MENU

Boogeyman (2005) | ගෝනිබිල්ලා…

හැමෝම හොදින් ඉන්නවද. මේ පාර හොල්මන් ෆිල්ම් එකකට තමයි උපසිරසි ගෙනාවේ, නමින් Boogeyman ෆිල්ම් එක තිරගත වෙන්නේ 2005 දී. අද්‍යක්ෂනය කරන්නේ stephen kay. දැන් ඉතින් ගෝනිබිල්ලා කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ, මේක කියවන හැමෝම ගෝනි බිල්ලට බයේ බත් කාපු අය.නෑ කියන්න එපා :3 . ඉතින් ගෝනි බිල්ලා කියන්නේ රටවල් ගොඩක සංස්කෘතියේ සදහන් වෙන මිත්‍යා සත්වයෙක්. ගොඩක් වෙලාවට වැඩිහිටියන් පොඩි අයව බය කරන්න, හොද පාරට ගන්න තමයි ගෝනිබිල්ලව පාවිච්චි කරන්නේ. ඒත් ගෝනිබිල්ල කියල කෙනෙක් ඇත්තටම ඉන්නව නම්?

හොදයි කතාවේ තියෙන්නේ ඒවගේ සිද්දියක්. මේකේ අපේ කතා නායකයා තමයි ටිම්.පොඩි කාලේදී ටිම් ගේ තාත්තා අද්භූත විදිහට අතුරුදහන් වෙනව. හැබැයි අතුරුරුදහන් වෙනව කිව්වට ටිම් ගේ ඉස්සරහදිම ගෝනිබිල්ල ඇවිත් එයාගේ තාත්තව අරගෙනා යනවා. දැන් ටීම් මේ කතාව පොඩි කාලේ හැම කෙනෙක්ටම කිව්වට කවුරුවත් එයාව පිළිගන්නේ නෑ.තාත්තා දාල ගිය නිසා කම්පනයට පත්වුන පොඩි එකෙක් ගේ කතාවක් කියල හැමෝම මේක නොසලකා හරිනව. ඔහොම කාලය ගෙවිල ගිහින් දේවල් සමතයකට පත් වුනාට පස්සේ වෙන දෙයක් හින්දා තමයි ආපහු ගොනීබිල්ලා හොල්මන් කරන්න පටන්ගන්නේ. ටිම් ගේ අම්ම නැතිවුනාට පස්සේ එයා ආපහු එයාගේ පරණ ගෙදරට යනවා. ඒ කියන්නේ එයාගේ තාත්තව අතුරුදහන් වුන ගෙදරට. ඉතින් මෙතන ඉදල තමයි දේවල් වෙනස් වෙලා දේවල් අමුතු වෙන්න ගන්නේ. ඉතින් ටිම් ට හිතපු නැති වෙන විදිහේ දේවල් දාමයකට මුහුණ දෙන්න සිද්ද වෙනව. එහෙනම් කතාව බලල හොද නරක කියන්නකෝ. එහෙනම් තවත් උපසිරසියකින් ආපහු මුණ ගැහෙමුකෝ. ජය !


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRIP | x264 | 720p | 800MB |

ace29f7cf9ec8a5e285c885a34242d51aa0a2847

Direct Download

| DVDRIP | x264 | 720p | 800MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *