MENU

Breathe [S01 : E01] | ජීවිතයක් වෙනුවෙන් මාරයෙක්

කෝ මේකේ ගැටගහලා තිබ්බ හෙල්මට් එක?
රාහුල් හතර වටේම බැලුවත් හෙල්මට් එක නම් හොයාගන්න බැරිවුණා.
උස්සපු එකාට සාප කර කර රාහුල් බයික් එක ස්ටාට් කරගත්තා.
මහ වැස්ස.. රෑ හතට විතර ඇති.
වැඩි දුරක් යන්න උනේ නෑ. කොහෙන්දෝ ආපු කාර් එකක් බයික් එකේ වැදුනා.
බයික් එකත් පෙරලගෙන රාහුල් මීටරයක් විතර දුරට පාරේ ඇදීගෙන ගියා.
ඉහින් කනින් ලේ දාගෙන එද්දී, නැගිටගන්න හැදුවත්
බැහැ, කකුලක් බයික් එකට යට වෙලා.
කාර් එකෙන් බැහැපු මිනිහෙක් අඬාගෙන වගේ දුවන් ආවා.
අතේ මොකක්දෝ දෙයක් තිබ්බත් එක්ක.
මිනිහා කෑ ගහගෙන රාහුල්ගේ ෆෝන් එක ගත්තා
අරන් ඉස්පිරිතාලේ නොම්බරේ ඔබලා රාහුල්ගේ කනෙන් තිබ්බා.
“ඇම්බියුලන්ස් එකක්, වාලවල්කර් පාරට” රාහුල් ෆෝන් එකට මිමිණුවා.
වේදනාව යටපත් කරගෙන රාහුල්ට සහනයක් දැනුනා.
හැමදේම හරිය කියල හිතෙන්නැති.
ඒත් ඒ පොඩි වෙලාවකට විතරයි.
අර මිනිහා බිමට නැමිලා තඩි ගලක් දෝතින්ම ගත්තා
රාහුල්ගේ මුණට අතාරින්න තප්පර දෙකක් තියෙද්දී,
ඈතින් ඇම්බියුලන්ස් සද්දෙකුත් ඇහුනද කොහේදෝ.
“මට සමාවෙන්න, රාහුල්”2018 වසරේ කවුරුත් කම්පනයට පත් කරපු ඉන්දියන් නිර්මාණය මේකයි කිව්වොත් මම හරි මම හිතන්නේ. ට්‍රේලරේ දැකපු ගමන් මේක ගැන කවුරුත් බලාපොරොත්තු පොදී බැඳගත්තා. ජනවාරි මාසේ 26 විකාශය ආරම්භ කරපු කොටස් 8කින් විතරක් යුක්ත මේ වෙබ් සීරීස් එක කාගේත් ඇඟ සීතල කරලා මේ වෙද්දී IMDb 8.9ක සුපිරිම අගයක් වාර්තා කරලත් තියෙනවා. දැනෙන කම්පනය නම් උපරිමයි. පලවෙනි එපියේ පලවෙනි විනාඩි 2ම ඇති ඔයාලව මුළු සීරීස් එකට ඇඳ බැඳ තියාගන්න. රංගනයෙන් දැකලා නුපුරුදු අය නම් නෙමේ එකතු වෙන්නේ. කවුරුත් දන්නා මාධවන්,අමිත් සාධ්, සප්නා පබ්බි සහ ශ්‍රීස්වරා ප්‍රධාන චරිත වලට පණ පොවනවා. මම ආයෙත් කියනවා, ට්‍රේලරේ බලන්න, සැකයක් නෑ ඊළඟට ඔයාගේ අත යන්නේ ඩවුන්ලෝඩ් බට්න් එකටයි. ඉන්දියන් සීරීස් එකක් කියලා දෙපාරක් හිතන්න දෙයක් නෑ. පලවෙනි එපිය විතරක් බලන්න. එහෙනම් තව කොටස් 7යි දෙන්න තියෙන්නේ. දෙවැනි කොටස එක්ක හමුවෙමු. මේක තමා අපේ අවුරුදු තෑග්ග වෙන්නෙත් ඉතිං. ?
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 720p | x264 |  375MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Breathe [S01 : E01] | ජීවිතයක් වෙනුවෙන් මාරයෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *