ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. මම කලින් කතාවේ පොරොන්දු වුණා වගේම පුලුවන් තරම් ඉක්මනින් අලුත් කොටසත් අරන් ආව. අද BLINDSPOT රසිකයොන්ට ගොඩාක් විශේශ දවසක් කිව්වොත් මන් හරි. මොකද මෙච්චර කාලයක් හොයාගන්න බැරිව තිබුණු රෝමන්ගේ ඊලග දත්ත ගබඩාව අද රීචුත් පැටර්සනුත් එකතු වෙලා හොයාගන්නවා. හොයා ගන්නේ කොහොමද කියල මන් කියන්නේ නැහැ. කතාව බලන්න එතකොට වැඩේ පැහැදිලි වෙයි. ඔයාල අහල තියෙනව නේද අපි දැනුවත්ව කරන පව් වල විපාක පල දෙනව කියලා. එහෙම නේද ?. අද ඒකට හොද උදාහරණයක් කතාමාලාවේ තියෙනවා. බුදු දහමේ කියන විදියට පව්කරපු කෙනෙක් කොහේ හැන්ගිලා හිටියත් අදාළ පුද්ගලයට එයාගේ වැරදි වලට දඩුවම් ලැබෙනවම තමයි. ඒක මට මේ උපසිරසිය කරද්දී දිගින් දිගටම මතක් වුණා. ඒ වගේම “සදකිදුරු ජාතකය” අහල තියෙනව නේද ?. ඒ ජාතක කතා වස්තුව මන් 2014 O/L කරන කොට අපේ සින්හල සාහිත්‍ය පොතේ තිබුණා. ඒ කතාව පොතේ තිබුණේ “සද කිදුරු දා කව” කියල ලස්සන කවි කීපයකින්. (ඒකේ සුපිරි කවි ටිකක් තියෙනව පුලුවන්නම් කියවන්න.https://www.e-thaksalawa.moe.gov.lk/web/en/grade-10-old.html ලින්ක් එක ඔන්න.) ඒ ජාතක කතාවේ අන්තිමට කිදුරිය, මැරුණු කිදුරගේ සිරුර වැලදගෙන දුක තුනී කරගන්න කියන කවියක තියෙනව, “සාගරයේ කොතනක හැන්ගුනත්, මහ ගල් ගුහාවක හැන්ගුනත් කරපු අකුසල කර්ම වල ප්‍රතිවිපාක ලැබෙනවා” කියලා. {මන් මේ නිකමට කියන්නේ අද10,11 සාහිත්‍ය පොතක් නිකමට පෙරලල බලන්නකො. වෙනසක් තේරෙයි.) මරල හරි ඕන බලු වැඩක් කරල හරි සල්ලි හොයන, සල්ලි පස්සේ මැරෙන්න යන මිනිස්සුන්ට ඒ කතාවෙන් ගොඩාක් දේවල් ගන්න පුලුවන්. අපෝ ඇති ඇති. මන් කතාවේ ඉතුරු ටික කියන්නම්.
සපාට මැඩ්ලින් එක්ක කරන අලුත්ම වැඩේ. කට්ටිය හදන්නේ ලෝකෙ ඉන්න හොදම හැකර්ව ගෙන්නවන්න වගේ. ඔයාලට මතකද JB කියල පොරක් ගැන කතවුණා. අද දැනගන්න පුලුවන් ඒ කවුද කියලා. ඒ වගේම ජේන්ට බෙහෙතකුත් හොයා ගන්න සාර්තක ක්‍රමයක් හම්බවෙයි කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනව. හැබැයි අද කතාවේ ජේන්ට වෙන්නෙ නම් අපි බලපොරොත්තු නොවෙන දෙයක්මයි. ඉතින් මන් ගිහින් එන්නම්. ඊලග කොටස පුලුවන් ඉක්මනට ගේන්නම්.
අද කතාවේ නම – sun,moon,and the tree
IMDB අගය – 8.4
විකාශය වුණේ – 2018/11/30
.ප.ලි..
මේ කතාව මට බාර දුන්නේ ශාන් විමුක්ති අයියා. මාව විශ්වාස කරළ මේ වගේ දරුණු ටීවී සීරිස් එකක් දීපු එකට මුලින් ස්තූති කරන්න ඕන. මන් නවක උපසිරසි කරුවෙක් විදියට උපසිරසිකරණයට අත්පොත් තියද්දී හැම වෙලේම මාව උනන්දු කළේ ශාන් විමුක්ති අයිය තමයි. මගේ දෙවැනි සබ් එකේ ඉදන්ම නොකඩවා මේ ටීවී සීරිස් එක මන් කරන්න ප්‍රධාන හේතුව විමුක්ති අයියා තමයි (මන් ශාන් කියල නොකිය ඉන්නම් මොකද මටත් කට්ටිය කතාකරන්නේ ශාන් කියලා.?) ඉතින් ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕන මේ කරන උනන්දු කිරීමට.
තෙරුවන් සරණයි…………. සුබ අනාගතයක්……..
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | TBS | 380MB |
Direct Download
| WEB | x264 | TBS | 380MB |
| WEB | x264 | 480P | 160MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)