MENU

Ask Laftan Anlamaz [S01 : E02] | සුනාද? හයාත්ද?

ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද..? ඒක තමයි ගෙවිච්ච වැලන්ටයින් දවසේ සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප් අපි අහන්න ගත්තු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට හිතපු නැති තරම් ප්‍රතිචාර ගොඩක් ලැබුණා සහ ලැබෙනවා. ලොවක් පිස්සු වට්ටපු මේ ආදර කතාව දැන් අපි කා අතරත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා අවසානයි. බොරු කියනවා වගේ හිතෙනවා නම් අපි දීපු පලවෙනි කොටසට ගිහිල්ලම බලන්නකෝ. ප්‍රතිචාර දැක්කම අවංකවම ලොකු සතුටක් දැනෙනවා, මොකද මේකේ එක කොටසකට සබ් ලයින් 2000කට ආසන්න ගානක් තියෙනවා. ෆිල්ම් එකක් වගේමයි. ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒත් කට්ටියගේ ප්‍රතිචාර ඉස්සරහ ඒ මහන්සිය මොකක්ද කියල හිතෙනවා. එහෙනම් වටේ ගියා ඇති නොවැ. මේ සුදානම කවුරුත් පුල පුලා බලන් හිටපු දෙවන කොටසට පියවර තියන්නයි. තාමත් පලවෙනි කොටස බලලා නැත්තම්, අපි කියනවට බලලා ඉන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔයා කොල්ලෙක් නම්, ළගදීම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උනත් නාහෙන් අඬන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි, මේකේ සම්පුර්ණ කොටස් ටික බලන්න ඕනයි කියලා. කෝකටත් ඒ ටික මතකේ තියාගන්නවා හොඳයි.

කලින් කොටස ගැන කෙටියෙන් මතක් කරන්නම්. හයාත් කියන්නේ සාමාන්‍ය පවුලක ගෑණු ළමයෙක්. ඉස්තාන්බුල් නුවර තමන්ගේ යාළුවො දෙන්නා එක්ක ජොබ් එකක් නැතුව වේලි වේලි ජීවත් වෙනවා. මේ හින්දම එයාට ගමට එන්න කියලා ගෙදරින් එන බලපෑමුත් ගොඩක් වැඩියි. කිසිම රස්සාවකුත් මෙයාට හරියන්නෙත් නෑ. ඔය අතරේ තමා Sarte සමාගමේ ඉන්ටවීව් එකක් මෙයාට සෙට් වෙන්නේ. මෙයා ඒකට යන දවසේ එයාට ලොකු ලොකු ඇබැද්දි වලට මුහුණ දුන්නා ඔයාලට මතකත් ඇති. ඕවා අස්සේ අහම්බෙන් හම්බවුණු මුරාත් කියන කොලුවා එක්ක ගේම ඉල්ලලා ජන්මාන්තර වෛරයක් ඇති කරගත්තත් මතක ඇති. හයාත් නොදැන හිටියට ඔය කිව්ව මුරාත් තමා Sarte සමාගමේ ලොක්කා. ඉතින් ජොබ් එකට යන්න කලින්ම ලොක්කව තරහකාරයෙක් කරගත්තා කියන්නේ ඉතින්…. ඒක පොඩ්ඩක් පැත්තකට තියමුකෝ. හයාත්ට රස්සාව සෙට් වෙන්නෙත් අමුතුම විදිහකට කියලා ඔයාලට මතක ඇතිනේ. හරියට කිව්වොත් රස්සාව හම්බවෙන්න නියමිතව තිබ්බේ සූනා පෙක්ටස් කියලා කෙල්ලෙක්ට. සිද්ධ වෙච්ච පොඩි සිද්ධියකින් ඔෆිස් එකේ අය හයාත්ව සූනා කියලා වරදවා වටහාගෙන රස්සාව දීලා දැම්මා. හයාත් ඇත්ත කියන්න කට ඇරියත්, රස්සාවේ පඩියේ බිංදු ගාන දැක්කම එයාගේ කට වැහුනා. ඔන්න හයාත් ගේම ගහගෙන යන්නයි ලෑස්තිය. ඔය අතරේ ඔෆිස් එකේදී එයාට මුරාත්වත් හම්බුනාට එයා හිතුවේ මුරාත් නිකම්ම නිකම් ලිපිකරුවෙක් කියලා. ලිෆ්ට් එකේදිත් පොඩි රොමෑන්ටික් සීන් එකක් වෙනවා මතකනේ නේහ්. පලවෙනි කොටස ඉවර උනේ නම් කට්ටියට කුතුහලයක් දීලනේ. ඇත්තම සූනා පෙක්ටස් ඔෆිස් එකට කඩා වදිනවා. ගිනි විජ්ජුම්බරයයි!!!

ඉතින්…. අද එතැන් සිට… සූනාගේ ආගමනයෙන් මොකකින් මොකක් වෙයිද? හයාත්ගේ බොරුව අහුවෙයිද? නැත්තම් වෙන මොකක්හරි? තවත් නම් ඔයාලව කුතුහලෙන් තියන්නේ නෑ. එහෙනම් බලන්න අවසරයි. තුන්වෙනි කොටසත් අරන් ආපහු එන්නම්. එතකම් කතාව බලලා ඔයාලගේ ප්‍රතිචාරත් දක්වලා තියන්න. ඒ වගේම ලිපිය ලියල දුන්න මයුර සුරාජ් සොහොයුරාටත් විශේෂ ස්තූතිය පිරිනමනව.. තුන්වෙනි කොටසෙන් හමුවෙනකන් ඔබ සැමට සුභ දවසක්.. ජයවේවා!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360p  | 409MB |

97B6889DA045574E3ED7C3C66A038CA2D94BDF02

| HDTV | x264 | 480p | 570MB |

CF292C95D8D488088D063BDD8EAFFC9D46C73B1C

| HDTV | x264 | 720p | 857MB |

470C16E5DD4C3600DC8759C84E6E9D19643C8A6F

Direct Download

| HDTV | x264 | 360p  | 434MB |

 

| HDTV | x264 | 480p | 602MB |

 

| HDTV | x264 | 720p | 920MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ask Laftan Anlamaz [S01 : E02] | සුනාද? හයාත්ද?

  • sub eka dunna gaman meketh download link denna plz

    Reply
  • Meka newathilada bn sub dapanko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *