MENU

Ask Laftan Anlamaz [S01 : E11] | මුරාත්ගේ ආදරය වචන වලට පෙරලයිද?

හයාත් මුරාත්ගේ ආදරය හිතේ තියාගෙන ඉවසිල්ලෙන් බලා ඉඳපු ඔයාලා වෙනුවෙන් ඔන්න එකොලොස්වෙනි කොටස අරගෙන ආවා. කොහොම පටන් ගෙන කොහොම ඉවරයක් කරන්නද කියලා මටම හිතා ගන්න බෑ. ඒ නිසා පහුගිය කොටසේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඊලඟට මොකක්ද වෙන්න යන්නේ කියලා ඉඟියක් දෙන්නම්. එහෙම හොඳයිනේ?
     දිදෙම්ගේ කපටි මොළේට පින් සිද්ධ වෙන්න එයා ගැබ් ගෙන නැහැ කියලා මුරාත් දැන ගත්තේ නැහැනේ. මුරාත්ගේ මොළේ නම් කවද පෑදෙයිද මන්දා! ඔය අතරේ ඊබ්‍රහීම් ඒ කිව්වේ වොට්සන් කොලුවා හයාත්ලගේ පවුලට එකතු වෙනවා. ” මගේ කාපට් එක තමයි තණකොළ, මගෙ සිවිලිම තමයි අහස, මගේ පුතා එක්ක මං සතුටින් ” මතකයිනේ වොට්සන් කියපු ලොකු ලොකු කතා ටික. කොහොම වුනත් ඊබ්‍රහිම්ව දකින කෙරම් නම් මුලින්ම එයා ගැන පැහැදෙන්නේ නෑ. මොකද ඊබ්‍රහිම් කියන්නෙත් කොල්ලෙක්නේ. කෙරම් කොයි වෙලාවෙත් හිතන්නෙ මේ ලෝකෙ ඉන්න හැම කොල්ලම ඉපෙක්ට ඇහැ ගහගෙන ඉන්නවා වගේ. කෙරම් ඉපෙක් ගැන වද වෙන තරම් මුරාත් හයාත් ගැන වද වුනා නම් මොකක් වෙයිද කියල හිතෙන්නේ ඔය වෙලාවට තමයි. ඒකටම හරියන්න මතකයිනේ මුරාත් හීනෙන් හයාත් යන්න යනවා දැකලා වුන දේ. අපේ හයාත් කෙල්ලත් කොයි තරම් දුක් වින්ඳත් මුරාත් ව දාලා යන්න කැමති නෑ. හැමදාම වගේ මුරාත්, හයාත්ට පුංචි පහේ රණ්ඩුවක් අදින්න මාතෘකාවක් සපයලා දෙනවා. හයාත් ඒ අවස්ථාව අරන් රණ්ඩුව ලස්සනට දිගට ඇදගෙන යනවා. තරහ වෙලා හිටියත් අන්තිමේ දෙන්නටත් නොදැනීම දෙන්නා ගොඩක් සමීප වෙන්නේ ඒ පුංචි පුංචි රණ්ඩු වලින් කියලත් හිතෙනවා.
   මතකයිනේ ඉපෙක් එයාට සල්ලි දුන්නේ කෙරම් බව දැන ගත්ත බව. ඉතින්, ඉපෙක් එයාගේ තාත්තට එන්න කියලා කෙරම් කරපු දේ එයා දන්න බව කියනවා. ඔය අතරේ තුවාල් නාහෙන් අඩ අඩ මුරාත්ගේ මංගල ඇදුම පිලියෙල කරනවා. එතනට එන මුරාත්ගේ ලස්සන ආච්චි අම්මට, හයාත්ව මුණ ගැහෙනවා. හයාත් කොහෙත්ම බලාපොරොත්තු නොවුන විදියට ආච්චි අම්මා කියනවා, මුරාත් දිදෙම් ව විවාහ කර ගත්තත්, ඒ විවාහේ වැඩිකල් තියෙන්නේ නෑ ය, එයා දිදෙම්ගෙන් දික්කසාද වේවි ය කියලා. ඒ දේවල් වෙනකන් මුරාත්ට ආදරේ කරන කෙනා බලාගෙන හිටියොත් හැමදේම විසඳෙයි කියලා ආච්චි අම්මා නොකියා කියන්නේ හයාත් ගැන. හයාත් කෙල්ලට ඉතින් ඕක ඇහුනම ඉහේ මලක් පිපුනා වගේ වුනා. හයාත් ඉපේ පිපුන මලත් එක්ක හිනා වෙවී ඉද්දී, දිදෙමුයි, ඩේර්‍යායි හදන්නේ මාධ්‍ය අවුස්සලා අවධානේ අරන් මුරාත්ව හිර කරන්නයි.
   මුරාත්-හයාත් ප්‍රේම කතාව ඇතුළේ තව තව ප්‍රේම කතන්දර කීපයක්ම තියනවනේ. එහෙම කතාවකට මුල පුරන්න හදන දෙන්නෙක් තමයි දොරුක්- අස්ලි දෙන්නා. හයාත්ව මුණ ගැහෙන්න ගියාම අස්ලිට, දොරුක් ව තමා මුලින්ම මුණ ගැහෙන්නේ. ඔය අතරේ අස්ලිව දකින දිදෙම්, එයාගේ අතේ තියන මලු ටික අස්ලිගේ ඇගේ ගහනවා. අස්ලිට කේන්ති ගිහින් මලු සේරම බිමට දාපු පාර ඒවා ඇතුළේ තිබිලා බෙහෙත් වගයක් වැටෙනවා. අස්ලි ඉතින් නර්ස් නෝනෙක්නේ. දැක්ක ගමන් තේරුම් ගන්නවා දිදෙම්ගේ වංචාව. අස්ලි මේ බව ඉපෙක්ට කිව්වම දෙන්නා එකතු වෙලා දිදෙම්ගේ වංචාව අතටම අල්ල ගන්න සැලැස්මක් හදනවා. ඒ වැඩේ හරියනකම් මේ ගැන හයාත්ට මොකුත් නොකියන්නත් හිතා ගන්නවා. ඒ සැලැස්මේ කොටසක් විදියට දිදෙම්ගේ ගර්භනී පරීක්ෂාව කරපු කෙනාව අල්ල ගන්න පුලුවන් වෙනවා. ඒත් අවාසනාවට වගේ එයා ඒ සේරම හැරෙන තැපෑලෙන් දිදෙම්ට කියනවා. මේක අහලා දිදෙම්ට උන් හිටි තැන් අමතක වෙනවා. හැබැයි, තාමත් දිදෙම්ට උදව්වක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඩේර්‍යා!
  පහුගිය කොටස ඉවර වුනේ කෙරම්, මුරාත්ව එක තැනකට එක්ක ගෙන ආවා, එතනදි තමයි අස්ලි, ඉපෙක් දෙන්නා දිදෙම්ගේ ගර්භනී පරීක්ෂාව කරපු කෙනාව මුරාත්ට මුණ ගස්වන්න හිටියේ. ඒත් ඊට කලින් මුරාත්ට ආව ඇමතුමකින් කියවුනේ දිදෙම්ගේ දරුවා ගබ්සා වුනා කියලයි. මේ පාරත් දිදෙම් බේරෙයිද?
   අද මොකද වෙන්නේ කියලත් ඉඟියක් දෙන්නම්කෝ යන්න කලින්. ඔන්න අස්ලියිගෙයි, ඉපෙක්ගෙයි සැලැස්ම වැරදුනාට පාඩුවක් වෙන්නේ නෑ. දිදෙම් කරලා තියෙන්නේ බොරුවක් කියලා හයාත් දැන ගත්තත්, තාමත් මුරාත් ඒ ගැන නොදන්න නිසා එයා ඒ ගැන මුරාත් එක්ක කතා කරන්න යන්නේ නෑ. ඒත් ඉතින් මුරාත් ආඩම්බරකාරයා වගේ හයාත්ට ආදරෙයි කියලා පිළිගන්න තැනට ගේන්න මෙදා පාර හයාත් අලුත්ම සෙල්ලමක් පටන් ගන්නවා. ඒ තමයි මුරාත්ගේ හිතේ හයාත් ගැන ලෝබකමක් ඇති කරනෙක. කොටින්ම කිව්වොත් හයාත්ගේ ප්‍රේමවන්තයා ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරනෙක. හයාත්ට කොයින්ද මුරාත් ඇර ප්‍රේමවන්තයෙක්? ඉන්නවා, ඉන්නවා. ඒ තමයි ඊබ්‍රහිම්. හයාත්ගේ කෝලමුයි, මුරාත්ගේ ඊර්ෂ්‍යාවයි, තුවාල්ගේ ආදරේ හිතෙන වැඩයි නිසා අද කොටස නම් සතුටින්, හිනා වෙවී බලන්න පුලුවන් වෙයි. කොහොම කොහොම හරි අපේ ආඩම්බරකාරයා මුරාත්ගේ මොළේ අන්තිමටම පෑදි පෑදි එනවා වගේ පේන්නේ. හයාත්-මුරාත් ආදරේ එයාලගේ හදවත් වලට තවදුරටත් රහසක් නොවෙද්දී, හයාත් කියන්නේ සූනා පෙක්ටාස් නොවේය කියන රහස හෙළි වෙයිද? ඔන්න ඕක තමයි අද අවසානයේ හිතේ රැඳෙන ප්‍රශ්නේ.
        ප්‍රශ්නෙට උත්තර එක්ක ඊලඟ කොටසත් අරන් එන්නම්කෝ. කොහොමත් මේ කොටස අවසාන වෙද්දි
කට්ටියට ඉවසිල්ලක් නැති වෙයි. ඒ නිසා උපසිරැසිය ගේන්න මහන්සි වෙන සහෝදර සහෝදරියෝ ගැන හිතලා ඉවසීමෙන් බලන් ඉන්නවා නේද?  පුලුවන් ඉක්මනින් 12 අරන් එන්නම්කෝ.
හෙළිලි අක්කා තමයි මේ ලිපිය සම්පූර්ණෙන්ම හැදුවේ. මම එකතු කරන්නෙ මේ කොටස විතරයි. අක්කට මුලින්ම ස්තූති කරනවා. ඒ වගේම විශේෂෙන් ස්තූති කරනවා මේ කොටසෙ පොඩි කොටස් තුනක ඉංග්‍රීසි පරිවර්ථන අන්තර්ජාලෙ ඇත්තෙම නෑ, මයුර අයියා තමයි හින්දි හඬකවපු එකෙන් සිංහලට පරිවර්ථනය කලේ ඒ කොටස් 3.  මට නම් ලිපිය ලියන්න තේරෙන්නෙ නෑ, කලින් කොටස් බලලා නැති නිසා. ඒ හින්දම වැරදියට නම් එහෙම යොදලා තිබ්බොත් සමාව ඉල්ලනවා.

 

Direct Download

| WEB-DL | x264 | 720p  | 760MB |

 

| WEB-DL | x264 | 540p | 630MB |

 

| WEB-DL | x264 | 240p | 355MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Ask Laftan Anlamaz [S01 : E11] | මුරාත්ගේ ආදරය වචන වලට පෙරලයිද?

  • ශාලිනි

    අනේ 12 කොටස ඉක්මනට දෙන්නකෝ ප්ලීස්!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
    • Imesh lakshan

      ඉවසන්න ???

      Reply
      • Macho E11 sub eke link 1ka dapanko..site 1ke hoyaganna be..

        Reply
  • Ane kooo 12 Ikmanata dennakooo Plz….. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *