MENU

BBC Prehistoric Park [2006: E05] | වගුරු බිමෙන් හමු වූ මෘගයා සහ සුරූපිනිය!

“මම පර්යේෂණයක් කරමින් ඉන්නේ, විශාල බළලුන් පාලනය කළ තත්ත්ව යටතේ බෝ කරනෙක ගැන, ඒ වගේම මගේ ගාව අදහසක් තියනවා. මම හිතන්නේ අපට ප්‍රේමණීය කතාවක් ඕන වෙනවා, ඉතින් පොඩ්ඩක් බලන් ඉන්නකෝ.

”- පශු වෛද්‍ය සුසෑන්

ඔහ්, ඔව්! පළාතම කොළ පාටයි. මීලඟ වසර මිලියන 300 තුළ මෙහි වෙන්න යන දේ මනස කලඹනවා. දැනටමත් දේශගුණය වෙනස් වෙමිනුයි පවතින්නේ ඒ වගේම මේ කාබොනිෆෙරස් ගොහොරු බිම හායනය වෙමින් පවතිනවා. තව වසර මිලියන 50 කින් මෙය කේතුධර වනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ, මෙහි අයිස් පවතීවි. වඩාත්ම විශ්වාස කළ නොහැකි දේ තමයි, වසර මිලියන 300 කින්, හරියටම මේ ස්ථානයේ, හොඳයි, මම ඉන්න තැනට අඩි 1 50 ක් පහළින්, ග්ලාස්ගෝ වල මාලු සහ අල පෙති කඩයක් දකින්න පුලුවන්.

-නයිජල් මාවන්”

“මොකද කියන්න මම දන්නේ නෑ, ඒත් ටයිටනෝසෝරස්ලට උද්‍යානේ අනිත් කෙලවර අල්ලලා යන්නේ නැති පාටයි. නයිජල්ගේ මිත්‍රයෙක් ඉන්නවා පොසිල විද්‍යාඥයෙක්, එයා අපට පින්තූර වගයක් එවලා තියනවා. මං හිතන්නේ මං ගාව අදහසක් තියනවා.

උද්‍යාන භාරකරු බොබ්

මේ අතරේ T-Rex මැටිල්ඩා, බෙදුම් බිත්තිය කඩා බිඳ දමලා ඇගේ සහෝදරයා මැටිල්ඩාගේ කොටුවට ඇතුල් වෙලා. ටෙරන්ස්ට අවශ්‍ය වෙන්නේ ඇයව එලියට යවන්න, ඒ වගේම ඔයා T-Rex කෙනෙක් නම්, පවුල් ආරවුල් කියන්නේ හොඳ දෙයක් නෙවෙයි.

නයිජල් T-Rexලා දෙන්නව පශ්චාත් ක්‍රිටේසීය යුගයෙන් මුදා ගෙන එද්දී, එයාලා බොහොම පුංචියි වගේම සමහරෙක් කියන්න ඉඩ තිබුනා එයාලා හුරතල් කියලා. මේ වෙද්දී එයාලා සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැතත් එයාලා හරිම විශාලයි වගේම භයානකයි.

නයිජල් ස්කොල්ටන්තයේ ගොහොරු බිම් වලින් රැගෙන එන කෘමීන් රඳවන්න බොබ්ගේ කණ්ඩායම, අධි තාක්ෂණික මකුණු නිවෙසක් ඉදි කරන්න ලෑස්තියි. ප්‍රාග් ඓතිහාසික කෘමීන් සතුටින් තබන්නට නම්, වසර මිලියන 300 කට පෙර වායුගෝලය ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු වනවා. නමුත් එයින් භයානක අතුරු ඵලයක් ඇති වෙනවා. ඉහළ ඔක්සිජන් මට්ටමක් කියන්නේ දේවල් පහසුවෙන්ම දැවෙනවා කියනෙකයි.

ඉතින්, නයිජල් ස්කොල්ටන්තයේ ගොහොරු බිම් වල මෘගයන් පරයමින් කෘමීන් රැගෙන එද්දී, මුලු උද්‍යානයම වියවුල් වෙලා පවතීද? ලොව එතෙක් මෙතෙක් සිටි දැවැන්තම කිඹුලන් සමඟින් මුන ගැහෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්.

ආයුබෝවන්!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XviD | 700MB |

55DCE428230F32E9A7B7933D5D7427B60B948951

Direct Download    

| HDRip | XviD | x264 |  700MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “BBC Prehistoric Park [2006: E05] | වගුරු බිමෙන් හමු වූ මෘගයා සහ සුරූපිනිය!

  • sangeeth sheran

    meke 1 episoide eka nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *