කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල ප්රතිශතයක පවතින තරමට කතාවට වටා එක් රොක් වෙන පිරිස ගොඩක් වැඩියි. ඉතින් කූඹියෝ වගේ කතාවක් පිස්සුවෙන් බලන්න මූලික කාරණය උනේ අපි මේ ජිවත් වෙන සමාජය එක්ක ඒ කතාව ගැලපීම 90% වඩා ඉහල මට්ටමක පැවතුන නිසා කියල මම පුද්ගලිකව හිතනවා. අපි පාට, පක්ෂ, ආගම්, ජාති, ඉඩ කඩම් බෙදාගෙන කෑ කෝ ගහ ගත්තට අපි හැමෝගෙම හිතේ කොනක ඉන්නවා එලියට එන්න බැරුව දඟලන සාධාරණ සමාජය අගයන මනුස්සයෙක්. එක්තරා විදිහකට කිව්වොත් අපි හැමෝම සමාජය තුල දෙබිඩි චරිත.
මුළු සමාජයක් එක පිටපතක් අනුගමනය කරද්දී අපිට ඒ පිටපතින් පිටයන්න තියන ඉඩ ඒ සමාජයෙන්ම අහුරලා අපි හැමෝම නිකම්ම සමාජය තුල දෙබිඩි චරිත බවට පරිවර්තනය වෙලා. නිර්මාණයක් තුල දකින දුක වේදනාව, අසරණකම වෙනුවෙන් ඇස්වලින් කඳුළු සලන්න පවා අපි පෙළඹෙන්නේ අපි තුල ඉන්න කෙනා මේ දේවල් නිර්මාණය තදින් ග්‍රහණය කරගන්න නිසයි. එහෙම වෙන්න නම් ඒ නිර්මාණය අපි එදිනෙදා දකින සමාජයේ අපිට ඇස්පනාපිට දකින්න ලැබෙන එත් අපි සමාජයේදී නොදැක්කා වගේ ඉන්න වෙලා තියෙන සිදුවීම් ඒ සැටියෙන්ම දකින්න ලැබෙනකොට ඒ නිර්මාණය හරහා ඒ සමාජයේ වෙන වැරැද්දට අපි විසඳුම් හොයන්න පෙළඹෙනවා. එතැනදී තමයි අපි මේ වගේ කතාවක් පස්සෙන් එලව එලව බලමින් අපි හිතින් හොයන විසඳුම කතාව හරහා ලබාගෙන කෘතීම සහනයක් විඳගන්න බලන්නේ. මේ දේවල් වලින් ප්‍රේක්ෂක ඔබ අප අල්ලගන්න කතාවේ නිර්මාතෘ සමත් වෙනවා කියන්නේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්වෙන ඉහල මට්ටමක නිර්මාණයක් ඔහු අතින් නිමවී අවසානයි.
ඉතින් මොනයම් කතාවක් හරි මෙහෙම ප්‍රේක්ෂකයෝ අල්ලගන්න සමත් වෙන්න නම් අර උඩ කියපු වින්දනය අපිට ලැබෙන්න ඕන කියන කාරණය වැදගත් තැනක් ගන්නවා. මුලින්ම මම කියපු කූඹියෝ ටෙලි නාට්‍ය මෑත අවදියේ අපේ සමාජයේ ලොකු විප්ලවයක් කරන්න සමත් උනේ අන්න ඒ නිසයි. ඉතින් අද මම මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ලොකු විප්ලවයක් එක්සත් ජනපදයේ වෙසෙන මිනිස්සු අතර පහුගිය මාස කීපයේදී සිද්ධ උනා. අපි හැමෝම දන්නවා බ්‍රිතාන්‍ය තුල දැනට තියන ලොකු ගැටළුවක් තමයි ත්‍රස්තවාදී උවදුර. ඒ සමාජය තුල වෙසෙන සාමාන්‍ය බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ වෙනත් රටවලින් සංක්‍රමණය උන පිරිස් අතර ලොකු ඝට්ටනයක් අදටත් නිර්මාණය වී තිබෙනවා. ඊට අමතරව ඒ කරුණු කාරනා වෙනුවෙන් විවිධ දේශපාලකයන් විවිධාකාර මත දරන්නන් වීම මේ අර්බුධය උග්‍ර වෙන්න තවත් හේතුවක් වෙලා.
එවන් වාතාවරණයක් මත තමයි පහුගිය අගෝස්තු 26 වෙනි ඉරිදා මේ කතාව බ්‍රිතාන්‍ය රූපවාහිනිය ආක්‍රමණය කලේ. පළමු කොටසින්ම ඒ වටා එක්රොක් උන පිරිස මිලියන 14.42ක්. මේ අගය 2008 පසු BBC One රූපවාහිනී නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වෙනුවෙන් ලැබුන වැඩිම අගය බවත් සඳහන් වෙනවා. මේ අගය කතාව අවසන් වන විට කෙමෙන් කෙනෙක් වැඩි වී මිලියන 15.93ක් දක්වා බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂක පිරිසකගේ හිත සොරාගන්න සමත් උනා. මේ ගණන් බ්‍රිතාන්‍යට පමණක් අදාළ සංඛ්‍යා ලේඛන වලින් ලබාගත් අගයන් වෙනත් රටවල ප්‍රතිචාරත් මේ හා සමානයි. මේ කතාවට ලැබී තිබෙන IMdb අගය 8.3. වගේම සෑම කොටසකටම 8 වඩා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඉතින් කොටස් 20 ගණන් වල කතා මාලාවක් මාස ගණන් බලපු ඔබ මේ වගේ කොටස් 6 කින් සමන්විත ත්‍රාසය කුතුහලය තප්පරයක් පාසා කැටි කරගත් මේ වගේ කතාවක් මග ඇර ගන්නවා නම් මේ ලැබුන මනුස්ස ජිවිතයේ කරගන්න ලොකු අත් වැරද්දක්.
ප්‍රධාන නළුවා සහ නිළිය
මේ කතාවේ නිර්මාණ පසුබිම ගැන සඳහන් කරනවා නම් Jed Mercurio තමයි මේ කතාවේ රචකයා සහ නිර්මාතෘ වෙන්නේ. මෙහි අධ්‍යක්ෂණය Thomas Vincent, John Strickland දෙදෙනා විසින් සිදුකර තිබෙනවා. ඒ වගේම ඉතාමත් දක්ෂ සහ අපි හඳුනන නළු නිලි කැලක් තමයි මේ කොටස් හය පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ. හැමෝටම මතක ඇති ගේම් ඔෆ් ත්රෝන් පළමු සහ දෙවන කතා මාලාවන්. එහෙනම් රොබ් ස්ටාර්ක් අමතක වෙන්න බැහැ. ඔව් ඒ චරිතයට පණ පෙවූ Richard Madden විසින් තමයි මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වර්ණවත් කරන්නේ. ඒ වගේම Sophie Rundle, Keeley Hawes, Gina McKee, Vincent Franklinවගේ නළු නිලියන්ද මීට එකතු වී තිබෙනවා. මේ කතාව ගොඩ දෙනෙක් අතරට යන්න මූලික උනේ මෙහි තිබුන සිදුවීමක් නිසයි. ඒ සිදුවීම ඉතාමත් තාත්වික ලෙසින් රූගත කර තිබීම බොහෝ පිරිසක් පුදුම වී තිබුනා. ඒ සිදුවීම ගැන කියනවා නම් ස්නයිපර් වෙඩි පහරක් මගින් ගමන් ගන්න මෝටර් රථයකට එල්ල කර එහි රියදුරා මරා දමන අවස්ථාවක්. මේ අවස්ථාව ඉතාමත් තාත්වික අයුරින් සහ නියම ස්වරුපයෙන් රූගත කර ගන්න මේ නිර්මාණ කරුවන් සමත් වී තිබෙනවා.
මම මේ කතාව මොනවගේ දෙයක්ද කියල ඉතාමත් කෙටියෙන් කියල කතාව නැරඹීම භාර කරන්නම්. ඩේවිඩ් බඩ් කියන්නේ කලින් ඇෆ්ගනිස්ථානයේ හමුදා සේවය කල බ්‍රිතාන්‍ය සෙබලෙක්. ඔහු දැන් යුද්ධයෙන් පසු නැවත බ්‍රිතාන්‍යට පැමිණ පොලිසියේ සේවය කරනවා. ඒ වගේම ඔහු දරු දෙනෙකුගේ පියෙක්. විවාහයේ යම් අර්බුද නිසා බිරිඳ සහ ඔහු වෙන් වෙන්ව ජිවත් වෙන්නේ. තම දරුවන් දෙදෙනා එක්ක නැවත ඔහුගේ බිරිඳ වෙතට දරුවන් සමඟ දුම්රියකින් ගමන් කරන දර්ශනයක් තමයි ඔබට මුලින් දකින්න ලැබෙන්නේ. මේ දුම්රිය ගමන පොලිස් සාජන් ඩේවිඩ්ගේ ජීවිතය වෙනස් කරන්න සමත් වෙන එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේ ගමන සහ එහිදී හමුවන අය නිසා ඩේවිඩ්ගේ රැකියාව සහ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන හැටි මේ කොටස් 6 පුරා ඔබට දැකගන්න ලැබේවි.කොටසක් අවසානයේ ඊළඟ කොටස බලන්න ඕන කියන හැඟීම මුල් කොටස් පහ අවසානයේත් අවසන් කොටස අවසානයේ තවත් කතා සමයක් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනය මේ කතාව බලන්න පටන් ගන්න හැමෝටම දැනෙන දෙයක් කියල මෙතැනදී අනිවාර්යෙන් කියන්න ඕන. එහෙනම් මගේ යුතුකම මෙතනින් අවසන්. ඊළඟ කොටස් දෙකට උපසිරැසි තරිඳු සහෝ අරගෙන එයි. නැවත 4 වෙනි කොටසේදී මුණගැහෙමු. ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| Bluray | 720p | x265 | 1.7GB | Complete S01 |
Direct Download
| Bluray| x265 | 720p |250MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “BBC Bodyguard 2018 [S01 : E01] | දේශාපාලනය තුල සැඟවුන ත්‍රස්තවාදය….”
Thanks so much.oyala naththam api me waga super TV show kohan hoyannada thanks digatama denna oyalata godak thanks brother ssss
Please tell me how to download body guard TV Series. I tried with given torrent link.