MENU

BBC Prehistoric Park [2006: E04] | දකුණු ඇමරිකාවේ අතිශය කුරිරු විලෝපිකයන් සොයා!

“මේක වකුටු කඩු හැඩැති දත් තියෙන බළලෙක්ගේ හිස් කබලක් ( Sabre Tooth Cat), මේකා බොහොම ප්‍රසිද්ධ නෂ්ට වුන බළලෙක්. මේ දත් විස්මය දනවනසුළුයි. උන් ගොදුරේ උගුරු දණ්ඩට කඩා පැනලා, ප්‍රධාන රුධිර නාල මුළුමනින්ම පෙති ගහනවා. ඒ වගේම එක සැපීමකින් ශ්වාසනාලය පොඩිපට්ටම් කරලා දානවා. ඒකේ තේරුම ගොදුරට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එයා ඉඩක් තියන්නේ නෑ,”

”දකුණු ඇමරිකාවේ අනිත් ප්‍රමුඛ විලෝපිකයා – භීෂක පක්ෂියා.මොන තරම් තේජාන්විත සත්ත්වයෙක්ද! ඌ අඩි දහයකට වඩා උසයි. කූඩුවකුත් නැතිව භීෂක පක්ෂියාව ප්‍රාග් ඓතිහාසික උද්‍යානයට ගෙනි යන්නේ කොහොමද?”

වසර මිලියනකට පෙර, වකුටු කඩු හැඩැති දත් තියන බළල්ලු (Sabre Tooth Cat) තමයි උතුරු ඇමරිකාවේ සිටි අංක එකේ විලෝපිකයන්. ඔවුන් දකුණු ඇමරිකාව දක්වා ව්‍යාප්ත වුනාම, ඔවුන් ඉතාමත් වේගයෙන් අඩි දහයක් උස ඝාතක කුරුල්ලාගෙන් (Killer Bird)පාලනය අතට ගත්තා. Killer Bird සහ Sabre Tooth Cat වඳ වී යෑමට හේතු මොනවාද? නෂ්ට වීමෙන් මේ විලෝපිකයන් මුදා ගැනීමට නයිජල් සමත් වෙයිද?

ඉතින්, මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන දකුණු ඇමරිකාවේ වඩාත්ම දරුණු විලෝපිකයන් සොයා යන්නයි අද සූදානම. මේ වෙද්දි ප්‍රාග් ඓතිහාසික උද්‍යානේ පදිංචිකාරයොන්ගෙන්  පිරිලා ගිහිල්ලනේ. මැටිල්ඩා, ටෙරන්ස්, මාර්තා, ඕනිතෝමයිමස්ලා රංචුව, ටයිටනෝසෝරස්ලා මේ හැමෝම දවසින් දවස අලුත් ප්‍රවෘත්තියක් මවනවා. බොබ්ට තමා ඒකෙන් වැඩිම කරදර විඳින්න වෙන්නේ. ඒ අතරේ අද විශේෂ කෙනෙක් මාතෘත්වය ලැබීමේ ප්‍රීතිය සමරනවා. බලන්නකෝ ඒ කවුද කියලා. එහෙමනම්, ආයිත් හමුවෙමු.

ආයුබෝවන්!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XviD | 700MB |

D1F5D6290E8CECE4669AD022A227D00998433867

Direct Download    

| HDRip | XviD | x264 |  700MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *