MENU

The Brave [S01 : E02] | සටන් බිමේ තනි වූ ඔත්තුකාරිය…!!

ඔන්න එහෙනම් “The Brave” දෙවනි කොටස අරගෙන එන්නයි මේ සූදානම…

පළවෙනි කොටස අවසානයේදි අපි දැක්කනේ වෙරළට මරාගෙන මැරෙන්න බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු විදිහ, ඉතින් ඒ ප්‍රහාරයෙන් පුද්ගලයින් විසි එක්දෙනෙක් තුවාල ලබනවා. හතරදෙනෙක් මැරෙනවා. අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරය සිදුවෙලා සති දෙකකට පස්සෙ. කොහොම වුණත් බෝම්බ ප්‍රහාරය ගැන අමීර් ගොඩක් කනස්සල්ලෙන් ඉන්න බවක් පේන්න තියනවා. කණ්ඩායමේ අනිත් කට්ටිය වඩා අමීර් ඒ සිද්දිය හිතට අරන් ඉන්නෙ. මේ අතරෙ DIA නියෝජ්‍ය අධ්‍යක්ෂක කැම්ප්බෙල් ඩොල්ටන් ප්‍රධාන කණ්ඩායම මෙහෙයුමක් සඳහා යුක්‍රේනයට යවනවා. යුක්‍රේනයේ රහසිගත CIA මධ්‍යස්ථානයකට රුසියානු කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරයේදි මධ්‍යස්ථානයේ සේවය කරපු හැම කෙනෙක්ම වගේ මැරෙනවා. ඒත් ඇමෙරිකානු රහස් ඔත්තුකාරියක් විදිහට ඒ CIA මධ්‍යස්ථානයේ සේවය කරන කැසී කොනර් නම් තරුණිය කැරළිකරුවන් එක්ක දරුණු සටනක් කරල තමන්ගෙ ජීවිතේ බේරගන්නවා. ඒත් එයා දරුණු තුවාල ලබලයි ඉන්නෙ. ඉතින් කැම්ප්බෙල් කියන විදිහට ඩොල්ටන්ටයි එයාගෙ කණ්ඩායමටයි පැවරෙන මෙහෙයුම වෙන්නෙ කැසී කොනර්ව හොයාගෙන ආපහු එක්ක එන එකයි. ඒත් මේ මෙහෙයුම හිතන තරම් ලේසි එකක් නෙවෙයි. පටන්ගැන්මෙදිම කැසී කොනර් මුදවාගෙන එන හෙලිකොප්ටර් යානය සතුරු 50 Cal ප්‍රහාරයකින් කඩා වැටෙනවා. කඩාවැටුණු යානයේ හිටපු කැසී කොනර් අතුරුදහන් වෙනවා. ඉතින් ඩොල්ටන්ටයි එයාගෙ කණ්ඩායමටයි සිද්දවෙනවා අතුරුදන් වුණු කැසී කොනර්ව හොයාගෙන යන්න. මේ අතරෙ කැම්ප්බෙල් ප්‍රමුඛ මෙහෙයුම් මැදිරියේ ඉන්න කට්ටිය දැනගන්නවා ව්ලැදමීර් පුටින්ගේ සමීප සේවකයෙක් හා රුසියානු ඔත්තුකාර ඝාතකයෙක් වන සබරෝත් කැසී කොනර්ව හොයන විත්තිය. ඉතින් ඩොල්ටන් ඇතුළු කණ්ඩායමට අතුරුදහන් වුණු කැසී කොනර්ව සබරෝ ඇතුළු රුසියානු කැරළිකරුවන්ගේ ග්‍රහණයට පත් නොවී බේරගන්න පුළුවන් වෙයිද? බලලම ඉන්නකෝ..

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 309MB |

A41C64CCB400E1CA379D743ACF46A8558DA6C05F

Direct Download

| HDTV | x264 | KILLERS | 309MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *