MENU

Ascension (TV Mini-Series 2014) [S01 : E05] | ඔස්ටෙරා

හැමෝම හොදින් ඉන්නවද, ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ පස්වෙනි කොටස අරගෙන තමයි අද ආවේ. දැන් කතාවේ කොටස් හතරක් ඉවර කරපු නිසා යානාවේ පරිසරය නීති රීති ගැන වගේම වෙන දේවල් ගැන පොඩි අදහසක් ඇති නේ මේ ලිපියෙන් වැඩි විස්තර කිරීමක් කරනන් බලාපොරොත්තු වෙන්නේ නෑ. පහුගිය කොටසෙ විශේෂම සිද්දිය වුනේ ක්‍රිස්ටා වටා ගෙතුණු සිද්දි දාමය. කලින් කොටසෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ක්‍රිස්ටා විශේෂ ළමයෙක් කියල, මොකද මුලින්ම එයා දැනගන්නව එන්නත් මාත්‍රා වල මොනවා හරි ප්‍රශ්නයක් තියනව කියල. පස්සේ ඩොක්ටර් එන්ස්මන් ට කොහොම හරි ක්‍රිස්ටට බෙහෙත දිගන්න ඕන නිසා ඒක කිරි වීදුරුවකට කවලම් කරල දෙන්න උත්සාහ කරා. ඒත් ක්‍රිස්ටට ඒක ඒකත් දැනුන නේ, මතක ඇති නේ හංගල තිබුන කැමරාව දිහා බලාගෙන කිරි වීදුරුව බිමට හලපු හැටි :3. කොහොම කොහොම හරි මෙච්චර කාලයක් යානාවේ හොල්මන් කරපු අභිරහස් මිනිහ කවුද කියලත් ගිය කොටසේදී දැනගන්න ලැබුන නේ. ඒ ජුලියට් බ්‍රයිස් ගේ මහත්තය රොබර්ට් බ්‍රයිස් කියල. ඒ වගේම කිස්ටා දැනගෙන හිටිය එයා කොහොමටවත් දැනගන්න බැරි කාරනා. 9/11 සිදුවීම, කෙනඩි ඝාතනය වගේ දේවල්. මේ දේවල් කොහොමටවත් යානාවේ ඉන්න අය දන්නේ නෑ මොකද යානාව 1960 ගණන් වල ඉදල පිටස්තර ලෝකයත් එක්ක කිසිම සම්බන්දයක් නැතුව නේ තිබුනේ. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් වෙනව ලෝරලයිව මරල තියෙන්නෙත් රොබට් කියල. කොහොමහරි ක්‍රිස්ටගේ හැකියාවන් දැකල එන්ස්මන් නම් සතුටු වෙනවා. ඔය අතරේ කැප්ටනුයි වියෝන්ද්‍රයි අතරෙත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනව නේ ජැකී නිසා. කොහොමහරි අවසානෙට දැනගන්නව මෙච්චරකාලයක් රෝස් වෙනුවෙන් ඔත්තු බලල තියෙන්නේ ජැකී කියල. මේ අතරේ කෘගර් එයාගේ වාර්තාව සම්පුර්න කරගෙන යනව නේ හැබැයි එයාට මේ වියාපෘතිය ගැන වත් ඩොක්ටර් එන්ස්මන් ගැන වත් වැඩි පැහැදීමක් නෑ ඒක නිසාම එයා මේ වියාපෘතිය ගැන ඇත්ත ලෝකයට කියන්න කියල හිතාගෙන එළියේ කෙනෙක් එක්ක වැඩ කරනව දකින්න ඇති නේ. හැබැයි මේක හැමෝටම හොරෙන් කරන්නේ ඔය අතරේ කෘගර් ටත් හිතෙනව නේ යානාව ඇතුලේ එන්ස්මන් ගේ කවුරුහරි කෙනෙක් ඉන්නව කියල. ඉතින් පහුගිය කොටසෙ සිද්ද වුනේ මුලිකවම ඔය ටික තමයි.

අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි මෙච්චර කාලයක් කතාවේ කතාකරපු උපත් ලැයිස්තුව කියන්නේ මොකද්ද කියල. ඒ වගේම තවත් විශේෂ සිදුවීම් ගොඩක් බලාගන්න පුළුවන් වෙයි. නිකන් ස්පොයිල් කරන්නේ මොකටද නේ :v එහෙනම් කතාව බලන්නකෝ. ආපහු ඇසෙන්ෂන් අවසාන කොටසෙන් හමුවෙමු. ජය.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HD | x264 | 720p | 3.3GB | Complete |

  B734CB9AA9985B7298E495E5A62F2669987244B1

Direct Download    

| HD | 720p | x264 |  617MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *