ඔහු!
අදටත් විඳවනවා..
අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.
අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!
දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.
ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන
පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා,
රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා
සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි!
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
ඇය!
අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා.
ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!
ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ.
අවුරුද්දක් ගත වෙලා
ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්.
හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින්
දෛවය!
දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා.
ඒ ඇයි?
ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?
පුරා කොටස් 11 ඔස්සේ දිගහැරුනු මේ කතාව
Broken But Beautiful!
අද අවසන් කොටස!
මහා පිරිසක් එකතු නොවුනට එකතු වෙච්ච පිරිස බොක්කෙන්ම බලපු කතාවක අවසන් කොටසයි මේ අරන් එන්න සූදානම් වෙන්නේ. කතාව එක්ක නොකඩවා එක්කහු වෙච්ච අය දන්නවා කතාවෙ තරම. ආදරය, සම්බන්ධකම්, විරහව තේමා වෙච්ච සීරීස් වලින් මම දැනට දැකපු ගුණත්වයෙන් වැඩිම වෙබ් සීරීස් එකක් තමා #B3 හෙවත් Broken But Beautiful කියන්නේ. ඔව්, කතාව මැදදි ඉන්දියන් කතන්දර වලට ආවේණික වෙච්ච සමහර අධි තාත්ත්වික දේවල් තිබ්බත් සමස්තයක් විදිහට ගත්තම ඒ සියල්ල අමතක කරලා දාලා ආදරණීය විදිහට විඳින්න පුලුවන් රසවත් කතාවක් විදිහය Broken But Beautiful හැමදාම කාගෙත් මතකයේ රැඳේවි.
සීසන් 2….?
කතන්දරේ අති සාර්ථකත්වයට පත් වෙච්ච නිසා දෙවනි සමයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගත්තහැකි. මොකද එක්තා කපූර් කියන්නේ එහෙම සාර්ථක වැඩක් ආයෙ ආයෙ අවුස්සලා රහ බලන්න ආස කෙනෙක්නේ. ළඟදි ට්වීට් එකකුත් දාලා තිබ්බා #B3 එකේ ඉදිරිය ගැන. ඉතින් ඒ ගැනත් බලාපොරොත්තුවෙන් ඉමු. එළඹෙන වැලන්ටයින් එකෙ හෝ ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.
එහෙනම් කතාව බලන්න එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තූතියි. Crazy_Chamikim, Krishan, Rehani, Chamindu ඇතුළු කමෙන්ට් කරලා හැමදාම සප් එක දුන්නු කොල්ලො කෙල්ලො හැමෝටම ගොඩක් ස්තූතියි. තවත් අලුත් කතාවක් එක්ක හම්බවෙමු. ආස කරන කතා සිංහලෙන් බලන්න කැමති නම් දාගෙන යන්න. උත්සහයක් දාන්නම්. ජයවේවා හැමෝටම එහෙනම්!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මාස කිහිපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.