MENU

Blindspot [S03 : E05]| රජකමේ හිමිකරු

සතියක විරාමයකින් පස්සෙ ආයෙත් Blindspot පටන්ගත්ත ඔන්න. මේ දවස්වල විදුලි අර්බුධයන් එහෙම පවතින නිසා හරි අමාරුවෙන් තමයි කොහොමහරි සබ් එක කොටාගත්තෙ. ප්‍රමාදවුනේ ඒකයි. වැඩි කතාවක් නැතුවම අද කොටස ගැන දැනගමුකො…

අවසාන කොටස අවසන්වුනේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුනු පණිවිඩයක් එක්ක. කවුද හිතුවෙ ජේන්ට ළමයෙක් ඉන්නව ඇති කියල. කොහොම වුනත් ජේන්ටනම් ළමයෙක් ඉන්න බවක් මතක නෑ. ඒත් අවසානයේ ලැබුණු වාර්තාවලින් ඒක සනාථවෙනව. ඒ ගැන අවිශ්වාසයෙන් ඉද්දි ජේන්ගෙ දරුව ගැන තහවුරු කරන්න රෝමන් ඉදිරියට එනව. කොහොම වුනත් රෝමන්ගෙ බලාපොරොත්තුවුනෙත් ඔවුන් අතර ගැටුමක් නිසා රෝමන්ගෙ බලාපොරොත්තුව සාර්ථක වෙයි වගේ. ඒවගේම කර්ට්ගෙ බර්ලින් වල රහසක් ගැන රෝමන් නිතරම කියනව. භයානක රහසක් වෙන්නත් පුළුවන්. රහස ගැන යමක් අවසානයේ දකින්න ලැබෙනව.

රෝමන් වෙන්දේසියකින් ගත්ත භාණ්ඩය සම්බන්ධවනම් තාම වැඩි ඉඟියක් නෑ. කොහොම වුනත් රෝමන්ගෙ අවසාන ඉලක්කයට ඒක සෑහෙන ප්‍රයෝජනවත්වෙයි.

ටාෂා කණ්ඩායමෙන් වෙන්වෙලා හිටපු කාලෙදි රීඩ් එක්ක යම් නෝක්කාඩුවක් ඇතිකරගෙන ඉන්නව වගේ. ඒකට තවත් පිදුරු දාන්න වගේ අන්තිම කොටසෙදි රීඩ් ඇයට බොරුකියපු බව ඇයට ඔප්පුවෙනව. මේක සම්බන්ධවෙනව ස්ටුවර්ට්ගෙ මිනීමැරුමටත්. ස්ටුවර්ට්ගෙ මිනීමැරුම සම්බන්ධව පැටර්සන් පරීක්ෂණ කිරීම තාම නවත්තලා නෑ. ඒ පරීක්ෂණවලින් හිතාගන්නවත් බැරි කෙනෙක් පැත්තට සැකට යොමුවෙයි වගේ. බලමුකො ඉතින්…

කතාව දැන් නම් ඒකාකාරී වේගෙන එනවද මන්දා… කොහොම වුනත් ඕනිම කතාවක් ඕනිවට වඩා දීර්ඝ වෙද්දි යම් ඒකාකාරීබවක් එනවනෙ. අපි බලමුකො මොකද වෙන්නෙ කියල.

එහෙනම් මම සමුගන්නව. වෙනද වගේම අදත් කමෙන්ටුවක් දාල බාගත කරගන්න. ලබන සතියෙදි නැවත හමුවෙමු!

ජය!

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 327MB |

647C34F2AE8AF5519D2DF3510A18586DBF9874BC

| HDTV | x265 | 720p | 216MB |

294AF9376D076153FF2922439BAB3BD13A802186

 Direct Download

| HDTV | x264 | 480p| 233MB |

| HDTV | x265 | 720p | 216MB |

| HDTV | x264 | KILLERS | 327MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *