MENU

Breathe [S01 : E08] | අවසන් සුසුම අතරින්…

රියා තමන්ට ඉස්සරහින් වාඩිවෙලා හිටිය කබීර් දිහා බැලුවා.
ඒත් ඇයට පෙනුනේ පසුතැවිලි වෙච්ච,
බීලා නැති නාස්ති වෙච්ච කබීර් නෙමෙයි.
තමන් ආදරේ කරපු පෙම්වතාවයි..
තමන් ආදරේ කරපු සැමියවයි..
මට සමාවෙන්න.. ඇය හඬ අවදි කරා..
කාරණා කෙසේ වෙතත් ඔහු තාමත් ඇයට ආදරෙයි
ඇයට එක දැනුනා.
හැමදේම අවසානේ ඔහු ඇයව මාරයාගෙන් ගලවගත්තා.
දැන් ඔහු යන්නම යන්නේ.
ඇයට හිස්බවක් දැනුනා…
හැමදේම ඉවර උනා, ඔහු යන්නම යනවා..
ඔහු බෑගයත් අරන් එළියට බැස්සා..
“ගිහින් එන්න” ඈ අවසානෙට මිමිණුවා.
කබීර් රැගත් රථය ඈතට ඈතට ගියා..
රියා ඒ දිහා බලන් හිටියා
ඔව්, ඔහුත් ඒ දිහා බලන් හිටියා.
මාරයා.. කට කොනක හිනාවකුත් එක්ක..
ඊළඟ බිල්ලට වෙලාව!

දවස් 7ක් හෙලපු සුසුම් පෙලේ අවසන් සුසුම හෙළන්නයි මේ සුදානම් වෙන්නේ. පහුගිය කොටස එක්ක එකතු උනා නම් දකින්න ඇති අච්චර අහිංසක ඩැනි, දැන් ඉන්න තැන ගැන. ජීවිතේට මුලින්ම මිනිහෙක්ව මරපු දවස, මැරිච්ච මිනිහට වඩා ඩැනි අඬන්න ඇති. මිනිහට වමනෙත් ගියා මතක ඇති. ඒත් දැන් මිනීමරන එක මිනිහට හරිම සුළු දෙයක්. ලැයිස්තුවෙන් පිට කෙනෙක්ටත් පහුගිය කොටසෙදි අවස්තාව හම්බවුණා තමන්ගේ ජීවිත ගමනට සමු දෙන්න. අලුත් ජීවිතයක් පටන් ගන්න හිටපු කෙනා, ඩැනිගෙම මනමාලි වෙන්න හිටපු කෙනා. දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ. නායර්ගේ මිනීමැරුම පස්සෙන් යන කබීර්ට ශක්තිමත් සාක්ෂි ටිකක් හම්බවුණා. හැම සාක්ෂියක්ම එල්ල වුණේ රාඕගේ පැත්තටනේ. රාඕ මිනීමරුවා බව තහවුරු උනා. කබීර් සැනසුම් සුසුමක් හෙලන්න ඇති රියාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙච්ච එකට. ඒ කොටස අවසානෙදි කබීර් රියාගෙන් සමුගත්තා තාවකාලිකව, අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන. හැබැයි සැබෑ ඝාතකයා තමන්ගේ වැඩේ අවසන් අදියරට ඇවිල්ලයි තිබුණේ. ඉතින් මොන දේ සිද්ධ වුණත් ආපසු හැරීමක් මිනිහගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

සමුගන්නයි මේ සූදානම. බොහොමත්ම බොහොමත්ම ස්තූතියි මේ කතාමාලාව එක්ක එකතු වෙච්ච හැමකෙනෙක්ටම. තවමත් නොබලපු අය ඉන්නවා නම්, බලන්න කියන්නේ නැහැ, මීට එහා මට කියන්නත් බැහැ. අවසන් කොටසින් පපුවට බරක් නම් නොවැරදීම එක්වෙයි. ඒ බර විඳගන්න. මේ වෙද්දී දෙවන සමයක් ගැන ආරංචි එහෙම නම් මුකුත් නැහැ. සමහරවිට දෙවන කතා සමයක් එන එකකුත් නැහැ. වැඩි බලාපොරොත්තු මොකටද නේද? හැබැයි එකම එක සුබ ආරංචියක් තියෙනවා. බයිස්කෝප් අපි ඔයාලට තවත් මේ වගේ සුපිරිම සුපිරි හින්දි වෙබ්සීරිස් එකක් අරන් එන්න කටයුතු යොදලා ඉවරයි. ඔව්, අද හෙටම. ඇඟිලි ගනින්න පටන් ගන්න එහෙනම්. ආයෙමත් ස්තූතියි මා එක්ක එකතු උනාට. සමුගන්නම්. මේ අවසන් හුස්මයි.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 720p | x264 |  400MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Breathe [S01 : E08] | අවසන් සුසුම අතරින්…

  • Shasika pradeep

    ELa kathawa okkoma kotas tka bluwa.. thwa kathwak ikmnata danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *