කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක් දරන්න වුන කොටස් 6කින් සමන්විත, කොටසක් මිනිත්තු 60ක පමණ කාලයක් දිවයන බ්‍රිතාන්‍ය ටෙලි කතා මාලාවක් සමඟයි. පළමු කොටසේ හසා අයියා කතා මාලාව ගැන හැදින්වුව නිසාවෙන් මං ඒ ගැන සඳහන් කරන්නට යන්නේ නැහැ .
ප්‍රේක්ෂකයින් හට වඩාත්ම මෙම කතා මාලාව සමීප වන්නට හේතුව වෙන්න ඇත්තේ, වර්තමාන ලෝකයේ පවතින දේශපාලන වටපිටාව මෙම කතාමාලාව සමග වඩාත් පෑහෙන නිසා වෙන් කිවොත් මා නිවැරදියි. කියන්න ආඩම්බරයි මෙහෙත් එහෙමයි වැඩි වෙනසක් නැහැ.
එහෙනම් ඒ ගැන්මෙන් ම කතාමාලාව පැත්තට හැරුනොත්, කතා නායකයා වන සාජන් ඩේවිඩ් බඩ් ඇෆ්ගනිස්ථානයේ සිය රාජකාරියේ නියුතුව එහිදී යුධ ආතති තත්වයට පත්ව විශ්‍රාම යෑමෙන් අනතුරුව දැන් ශරීර ආරක්ෂකයකු ලෙස ක්‍රියාකරන පීඩිත පංතියේ අගලටම වැටුන දෙදරු පියෙකි. තම විවාහය දෙදරා ගොස් ඇති මොහොතක තම දරුවන් සමග දුම්රියෙන් දරුවන්ගේ මව කරා යන ගමන ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වූ බව පසුගිය කොටස ආරම්භයේදීම අපි පැවසුවා. ඔයාලට මතක් වෙනවා ඇති එදා ඔක්තෝම්බර් 01වෙනිදා. කිසිවෙක් නොම විරු ලෙස එදා ලන්ඩන් දුම්රියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්නයි තිබුනේ. නමුත් අපේ කතා නායකයා නිසා ඒ සියල්ල වැලකි යන්නේ පොලීසියත් මවිත කරමිනුයි. ඔහුගේ විශේෂ හැකියාව නිසාවෙන් බෝම්බකාරියගේ හිත වෙනස් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. එතැන් පටන් ඩේවිඩ් බඩ් හට ගැලවීමක් නම් නැතිපාටයි. කෙටියෙන්ම කිවහොත් ජරා දේශපාලනය හමුවේ ඔහු එහි ඉත්තෙක් වන්නේ එතැන් පටන්ය.
මුහුදක රැල්ල ගසනවා මෙන් එක රැල්ලක් අවසානයේ තවත් රැල්ලක්න් එනවා මෙන්, එහි පලවිපාක ඔහු සොයා එන්නට නියමිතයි. එවැනි කුතුහලයක් සපිරි කතාවක දෙවන කොටස රසවිඳින්න අදත් සූදානම් ඇති. වැඩිය කතා නොකර කෙටියෙන් මතක් කරන්නම් අද කොහොමද කතාවට පාර කැපෙන්නේ කියලා.
පසුගිය සතියේදී උසස් වීමක් සමග ස්වදේශ කටයුතු ලේකම්තුමිගේ ආරක්ෂක නිළධාරියා ලෙස සේවයට එක්වන ඔහු කෙමෙන් ඇය වෙත ලං වන්නේ ඇයටත් ආකර්ෂණයක් එක් කරමිනුයි. අද එහි පරතර දැනගන්නට ඔබට පුළුවන් වේවි. ඊට අමතරව මම කලින් කිව්ව මුහුදු රැල්ලේ පළමු රැල්ල අද වෙරළට ගසනවා. මෙය සැබවින්ම සියලුදෙනා අපේකෂා කල, නමුත් ඩේවිඩ් බඩ් පමණක් නොදන්නා කරුණක් බවට ඔබට අද වැටහේවි. ”මම රැජිනක් නෙමෙයි” කියන කතාවේ තේරුම රසවිඳින්න ආරාධනා කරනගමන්, කතාවේ විස්තර වැඩිය කියලා කතාවේ කුතුහලය නැති නොකර, මීළඟ කොටසින් හමුවනතුරු ගිහින් එන්නම්. ?
අනිවාර්යෙන්ම කියන්න ඕනේ ටෙලිකතා ලෝලීන්ට එකපාරක් බැලුවාම තේරුම් ගන්න බැරි වුනත්, දෙපාරක් බලනකොට පිස්සු හැදෙන ජාතියේ කතා මාලාවක් කියලා. මෙවැනි කතා මාලාවන් හැමදාම එන්නේ නැහැ.මෙය හොඳම ජාතියේ කතා මාලාවක් හොයන කෙනෙක්ටයි… ජය… !!! ? ✌
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| Bluray | 720p | x265 | 1.7GB | Complete S01 |
Direct Download
| Bluray| x265 | 720p |290MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)