MENU

Berkshire County (2014) | වෙස්මූණ යට සැඟවුණු කුරිරුකම

සුබ දවසක් වේවා හැමෝටම! ඉතින් මං අද අරගෙන ආවා ඔයාලට Berkshire County කියන ෆිල්ම් එක. මේක ගැන පොඩ්ඩක් කිව්වොත් Audrey Cummings විසන් අධ්‍යක්‍ෂණය කරන ලද මේ සලරුව මිනිත්තු 83ක් පුරා ධාවන කාලයකට සමත් Thriller, Horror ගණයට අයත් වූවක් වෙනවා.. මෙය කැනඩාවේ රූපගත කරණ ලද්දක් බවත් සඳහන්වෙනවා. Horror ගණයේ චිත්‍රපටිවලට ආසකරන උදවියට නම් මේක හොඳයි.

සලරුව ගැන පොඩි විස්තරයක් කිව්වොත් එහමෙ, මේ කතාසමය පාදක වෙන්නේ කයිලි වින්ටර් කියන චරිතය වටා. ඇය තවමත් උසස් පාසලේ ඉගෙන ගන්න සිසුවියක්. ඉතින් කතාව ආරම්භක සමයේදීම ඇයට පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වෙනවා. හැබැයි පොඩියි කිව්වට ඒකත් පොඩිම අකරතැබ්බයක් නෙවෙයි. ඒ ඇය සාදයකදී කරපු වැඩක් සම්බන්ධයෙන් තියෙන වීඩියෝවක් ලීක් වෙන එක තමයි සිද්ද වෙන්නෙ. ඒ කොහොමෙන් කොහොම හරි ඒ සේරම වෙන්නෙ හැලොවින් දවසෙ. ඔයගොල්ලො දන්නවනේ බටහිර රටවලට හැලොවින් කියන්නේ මෙකක්ද කියලා. ඒගොල්ලො ඒක මහ ඉහලින්ම සමරන උත්සවයක් කියලත් දන්නවනේ. මං හිතනවා ඒගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා. දැන් අපි කතාව පැත්තට හැරෙමු. ඉතින් එදා හවස්වරුවෙ ඇයට රාජකාරියක් පැවරෙනවා දන්න අඳුනන ගේකට ගිහිල්ලා ළමයින්ව බලා ගන්න. ඉතින් මෙහෙම ඉන්නකොට එදා රැ ඇය ඉන්න ගෙදරට ඌරු මූණු දාන් ඉන්න 3න් දෙනෙක් එනවා. දන්නවනේ හැලොවින් දවසෙ රෑ කොහොමත් වෙස්මූණු දානවයි කියලා. හැබැයි ඔවුන් නම් එන්නෙ වෙනස්ම අරමුණකටයි. ඒ ඒගෙදර පොඩි ළමයින්ව පැහැරගෙන යන්න. හැබැයි ඇය නම් හිතන්නෙ ඒ එන්නෙ පැණිරහ ජාති ඉල්ලගෙන වෙන්නැතියි කියලා. ඇය දොර ඇරලා ටොෆි ටිකක් දෙන කොට තමයි ඒ සේරම වෙනස්වෙන්න යන්නෙ. ඉතින් ඇය මේ ගැන පොලීසියට කියනවා. එහිදී ඇයගෙ ඇමතුම්වලට කාන්තාවක් සම්බන්ධ වෙනවා. හැබැයි ඒ පොලීසියෙන් නම් නෙමේ. ඇය මේ කාන්තාවගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ඒ වෙනුවට ඇයට සිද්දවෙන්නෙ තවතව කරදරවල පැටලෙන්න. හැබැයි අවසානයේ ඇය කවුද කියලත් හෙලි වෙනවා. එහෙනම් කවුද මේ ඇය උදව් ඉල්ලලා සම්බන්ධ කරගත්තු කාන්තාව? ඊට පස්සේ මොකද උනේ? ඇයට ළමයින්ව බේරගන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනගමන් අදට මම සමුගන්නවා.

නැවත උපසිරසියකින් හමුවන තුරු ජයෙන් ජය.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 690MB |

0B0B15D7952D50A0F51577DAEFEBEFE62E55F508

Direct Download

| Bluray | x264 | 720p | 690MB |

           

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *