සමාජ ආරක්ෂක විරෝධී පනත හකුලාගනිමින් සමාජ ආරක්ෂකයන්ව පොලිසියේ වෙනම ඒකකයක් බවට පත් කරන්නයි කියලා. ඔය අතරේ අපේ ලෝරල්ට හිරගෙදර ඉන්න බෙන් ටර්නර්ගෙන් දැනගන්න ලැබෙනවා ඩියැස්ව මැරුවේ කවුද කියලා. බැලින්නම් ඒක කරලා තියෙන්නෙ එමිකෝ නොවෑ. එමිකෝගෙන් මේ ගැන අහන්න ගියාම තමා ලෝරලුත් උඩ යන්නෙ. මතකනේ එමිකෝ ලෝරල්ට බ්ලැක් සයිරන් කියනවා.
ඔය අල්ලපනල්ලේ අනාගත සිදුවීම්වල කට්ටිය බෝම්බ සහ ෆෙලිසිටිව බරටම හොයනවා. ඔය අතරේ අයියා නගෝ දෙන්නා තනියම යනවා අර ටේප් එක අහන්න පුළුවන් රෙකෝඩරයක් හොයන්න. කොහොමහරි එක එක බාධක මැද්දේ අන්තිමේ දෙන්නා ටේප් එක අහනවා. අහලා අන්තිමේ තීරණය කළා මතක ඇතිනේ ෆෙලිසිටිව මුදාගන්න ග්ලේඩ්ස්වලට යන්න.
ඔන්න අද කතාව යන්නෙ එතන ඉදලා. අයියා නගෝ දෙන්නා කණ්ඩායමට හොරෙන්ම ග්ලේඩ්ස්වලට එනවා. ඇවිල්ලා දෙන්නගේ කල්පනාව තනියෙන්ම ෆෙලිසිටිව බේරගන්න. හැබැයි පස්සෙන්ම වගේ ඇවිල්ලා තිබ්බ කොනර් හෝක් මේ දෙන්නට මේ වැඩේට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හොදයි එහෙමනම් මං අද වෙන දේවල් වැඩිය කියන්නෙ නෑ. කට්ටිය කතාව බලලම ඉන්නකෝ. එහෙනම් ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහමෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Torrents Download
Direct Download
| HDTV | x264 | SVA | 260MB |
| HDTV | x265 | 720p | 190MB |
One thought on “Arrow [S07 : E16] | උරුමයක උපත…”
Thanks !!!!!!