MENU

Ask Laftan Anlamaz [S01 : E05]| එක හිතක් ළඟ තනිවුන ආදරයක්…

නව වැනි වසරට පා තබන සිංහල උපසිරැසි කරණයේ මහගෙදර Baiscopelk වෙබ් අඩවියට සුබ පැතුම්.. ඔන්න කොල්ලො කෙල්ලො මග බලාගෙන හිටපු පස් වෙනි කොටසත් අරගෙන ආව. දවසින් දවස කතාවට ලැබෙන ප්‍රතිචාර බලාගෙන ඉද්දි වැඩි වෙනව. ඒ ගැන නම් තියෙන්නෙ ලොකු සතුටක්. උපසිරසියක් කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. උපසිරැසිකරුවෙක්ට තියෙන එකම ධනය තමයි ඔයාලගෙ වටිනා අදහස්. ඉතින් ඒ අදහස් හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාවට නව පණක් එක් කරයි.

හරි, එහෙනම් අපි දැන් බලමු ගිය සතියෙ මොකද වුනේ කියල.. මතකනෙ හයාත්ගෙ හොර අල්ලන්න යන දිදෙම්ට වෙන අලකලංචි. අපි නම් හිතුවෙ හයාත්ගෙ බොරු ඔක්කොම මාට්ටු වෙයි කියලනෙ. ඒත් සුනා එක්ක එකතු වෙන හයාත්ට පුළුවන් වෙනව බොරුවක් ගොතල වැඩේ ගොඩ දාගන්න.. දිදෙම් කියන්නෙ කපටිකමේ උල්පතක් කියල ඔයාලට පළවෙනි කොටසෙන්ම අවබෝධ වෙන්න ඇතිනෙ.. මෙතනදිත් එහෙමයි. කොච්චර හොදින් හයාත් එක්ක කතා කෙරුවත් දිදෙම්ගෙ හිතේ තියෙන කපටි අදහස ගැන නම් හාන්කවිසියක්වත් දැනගන්න හයාත්ට පුළුවන් වෙන්නෙ නැහැ. කොහොමහරි සුනාගෙ ගෙදරින් එලියට බහින දිදෙම් එයාගෙ කෲර සැලැස්මෙ පලවෙනි වෙඩිල්ල සෙන්ක්ට කතා කරල ආරම්භ කරනව. හයාත් මුරාත්ට කියන පට්ටපල් බොරුව, එයාගෙ තාත්තට අසනීපයි කියන එක මතක ඇතිනෙ.. මුරාත් දොරුක්ගෙ මාර්ගයෙන් දැනගන්නව ඒ කිව්වෙ බොරුවක් කියල.. ඒක නිසා මුරාත්ට හයාත් පිළිබඳව තරහක් ඇති වුනත් හයාත්ගෙන්ම මේක ගැන දැන ගන්න මුරාත් කල්පනා කරනව.. කොහොමහරි හයාත්ගෙන් මේක ගැන ඇහුවත්, මුරාත් ඒ පිළිබඳව දැනුවත් කියල නොදන්න අසරණ හයාත් පරණ බොරුවම කියනව. ඒකෙන් තවත් මුරාත්ගෙ හිත බිදෙන එකයි වෙන්නෙ. අවසානයේ නෙජාත් හරහා හයාත් දැනගන්නව මුරාත් එයාගෙ බොරුව දන්නව කියල. මේ මෝඩ වැඩේ ගැන පසු තැවෙන හයාත්, එයාගෙ අතින් වුන වැරැද්ද නිවැරදි කරගන්න මුරාත්ව හමුවෙන්න යනව.. ඒත් ඒකෙන් වෙන්නෙ දෙන්න අතර විරසකය තවත් වැඩි වීමයි. මේ ඔක්කොම අස්සෙ දිදෙම් අර අදින්නෙ මුරාත්ගෙයි එයාගෙයි සම්බන්ධෙ කොහොමහරි ගොඩ නගා ගන්න. 64 මායම දාල වැඩේ ගොඩ දාගන්න උත්සහ කරන දිදෙම් යම් තරමකට සාර්ථක වෙනව ඔයාල දකින්න ඇති.. මේ අතර මුරාත්ගෙ කුඩම්මා ඩෙර්යා දොරුක් සහ මුරාත් අතර තියෙන සහෝදර බැම්ම බිදින්න උත්සහ කරනව.

ඒකට යොදාගන්න උපක්‍රමයත් සාර්ථක වෙනව.. මුරාත්ගෙ ආච්චි අම්මයි හයාත් නොහිටින්න දෙන්න සදාකාලික වෛරක්කාරයො වෙන්නත් ඉඩ තිබ්බ. මතක ඇතිනෙ අන්තිමට තිබුන දිදෙම්ගෙ 21 වැනි උපන්දින පාටිය. දිදෙම් මේක සැළසුම් කරන්නෙත් මුරාත්ව ආයෙත් යාළුකරගන්න. දිදෙම් සංවිධානය කරන තරගයේදි දිදෙම් එක්ක මුරාත් එකට තරග කරන්න සැළසුම් හැදුවත් තුවෙල් මැද්දට පැනල දිදෙම්ගෙ සැලසුම විනාශ කරනව. අන්තිමට දෛවයේ සරදමකටදෝ හයාත් මුරාත් එක කණ්ඩායමක් විදිහට තරග කරනව. මේ වැඩේ නිසා හයාත් මුරාත් අතර ආයෙත් ආදරය දළුදාල එනව. ඒ ආදරයටත් වැඩි වෙලාවක් රැදෙන්න දිදෙම් ඉඩ තියන්නෙ නෑ. දිදෙම්ගෙ සැළසුමේ තවත් අදියරක් විදිහට සෙන්ක් හයාත්ව රවටගෙන පාළු ස්ථානයකට රැගෙන යනව. එහිදි සෙන්ක් හයාත්ට කරදර කරන්න හැදුවත් හයාත්ට පුළුවන් වෙනව ඒකෙන් ගැලවෙන්න.සෙන්ක් එක්ක එකට ඉන්න හයාත්ව දකින මුරාත් නැවතත් කෝපයට පත් වෙනව. අවසානයේ හයාත්ගෙ ඇහේ කදුලක් ඉතිරි කරවල තමයි කතාව අවසන් වෙන්නෙ. අද කොටස පටන් ගන්නෙ හයාත්ගෙ ඒ කදුළුත් එක්කමයි. අද කතාවෙන් හයාත් මේ සිදුවීමට මුහුණ දෙන විදිහ බලාගන්න පුළුවන්. දිදෙම් හා සෙන්ක් අතර තිබූ තවත් රහස් ගනුදෙනුවක් අද කොටසෙන් එළියට එනව ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉපෙක්ගෙයි කෙරෙම්ගෙයි ආදර කතාවට අද කොටසෙන් ලොකු ඉඩක් වෙන් වෙනව. මුරාත්ට පුළුවන් වෙයිද දිදෙම්ගෙ සැළසුම් ගැන දැනගන්න..? හයාත් මුරාත් ආයෙත් එකතු වෙයිද? ඒ වගේම දිදෙම්ගෙ කුකරි ක්ලාස් එකත් අද කතාවට අමුතු පණක් ගෙන එයි.. එහෙනම් හය වෙනි කොටසෙන් නැවත හමුවන තුරු ඔබ සැමට සුබ දවසක් !

Direct Download

| WEB-DL | x264 | 240p  | 277MB |

 

| WEB-DL | x264 | 540p | 570MB |

 

| WEB-DL | x264 | 720p | 690MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Ask Laftan Anlamaz [S01 : E05]| එක හිතක් ළඟ තනිවුන ආදරයක්…

  • ashan lankanath

    thanks………………….good luck…………………………

    Reply
  • krishantha

    Thank you… Thank you…

    Reply
  • 720P wage hoyganna ndda?

    Reply
  • Next episode eka ikmta dannko

    Reply
  • Thank you Bro…
    ikmanata denna puluwan nam ilaga eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *