MENU

Blindspot [S03 : E06] | ඇක්ෂන්.!

Blindspot කතාමාලාවෙ තුන්වෙනි කතාසමයෙ හයවෙනි කොටස තමයි මේ. තවම මේ කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක නිල වශයෙන් දැනුම්දීල නෑ. කොහොම වුනත් තව කොටස් තුනකින් පස්සෙ ටික කාලෙකට නිවාඩුවක් ලැබෙනව.

අද කොටසට “ඇක්ෂන්” කියල දැම්මෙත් අද කොටස ඇතුලෙ තවත් චිත්‍රපටයකට සම්බන්ධවීමක් වෙන නිසා. ජේන්ගෙ දුව ගැන දැනගන්න ලැබුණු තොරතුරු නිසා ජේන් ටිකක් කම්පාවෙලා ඉන්න අතරෙ අපිට දැනගන්න ලැබෙනව ජේන්ගෙ දුවව වෙලර්ට ක්ලින්ම දැනහඳුනගන්න ලැබිල තියෙනව කියල. ඒ බර්ලින්වලදි. රෝමන් කර්ට්ව බයකරල තියාගන්නෙත් බර්ලින්වල සිදුවුන යම් සිදුවීමක් ගැන සඳහන්කරල. කොහොම වුනත් ඒ ඇත්තටම මොනවගේ සිදුවීමක්ද කියන එක තවම අපිට හරියට දැනගන්න ලැබෙන්නෙ නෑ. ඒ අතරෙ රෝමන් තවත් පච්චයක් විසඳන්න පෙළඹවීමක් කරනව. ඒ ගැන හොයාගෙන යන කණ්ඩායමට චිත්‍රපටයක රූගතකිරීම්වලටත් යොමුවෙන්න සිද්දවෙනව. කොහොම වුනත් අවසානයේ දැනගන්න ලැබෙනව මේ චිත්‍රපටයත් මහා විනාසයක් කරන්න සැලසුම්කරන කණ්ඩායමක ප්‍රතිඵලයක් කියල. බලමුකො මොකද වෙන්නෙ කියල…

ඒ අතරෙ රීඩ්, හර්ස්ට් එක්තරා කණ්ඩායමක් විදිහට පැටර්සන්ට හා ටාෂාට විරුද්ධව ක්‍රියාකරනව. ඇත්තටම මේ රීඩ් හා හර්ස්ට් එකතුවෙලා මේ තරම් මහන්සියෙන් හංගන රහස මොකක්ද? මේ ගැන යම්කිසි ඉඟියක් අද අවසානයට දැනගන්න ලැබෙනව. ඒක හර්ස්ට නම් සුභවාදී වෙන්නෙ නැතිවෙයි වගේ.

එහෙනම් මම අදට සමුගන්නව! මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු!

ජය! 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 390MB |

8C6FBC1F73A17C42B15D8792227AF4C3564BB205

| HDTV | x264 | 720p | 1.3GB |

2213461E38B09BED40382641A65F8BCD13A68926

 Direct Download

| HDTV | x264 | 480p| 241MB |

| HDTV | x265 | 720p | 729MB |

| HDTV | x264 | SVA| 390MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *