MENU

Blindspot [S04 : E18] | මාරක මීමැස්සන්..!

මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින් සෑහෙන වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක. මේ නිසා රීඩ් කියනව එයාගෙ නවාතැනට ගිහින් ටිකක් විවේකයෙන් ඉන්න කියල. ඔන්න ඔය අතරෙ තමයි කට්ටිය දැනගන්නෙ නිව්යෝර්ක් ආහාර සැපයුමට TTX කියන විෂ මිශ්‍ර කරල නිසා මිනිස්සු 26ක් මැරිල කියල. ඒ විෂ ටිකක් අසාමාන්‍ය විෂක්. මේ විෂ හඳුනාගෙන තියෙන්නෙ මුහුදෙ ඉන්න මාළු විශේෂයකින්. නමුත් මේ විෂ මිනිස්සුන්ගෙ ශරීර වලට ඇතුළු වෙලා තියෙන්නෙ කොමඩු හරහා. ඉතිං කොහොමද මාළුවෙක්ගෙ විෂ නීරෝගී කොමඩු අස්වැන්නකින් මිනිස්සුන්ගෙ ශරීර වලට ඇතුළු වෙන්නෙ. ඔන්න ඔය ගැන කරුණු හොයාගෙන යනකොට තමයි දැනගන්න ලැබෙන්නෙ මේ විෂ කොමඩු එළියට ඇවිල්ල තියෙන්නෙ පැටර්සන්ගෙ තාත්ත වැඩ කරන ලැබ් එකකින් කියල. මේකෙන් කරුණු කාරණා තව සෑහෙන දරුණු වෙනව. මේ දේවල් එක්ක වැඩ කරගෙන යනකොට, දැනගන්න ලැබෙනව ජිනී කියල පර්‍යේෂණ සහායිකාවක් මීමැස්සන් යොදාගෙන ජාන වැඩිදියුණු කිරීමක් කරල තියෙනව කියල. අයින්ස්ටයින් වතාවක් කියල තියෙනව, මීමැස්සන්ගෙන් තොරව මිහිමත මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් අවුරුදු හතරක් විතරයි කියල. ඔන්න එතන ඉඳල තමයි කතාව සැරටම අවුල් වෙන්නෙ. කොහොමහරි මේ ජාන වැඩිදියුණුව මඟින් මීමැස්සන් අපි නොහිතන විදියේ භයානක සත්ව විශේෂයක් බවට පත් වෙනව. ඉතිං මේ සිදුවීම එක්ක තමයි කට්ටිය අද පටලැවෙන්නෙ. මීට අමතරව ක්ලෝඩියා එනව ටාෂා ලඟට ඩොමිනික් යවපු කේත් කරපු තොරතුරු වගයක් අරගෙන. ඒ තොරතුරු වලින් සමහර දේවල් තෝරගන්න දෙන්නට හැකියාව ලැබෙනව. ඊට පස්සෙ ක්ලෝඩියා තනියම යනව ඩොමිනික් හොයාගෙන. අවාසනාවට අද ක්ලෝඩියා ඒ යන්නෙ තමන්ගේ ඉරණම් ගමන. ඩොමිනික් සිදුවීම පස්සෙ තොරතුරු වගයක් නිසා ඊලඟ කතාංගයේ කර්ට්ට ලොකු බලපෑමක් එල්ල වේවි. එහෙනම් ආයෙත් හමුවෙනතෙක් හැම කෙනෙකුටම ජය වේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 347MB | 

Direct Download

| WEB | x264 | PHOENiX | 347MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *