MENU

Atlantis: Milo’s Return (2003) | පොළව මතුපිටට බිහිසුණු ගමනක්…

අද මම ඔබ වෙත ගෙන ආවේ Atlantis: The lost empire (2001) චිත්‍රපටයේ දෙවන කොටස වන Atlantis: Milo’s Return චිත්‍රපටය යි. වෝල්ට් ඩිස්නි ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මුල් වරට විකාශය වුණේ 2003 මැයි 20 වැනිදා. අත්ලන්තිසය ගැන පළමු චිත්‍රපටයෙන් පසු ඩිස්නි සමාගම Team Atlantis නමින් කතා මාලාවක් කිරීමට අදහස් කළත් විවිධ හේතුන් මත එවැන්නක් විකාශය කළේ නැහැ. එහෙත් මේ කතන්දර කිහිපය එකතු කරමින් ඔවුන් පළමු චිත්‍රපටයේ අනුබන්ධයක් (Sequel) ලෙසින් Atlantis: Milo’s Return නමින් නව චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. මේ චිත්‍රපටය IMBb දර්ශකයේ 5.1/10 අගයක් ගැනීමට සමත් වුණා. මේ මුල් චිත්‍රපටයේ මයිලෝ තැච් ලෙසින් හඬකැවූ Michael J. Fox වෙනුවට James Arnold Taylor ද පළමු චිත්‍රපටයේ කුකිගේ චරිතයට හඬ කැවූ Jim Varney වෙනුවට Steven Barr ද මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණා. එමෙන් ම මේ චිත්‍රපටය Florence Stanleyගේ අවසන් චිත්‍රපටය ලෙස ද සැලකෙනවා.

පළමුවැනි චිත්‍රපටය අවසන් වුණේ කීඩා අත්ලාන්තිසයේ රැජිණ වී මයිලෝ සමඟ විවාහ වීමත් සමඟයි. මේ දෙන්නා අත්ලාන්තිසයේ හදවත යොදාගෙන අත්ලාන්තිසය එහි කළින් තිබුණු සමෘද්ධිමත් බවට නැවත පත් කරන්න උත්සාහ කරනවා. හිටිහැටියේම පොළව මතුපිටට ගිය මයිලෝගේ කණ්ඩායම සමඟ විට්මෝර් මහත්මයා අනපේක්ෂිත ලෙස අත්ලාන්තිසය වෙත පැමිණෙනවා. ඔවුන් පැමිණෙන්නේ පොළව මතුපිට මුහුදු යාත්‍රා අනතුරට ලක් කරන අබිරහස් ජීවියෙක් මර්ධනය කරන්න මයිලෝගේ සහයෝගය ගන්නයි. කීඩා සැක කරන්නේ මේ සත්වයා අත්ලාන්තියානු යුධ යන්ත්‍රයක් විය හැකි බවයි. පොළව මතුපිටට පැමිණෙන ඔවුන්ට මේ අබිරහස් සත්වයා මර්ධනය කිරීමට හැකිවෙයි ද? වෙරළාසන්න ගල්පරයක් මත ඉදිවුණු ධිවර ගම්මානය ඒ සත්වයාගෙන් ගලවා ගැනීමට ඔවුන්ට හැකි වෙයි ද? ඔවුන් මුහුණ දෙන අනෙක් අබිරහස නිරිතදිග එක්සත් ජනපදයේ කයෝටි වෘක ආත්ම කිහිපයක පහරදීමක් සහ කුකී සතුව තිබුණු මැටි භාණ්ඩයක් අන්තර්ගත ලී පෙට්ටියක අතුරුදන් වීමක්. මේ ලී පෙට්ටිය හොයාගෙන යන ඔවුන්ට ඇෂ්ටන් කානොබි නම් වූ කපටි කෞතුක භාණ්ඩ වෙළෙන්දා සමඟ අරගල කිරීමට සිදුවෙනවා. අතුරුදන් වූ ලී පෙට්ටියේ අබිරහස විසඳා ගැනීමට මයිලෝ සහ කණ්ඩායමට හැකි වෙයිද?ආපසු පැමිණෙන අතර මේ ගවේෂකයෝ දැනගන්නා තවත් දෙයක් නම් විට්මොර්ගේ පරණ තරඟකාරයෙක් වුණු එරික් හෙල්ස්ට්‍රෝම් උන්මත්තක භාවයක් නිසා තමා උතුරු දෙවියන්ගේ නායකයා වන ඔඩින් ලෙස විශ්වාස කරමින්, Gungnir නම් වන අත්ලන්තිසයේ පෞරාණික බලගතු හෙල්ල සොරකම් කර ඔහු විසින් ඇස්ගාඩ් ලෙස හැඳින්වූ බලකොටුවට රැගෙන යනවා. පුරාවෘත්ත වල සඳහන් දේවයුද්ධය (රග්නරොක්) සිදු කිරීමට මේ හෙල්ල යොදාගැනීමට ඔහු උත්සහ ගන්නවා, මේ විනාශය වළක්වා ගැනීමට මයිලෝගේ කණ්ඩායමට හැකි වෙයි ද? මේ චිත්රපටයෙන් ඒ ගැන දැනගන්න.

හඬ කැවීමේ ශිල්පින්:
James Arnold Taylor (Michael J. Fox වෙනුවට) – මයිලෝ තැච් ලෙසින්
Cree Summer – කීඩාගකාශ් හෙවත් කීඩා ලෙසින්
John Mahoney – ප්‍රෙස්ටන් විට්මෝර් ලෙසින්
Don Novello – වින්සෙන්සෝ හෙවත් විනී ලෙසින්
Jacqueline Obradors – ඔඩ්රේ රමිරෙස් ලෙසින්
Corey Burton – මෝලියර් ලෙසින්
Phil Morris – වෛද්‍ය ජෝෂුවා ස්වීට් ලෙසින්
Florence Stanley – පැකාඩ් මහත්මිය ලෙසින්
Steven Barr (දිවංගත Jim Varney වෙනුවට) – කුකී ලෙසින්
Clancy Brown – එඩ්ගා වොල්ගඩ් ලෙසින්
Jean Gilpin – ඉන්ගර් ඇලිසන් ලෙසින්
Thomas F. Wilson – ඇෂ්ටන් කානොබි ලෙසින්
Floyd Red Crow Westerman – චකාෂි ලෙසින්
Jeff Bennett – සෑම් මැකිනි ලෙසින්
W. Morgan Sheppard – එරික් හෙල්ස්ට්‍රොම් ලෙසින්

මේ උපසිරැසි ලබාදී ඇත්තේ Atlantis.Milos.Return.2003.720p.BluRay.H264.AAC-RARBG [995 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 730MB |

B711472DFFABE6A1EE579EE10B634EFD5CAC3B59

Direct Download

| Bluray | x264 | 720p | 730MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *