MENU

Blowup (1966) | ඡයාරූපයක සටහන් වූ ඝාතනය…(18+)

ඔන්න මේ වතාවේ ඔබ වෙත ගෙන එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බොහොම පරණයි මම හිතන්නේ වසර 52 කට කලින් නෙව මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. ඔස්කා සම්මාන 2 ක් සඳහා නාමයෝජනා ලැබුවා මේ Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන නිර්මාණය කරන්න ඇත්තටම තෝරා ගන්න හේතු කිහිපයක් තියනවා.

ඉන් ප්‍රධාන වෙන්නේ මේක Michelangelo Antonioni අධ්‍යක්ෂනයක් වීම. කොටින්ම මේක ඔහු ඒ කාලයේ MGM සමාගම එකක් ඉංග්‍රීසි චිත්‍රපට තුනක් නිර්මාණය කරන්න අත්සන් කල ගිවිසුමේ ප්‍රතිපලයක්. අනික් දෙකත් ඉදිරියේ ඔබ වෙත ගෙන එන්න අදහසක් තියනවා බලමු මේකට ලැබෙන ප්‍රතිචාර එකක්. මේ අධ්‍යක්ෂකවරයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔබට හොඳ චිත්‍රපට ටිකක් දැකගත හැකි වේවි නියතයි. ඔහු තමුන්ගේ සිනමා ජීවිතය තුල ඔස්කා සම්මාන නම් ලබා ගන්නට සමත් වුනේ නැහැ නමුත් නාම යෝජනා දෙකක් නම් ලබා ගත්තා නමුත් 1995 ගෞරව සම්මානයක් නම් ලබා දෙන්නට ඇකඩමිය කාරුණික වුනා නමුත් මගේ මතයට අනුව නම් ඔහු අයත් වෙන්නේ Alfred Hitchcock, Stanley Kubrick, Orson Welles වැනි සිනමාව දෙවනත් කලත් අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔස්කා සම්මාන නොලැබූ විශිෂ්ඨයන්ගේ ගොඩට. ඇකඩමිය කොහොම වුනත් ඉතින් Palme d’Or, Silver Lion, Silver Ribbon, Golden Bear, Golden Leopard වැනි එකී නොකී සම්මාන කන්දරාවක් එතුමා තමුන්ගේ වැඩ රාජකාරි වෙනුවෙන් දිනාගන්නට සමත් වෙලා තියනවා.

දෙවැනි හේතුව වෙන්නේ මම අපේ 9 වැනි සංවත්සරය දවසේ It Happened One Night (1934) චිත්‍රපටය අරගෙන එනකොට කිව්ව Hays Code එක. මේ නිර්මාණය එංගලන්තයේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ඒ නිසා ඔවුනට හැකි වෙනවා මේ පිස්සු නීති මගහැර යන්නට නමුත් ඇමරිකාවට පැමිණි වෙලේ එතකොටත් ලොකු කතාබහකට ලක්වෙලා තිබ්බ Hays Code එකට අවසන් ගමන් යන්නට ලොකු වැඩක් කරන්න මේ නිර්මාණය සමත් වෙලා තියනවා ඒ මොන දේ කොහොම වුනත් මේ නිර්මාණය ලබාගත් අතිශය ඉහල විචාරක හා මුල්‍යමය සාර්ථකත්වය නිසා. ඉතින් මෙවැනි නිර්මාණ කිහිපයකට පින් සිද්ධ වෙන්න අද අපි දන්නා MPAA ක්‍රමය 1969 දී ආරම්භ වෙනවා.

අධ්‍යක්ෂණය ගැන කිව්වා, පිටපත ගැන කියනවා නම් “Las babas del diablo” නම් කෙටි කතාවෙන් තමයි මේක පදනම අරගෙන තියෙන්නේ. ප්‍රධාන මුහුණ වෙන්නේ ඇතිසුරුපී Vanessa Redgrave හා David Hemmings. IMDB මිටරයේත් 7.6 ක් වගේ අගයක් ලබාගත්ත මේ නිර්මාණය රෝටන් ටෝමාටෝ මීටරයේ 87% වගේ අගයක් ලබාගෙන තියනවා. තවත් ඉතින් කියනවා නම් ඇමරිකාවේ බොහොම නමක් දරාපු චිත්‍රපට විචාරකයෙක් වෙන රොජර් ඉබර්ට් මහත්තයා මේකට 4/4 හැටියට තමයි එතුමාගේ ලකුණු ලබා දීලා තියෙන්නේ. ආ කියන්න අමතක වුනා මේ තමයි 1967 කෑන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය.

කතාව මෙහෙමයි, තෝමස් කියන්නේ අලුත් පන්නයට හැදුන, සල්ලාල ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ ප්‍රධානය කාර්යය වෙන්නේ ලස්සන නිරුපිකාවන් තමුන්ගේ කාචයේ සටහන් කරගැනීම., ඉතින් මේ එකක්ම ඔහු තමුන්ගේ ඡායාරූප පොතක් වෙනුවෙන් ඡායාරූප එක්කාසු කරනවා. මෙහෙම ගිය ගමනක දී තමයි ඔහු උද්‍යානයක ආදරයෙන් වේලිලා ඉන්න ජෝඩුවක් තමුන්ගේ කාචයේ සටහන් කරගන්නේ. මේක දැක්ක මේ ජෝඩුවේ තරුණිය ඔහුගෙන් නොවැද ඉල්ලනවා මේ ඡායාරූප ටික. නමුත් ඔහු කොහොම හරි ඇයව මගහැර එන්නට සමත් වුනත් ඔහුගේ නිවසේ දොර ලග තමයි ඇය නතර වෙන්නේ…. ඔහු කෙසේ හෝ මේ ලස්සන සාමකාමී ඡායාරූප සකස් කරන විටයි එහි අමුත්තක් දකින්නේ…. එසේ මෙසේ අමුත්තක් නෙමෙයි මිනීමැරුමක්… කෙමෙන් කෙමෙන් එළිවෙන මිනීමැරුමක්… ඡායාරූපයෙන්, ඡායාරූපය දිගහැරෙන කතාවක්… ඉතින් මේ කතාව කොහොම වේවි ද? ඔහු මොකක් කරාවි ද? මේ තරුණිය මොනවා නම් කරයි ද? මේ සියල්ල ඔබට දැකගත හැකි මේ අපුරු නිර්මාණය බැලුවොත්… ඒ වගේම කියන්න ඕන පොඩිහිටියන් මේක නොබලනවා නම් තමයි හොඳ…

එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා !!!

~ ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ඔබ සැමට ~

~ සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා කියලා පතනවා. ~

පා.ලි. මේකේ පිටපත් ගැන කියනවා නම් මම මේ උපසිරස නිර්මාණය කරලා තියෙන්නේ Blow-Up.1966.720p.BluRay.X264-AMIABLE නම් පිටපත වෙනුවෙන්. ඒ වගේම Blowup-72-mf-film නම් පිටපතකටත් ගැලපෙන හැටියට උපසිරස කාල රාමු වෙනස් කරලා තියනවා. ඉතින් මේ දෙකෙන් එකක් හොයාගන්නවා නම් තමයි මම හිතන්නේ ඇගට ගුණ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 4GB |

98f891536928b3cdf69a4603e0c5edd44230dbe4

Direct Download

| Bluray | x264 | 720p | 850MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Blowup (1966) | ඡයාරූපයක සටහන් වූ ඝාතනය…(18+)

  • Openload link ekak denna ko br ekata plzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *