MENU

Beyond Valkyrie: Dawn of the 4th Reich (2016) | නාසී මෙහෙයුම

මේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය.ඉතින් ගොඩක් වැරදි අඩු පාඩු ඇති. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අසංක ප්‍රදීප් රණතුංග සහෝට, මට මේ උපසිරැසිය කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව.ඒ වගේම අඩුපාඩු පෙන්නා දුන් සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතියි.ඇත්තටම වැඩේට අත ගැහුවට පස්සේ තමයි තේරුනේ හිතුවට වඩා මේක අමාරුයි කියලා. සබ් එක කරන්න ඉල්ල ගෙන ටික කාලයක් වෙනවා,ඒත් අධ්‍යාපන කටයුතු හින්දා සබ් එක ඉවර කරන එක කල් ගියා. මේ වැඩේදී උදුල ඉදුනිල් මිත්‍රයා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.ඔහුටත් බොහොම ස්තුතියි.

ඇත්තටම Film එක ගැන කිව්වොත්, 2016 අගෝස්තු 12 දින තිරගත කිරීම් ආරම්භ කළ, විනාඩි 100 ධාවන කාලයකින් යුත්, War-History-Drama ගණයට අයත් වන ඇමරිකානු චිත්‍රපටයක්. Claudio Fah විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර Jeffery Beach විසින් නිෂ්පාදනය කර ඇත. මේ සඳහා Sean Patrick Flanery( කැප්ටන් ඉවාන් ), Pasha D.Lychnikoff(මේජර් කුල්කෝව් ), Julie Engelbrecht(එල්කේ ෂෙරෝඩර් ), Michael Epp(නාසී මේජර් කෲස් ) යන අය රංගනයෙන් දායකත්වය සපයයි.කොහොම වුනත් මේ සඳහා IMDB දර්ශකයේ 4.9 අගයකුත්, කුනු තක්කාලි දර්ශකයේ 29% අගයකුත් තමයි ලැබිලා තියෙන්නේ. ඒත් මන් හිතන්නේ ඒ අගයන් Film එක රසවිදින්න කිසිම විදියකට බාධාවක් නෙවෙයි.මොකද Film එකේ කතාව ගොඩක් හොදයි.

කතාව ගැන කිව්වොත්…… Valkyrie නම් වු මෙහෙයුම මගින් Adolf Hitler ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා තවත් නාසී ලොක්කෙකු නායකත්වය සපයන අතර ඔහුව ආරක්ෂා කිරීමට එංගලන්තයෙන් හා රුසියාවෙන් විශේෂ හමුදා ඒකක දෙකක් ජර්මනියට පැමිනෙයි. නමුත් Valkyrie මෙහෙයුම අසාර්ථක වන නිසා එයට නායකත්වය සැපයු නාසී ලොක්කාව මරා දැමීමට නාසී නිළධාරීන් ක්‍රියා කරයි. කෙසේ වෙතත් ඔහු මිය යෑමට ප්‍රථම අතිශය රහසිගත ලේඛනයක් එම විශේෂ කණ්ඩායම්වලට ලබා දෙයි. ඇත්තටම ඒ යුද්ධය පරාජයට පත් වෙමින් යන නාසී පක්ෂයේ සියලුම ප්‍රධාන නිලධාරින්,බිලියන ගනනක රත්තරන් සමඟ ආර්ජන්ටීනාවට පලා යන මෙහෙයුමක් සම්බන්ධ ලිපිගොනුවක්. තමා පැමිනි මෙහෙයුම අසාර්ථක වුනත්,එංගලන්ත හා රුසියානු කණ්ඩායම් අතර හැලහැප්පීම් තිබුනත් ඔවුන් මේ මෙහෙයුම නතර කිරීම උදෙසා එකට එක්ව කටයුතු කරයි.මන්ද යත් නාසීන්ගේ මේ පලා යාමේ මෙහෙයුම සාර්ථක වුවහොත්, එය නාසී පක්ෂයේ නැවත නැගිටීමට හේතු විය හැකි නිසාවෙනි.ඇත්තටම රත්තරනුත් එක්ක නාසීන්ට ආර්ජන්ටීනාවට පලා යෑමට හැකි වෙයිද?????

මේ සිද්දිය ඇත්තක්ද,බොරුවක්ද කියන්න මන් දන් නෑ.ඒත් මම දන්න විදියට නාසී පක්ෂයේ දෙවැනියා මෙවැනිම වු මෙහෙයුමක් මගින් සබ්මැරීනයකින් පලා යෑමට උත්සහ කර තිබෙනවා.ඔහුත් බේරුනාද නැද්ද කියලා දන්නේ දෙවියොම තමා……මම හිතන්නේ දැනට මේ ඇති. ඔයාලම Film එක බලලා සබ් එක හොඳද නැද්ද කියලා තීරණය කරන්න.

~~~ඔබට ජය~~~

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL | x264 | 720p | 750MB |

6BDF6916F8F7A2AB35D2447911670F004212893C

| WEB-DL | x264 | 720p | 850MB |

422670C9E8F7E94D7ACC6457719FAAA6E87ED322

Direct Download

| WEB-DL  | x264 | 720p | 787MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Beyond Valkyrie: Dawn of the 4th Reich (2016) | නාසී මෙහෙයුම

  • Meke film eka download karannat ba subtitle gannat ba..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *