ආයුබෝවන් යාළුවනේ..!
මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස්සයෙක් විසින් කිසිම හේතුවක් නැතුව මරල දාන විදිය. ඊට පස්සෙ කොහොමහරි FBI යාළුවො සෙට් එක සාදයක ඉන්න අතරතුර පැටර්සන්ට පණිවුඩයක් එනව හිරකාරයෙක් ලඟ වැදගත් තොරතුරු වගයක් තියෙනව, ඒ ටික වහාම ඔවුන්ට දැනුම් දෙන්න ඕනෙ කියල. කොහොමහරි සාදය නතර කරල සෙට් එක යනව මේ කෙනාට මොනවද කියන්න තියෙන්නෙ කියල අහන්න. ඒ හිරකාරය එයාල දන්න කියන, වාචාල හිරකාරයෙක්. නම ෂෝ අක්ටාර්. ෂෝ මේ පිරිසට කියනව ඩබර් සන් කියන ත්‍රස්ත කණ්ඩායම ආසන්න දවසකදි අනිවාර්යයෙන් නිව්යෝර්ක් වලට පහර දෙනව කියල. මේක ටිකක් බොරුවක් වගේ පෙනුනත් ඒ වගේ කතාවක් නිකම්ම නොසලකා හරින්න බෑනෙ. ඉතිං කට්ටිය මේ ගැන හොයන්න පටන් ගන්නව.
ඔය අතරෙ FBI මූලස්ථානයේ නවීකරණ කටයුතු කෙරීගෙන යනව. පැටර්සන් පිස්සුවෙන් වගේ ඉන්නෙ එයාගෙ ජාල පද්ධතිය ගලවල අලුතෙන් ජාලගත කිරීමක් කෙරෙන නිසා. මේ නවීකරණය අතරතුර තමයි පැටර්සන් ෂෝගෙ පරිගණකය විකේතනය කරන්නෙ. හැබැයි පද්ධති ප්‍රතිෂ්ඨාපනය නිසා පැටර්සන්ට මේක සිස්ටම් එක හරහා කරගන්න බැරි වෙනව. ඔන්න එතකොට තමයි FBI එකට වුණත් පරණ ක්‍රම වලට වැඩේ ගොඩදාගන්න වෙන්නෙ. ඉතිං මේ නිසා පැටර්සන්, බ්‍රියෑනා කියන අලුත් කෙනෙක් එක්ක මේ විකේතනය මොළෙන් ගේමක් ගහල, ගණන් හදල ලොකු සෙල්ලමක් දාල හොයාගන්නෙ. කොහොමහරි මේ සිදුවීම වෙන අතරෙ ඝාතකයෙක් FBI ගොඩනැගිල්ල ඇතුළට ඇවිල්ල ඉන්නෙ. එතන ඉඳන් සිස්ටම් එකකුත් නැතුව, අන්ධයන් වගේ මේ සෙල්ලම කට්ටිය කරගෙන යන විදිය ඔන්න බලාගන්න පුළුවන්. ඒ වගේම බ්‍රියෑනා ගැනත් ඇහැ ගහගෙන ඉන්න. පේන කෙනාම නෙවෙයි අවසානෙ අපිට දකින්න ලැබෙන්නෙ. එහෙනම් මතක් කිරීමක් කරන්න ඕනෙ ඉදිරි සති දෙක තුළ ශැඩෝහන්ටර්ස් සහ සුපර්ගර්ල් ඉතුරු සබ් ටික ලබාදෙන්න වැඩ කරගෙන යමින් ඉන්නෙ. ඒ නිසා මේ හිටිය වගේ තව ටික දවසක් ඉවසීමෙන් ඉන්න කියලත් ඉල්ලා සිටිනවා. සුපර්ගර්ල් තුළින් නැවත හමුවෙමු. ජය වේවා.. !
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | 720p | 1.4GB |
Direct Download
| WEB | x264 | 720p | 1.4GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)