MENU

Blindspot [S03 : E14] | සිහින ගැටලු!

ඔන්න එහෙනම් ආයෙත් හමුවුනා සෑහෙන කාලෙකින්. මේ කොටසට සති දෙකක විතර ප්‍රමාදයකින් තමයි උපසිරැසිය ලබාදෙන්නෙ. වැඩ කටයුතු එක්ක කාලවේලාව සම්බන්ධව ගැටලු තියෙන නිසා ප්‍රමාදවෙනව. ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. අද කොටස වෙනද කොටස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටසක්. අද කොටසෙ ප්‍රධාන චරිතය වෙන්නෙ පැටර්සන්. මේ කොටස “සිහින ගැටලු” විදිහට නම්කලෙත් ටිකක් සිහිනවලට වැඩි නැඹුරුවක් තියෙන කොටසක් නිසා.

අදත් වෙනද වගේම සාමාන්‍ය විදිහට දවස ආරම්භකරන කණ්ඩායමට පැටර්සන්ගෙ පච්ච විශ්ලේෂණය අංශයේ කෙනෙක් විසඳපු පච්චයක් ගැන දැනගන්න ලැබෙනව. ඒකෙන් දැනගන්න ලැබෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රදේශවල සේවය කළ එකම දිනයේ මියගිය මැරීන් භටයින් දෙදෙනෙක් සම්බන්ධවයි. මේ මැරීන් භටයින් දෙදෙනා ගැනම තවදුරටත් පරීක්ෂණ කරන කණ්ඩායමේ අයට ඔවුන්ගෙ මළසිරුරු ආදාහනයෙන් පසු ඉතුරුවෙන අළු සම්බන්ධව පරීක්ෂණයක් (ටෙස්ට් එකක්) පටන්ගන්න සිදුවෙනව. මේ ටෙස්ට් එක කෙරෙන අතරතුර ඒ උපකරණයක් පිපිරීමට ලක්වෙනව. දැන් තමයි සිහිනය පටන්ගන්නෙ. වෙනද වගේ ක්ෂේත්‍රවල ගැටළු විසඳන කොටසක් නොවෙන මේ කොටස වැඩියෙන්ම ගෙවෙන්නෙ සිහිනයක් මත. වැඩි කාරණා කිව්වොත් කතාව රසවින්දනයට බාධාවෙන නිසා සිහිනය ගැන නොකිය ඉන්නම්  ? ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින්ම උපසිරැසි ලබාදෙන්නම්. අද කොටසත් රසවිඳින ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න එහෙනම්  ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 320MB |

032D875F0A557DD092A7B24F341785BBED7687B7

 Direct Download

| HDTV | x264 | 480p | 200MB |

| HDTV | x265 | 720p | 234MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *