MENU

Ask Laftan Anlamaz [S01 : E03] | කවුද දිනන්නෙ??

ඉතින් මම හිතනව අපේ මේ ප්‍රයත්නයට ඔයාලගෙ සහයෝගය ලැබෙයි කියල. හරි.. පහුගිය කොටසෙ මොනවද උනේ කියල මතකද.. මතක ඇතිනෙ පළවෙනි කොටස ඉවර වෙන්නෙ හයාත්ගෙ හොර අල්ලන්න සුනා Sarte වලට එන කොටසෙන් කියල. සුනා මුරාත්ට හයාත් ගැන කියයි කියල අපි හිතුවත්, කොහොමහරි හයාත්ට පුළුවන් වෙනව සුනාව පාලනය කරගන්න. හැබැයි ඒකට සෑහෙන මහන්සියක් වෙනවනෙ හයාත්. මතක ඇතිනෙ ඉපෙක් එක්ක සුනාව හොයාගෙන එයාගෙ ගෙදරට යනව. සුනා ත් හයාත්ගෙ ඉල්ලීමට අකමැති වෙන්නෙ නෑ. මොකද එතකොට පුළුවන්නෙ එයාගෙ පෙම්වතත් එක්ක එයාගෙ වැඩක් කරගන්න. කොහොමහරි හයාත් ඒ පැත්තෙන් ජාමෙ බේර ගද්දි අනිත් පැත්තෙන් දිදෙම්  හයාත්ට ලොකු ඇණයක් වෙනව. දිදෙම් බලන් ඉන්නෙ කොහොමද මුරාත් කියන සල්ලි ගහ හොල්ලන්නෙ කියල.. මතකනෙ මුරාත් හයාත්ව බේරගන්නව දිදෙම් දකිනව.

මේක අවස්ථා දෙකකදීම වෙනව. ඒකෙන් දිදෙම්ගෙ හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලය වෙන්නෙ දිදෙම් ගහන ගැටයකට හයාත්ව අහු වෙන එක. ඒ අස්සෙ මුරාත්ගෙ පුංචි අම්මට ඕන වෙලා තියෙන්නෙ එයාගෙ පුතාව Sarte වල ලොක්ක කරන්න. හැබැයි මුරාත්ගෙ වෙළඳ උපක්‍රම දකින ඩෙර්යාට අවබෝධ වෙනව ඒක නම් ලේසි වෙන්නෙ නෑ කියල. ඉතින් එයා යන්නෙ අයියවයි මල්ලිවයි තරහ කරවන්න. හයාත්ගෙ අරාබි පරිවර්තනය, දිදෙම්ව බේරගන්න ගිහිල්ල අන්තිමේ පොකුණට වැටිල පීන පීන නාන එක.. මේ වගේ සිද්ධි නිසා දෙවෙනි කොටස හරිම රසවත්ව ගලාගෙන යනව. ඒ ඔක්කොම අස්සෙ හයාත්ගෙ අම්ම හයාත්ව හොයාගෙන Sarte වලට එනව. කතාවෙ අවසානයේදි දකින්න ඇතිනෙ අපි කවුරුත් හිතපු නැති විදියට හයාත් කියනව Sarte වලින් ඉල්ලා අස් වෙනව කියල.  ඉතින් ඔයාලට අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි මේ අලකලංචි වලට හයාත් මුහුණ දෙන විදිහ.

හයාත් Sarte වලින් යන්නම යයිද ?
හයාත්ගෙ අම්මට එයා කොහොම මුහුණ දෙයිද?
මුරාත් දිදෙම්ගෙ බොරුව ගැන දැනගනියිද?

තවත් ඒ වගේ රසවත් සිද්ධි ගොඩක් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්.. ඒ වගේම අද කතාවෙ හයාත් සහ මුරාත් අතර පොඩි තරගයකුත් බලාගන්න පුළුවන් වෙයි. මේකෙදි දෙන්න ඔට්ටුවක් දානව.. මොකක්ද මේ ඔට්ටුව? කවුද දිනන්නෙ කියල බලන්න නම් කතාව බලන්නම වෙනව. එහෙනම් පුරා පැය 02ක් හයාත් මුරාත් ආදර අන්දරයේ තුන්වන දිගහැරුම විදගන්න කියල ඔයාල ඔක්කොටම ආරාධනා කරන ගමන් මම සමුගන්නව. හතරවන කොටසෙන් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්.. ජය වේවා..!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360p  | 450MB |

A6FA4FADE329C4BDD918A6028D36F78B1117F33C

| HDTV | x264 | 480p | 620MB |

9E9B41EC050146416FD2A0540681A795FC9CE878

| HDTV | x264 | 720p | 950MB |

145BD457041D14704F2D2092DB5ECC6822510925

Direct Download

| HDTV | x264 | 360p  | 450MB |

 

| HDTV | x264 | 480p | 620MB |

 

| HDTV | x264 | 720p | 950MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ask Laftan Anlamaz [S01 : E03] | කවුද දිනන්නෙ??

  • ashan lankanath

    Thanks ………….good luck ………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *