MENU

Ask Laftan Anlamaz [S01 : E08] | දෙලොවක් අතර සිරවූ මුරාත්..

Yකොහොමද යාළුවනේ.. සතියක විරාමයකින් පස්සෙ ඔයාලව හොයාගෙන ආව 8 වෙනි කොටසත් අරගෙන.. මම දන්නව කට්ටියම ඇඟිලි ගැන ගැන ඉන්නෙකියල අලුත් සබ් එකක් වැටෙනකන්. එහෙනම් ගිය සතියෙ මොනවද වුනේ කියල මතක් කරගෙනම අලුත් කොටසට යමුකො.. හැමදාම වගේ දෙන්න හරි පාරට වැටුන විතරයි දිදෙම් මැදට පනිනව. හැබැයි මෙදා පාර නම් දිදෙම් මුරාත්ගෙ ගෙදරට කඩා පනින්නේ මුරාත්ට සුභ දායක ආරංචියක් අරගෙන නම් නෙවෙයි.. ඒ මුරාත් නිසා දිදෙම්ට ළමයෙක්ලැබීමට ඇති බව සදහන් කරමිනුයි. දිදෙම්ගේ මේ කතාව නිසා තරහයන මුරාත් දිදෙම්ව පන්නා ගන්නේ නැවත ගෙදර පස් නොපාගන ලෙසත් සදහන් කරමින්.. මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලන් ඉන්න හයාත්ට කිසිම දෙයක් සිතා ගත නොහැකි වෙනව.. හයාත් වහාම තීරණය කරනව මුරාත්ගේ ගෙදරින් පිටව යෑමට. ඇදුම් මල්ලත් පැක් කරගෙන මුරාත්ට බායි කියල යන හයාත්ව නවත්තගන්න මුරාත් ගන්න උත්සාහය ඔයාල ඔක්කොටම මතක ඇතිනෙ. මේ විදිහට බලාපොරොත්තු සුන්වෙන හයාත් අවසානයේ ටැක්සියක නැගල එන්නෙ දෙන්න මාළු බාපු තැනටයි.. හැබැයි ඒ මාළු බාන්න නම් නෙවෙයි.. මුරාත්ගෙන් ලැබුනු ෂර්ට් එකත් විසික් කරන හයාත් දුකෙන් පැත්තක තියෙන බංකුවක වාඩි වෙලා ඉද්දි ඇයව නැවත නිවසට කැදවාගෙන යෑමට පැමිනෙන්නේ හයාත්ගේ යෙහෙලියන් දෙදෙනායි.

හයාත්ට දැන් තියෙන ලොකුම ගැටළුව තමයි මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇයට සිදුවුනේ කුමක්දැයි දැනගැනීම. ඉතින් හයාත් උත්සාහ කරන්නෙ ඒ නැතිවුන මතකෙ නැවත ලබා ගැනීමටයි. මේ අතර දිදෙම්ගේ පරීක්ෂණ පිළිබදව සෑහීමකට පත් නොවෙන දොරුක් තවත් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට ඔහුත් සමග පැමිනෙන ලෙස දිදෙම්ගෙන් ඉල්ලා සිටිනවා.. කෙසේ හෝ ඇයගේ ගර්භණී බාවය ඔප්පු කරන දිදෙම් මුරාත්ගේ මානසික මට්ටම තව දුරටත් පහලට ඇද දමනවා. මේ අතර නැති වුන මතකය හොයාගෙන යන හයාත් මුරාත්ගෙන් ඉල්ලා සිටිනව මහ රෑ ඇයව හමු වීමට නගරයට පැමිණෙන ලෙස. ඉපෙක්ගේ මෝටර් රථය ඇයට නොදන්වාම රැගෙන යන හයාත් අවසානයේ අනතුරක් සිදුකරගන්නවා. හයාත්ගෙ සුවදුක් බලන්න එන මුරාත් ඉපෙක්ගෙන් කන පුරා හොදවයින් බැණුම් ටිකක් අහගන්නවත් මතක ඇතිනෙ. රෝහලෙන් සුව වී නිවසට පැමිණෙන හයාත් තමන්ගේ යෙහෙළියන්ගේත් උපකාර ඇතිව ඇයට පහුගියදා රාත්‍රියේ සිදුවූ සියළු සිදුවීම් මතකට නගා ගන්නව. එම සිදුවීම් මතක් වීමෙන් අමන්දානන්දයට පත් වෙන හයාත් පසුදිනම ගොස් මුරාත්ව මුණ ගැහෙන අරමුනෙන් නින්දට යනව.. එහෙත් පසුදා උදෑසනම තම කාර්යාලයට යන හයාත් දකින්නේ මුරාත් නොමැති කාර්යාලයයි.. කෙරෙම්ගේ හා දොරුක්ගේත් උදව් ඇතිව දවසම මුරාත්ව සොයන හයාත් අවසානයේ බලාපොරොත්තු සියල්ලම සුන් වීමේ දුකෙන් ඔවුන්ගේ මතකයන් විශාල ප්‍රමාණයක් රැදි වෙරළ තීරය වෙත පැමිණෙනවා. දෛවයේ සරදමකටදෝ එහීදී මුරාත්ව මුණගෙහෙන හයාත් ඇයගේ සිතේ ඇති සියල්ල කීමට මත්තෙන් දිදෙම් නැවතත් ඔවුන් දෙදෙනා අතරට කඩා පාත් වෙනවා. ඒ දිදෙම් හා මුරාත් විවාහ වීමට යන ආරංචියත් රැගෙනයි. මෙසේ ප්‍රශ්නාර්ථයක්ද සමගින් අවසන් වන හත්වන කොටස අටවන කොටසට මනා අඩිතාලමක් දමනවා.. අට වන කොටස ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

හයාත් මුරාත් දිදෙම් තුන්කොන් ආදර කතාවේ වැදගත් සංධිස්ථානයකටයි මේවන විට පැමිණ ඇත්තේ.. මුරාත් හා දිදෙම් අතර මේ විවාහය සිදු වෙයිද.. හයාත් මෙයට කොහොම මුහුණ දෙයිද.. මේ වගේ සිදුවීම් රැසක් පැය දෙකකට අධික කාලයක් දිවෙන අටවන කොටසෙන් ඔබට බලා ගැනීමට පුළුවන්.. ලිපිය මෙලෝ රහක් නැතිවුනාට මේ කොටස නම් එහෙම නෑ සහෝදරවරුනි. ඒ වගේම මට උපසිරැසිය සෑදීමේදී සහයෝගය දැක්වූ කාවින්ද බිම්සර සොහොයුරාවත් ආදරයෙන් මතක් කරනව.

තවත් එක් උපසිරැසියකින් පසු අලුත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනව කතාවෙ උපසිරසි ලබා දීමට. එහෙනම් ඒ බලාපොරොත්තුවත් සමගින් මා සමුගන්නව නව වන කොටසෙන් නැවත හමුවීමේ බලාපොරොත්තුවක්ද ඉතිරි කරමින්.

Direct Download

| WEB-DL | x264 | 240p  | 359MB |

 

| WEB-DL | x264 | 540p | 560MB |

 

| HDRip | x264 | 720p | 1GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *