MENU

Castlevania [ S01 : E03 – E04 ] | වැම්පයර් දඩයක්කරු, මන්ත්‍රධරයා සහ නිද්‍රාශීලී ගැලවුම්කාරයා..!

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං පළමුවැනි කතාංගයන් දෙක බැලුවනම් ඉතිං දැන් කතාව රස වැටිල ඉන්න ඕනෙ. මේ Castlevania පළමුවැනි කතා මාලාවේ අවසාන කතාංගයන් දෙක තමයි අරගෙන එන්නෙ. ඇනිමේෂන් බලන මම වගේ පිස්සෙක් නම් මේක අතාරින්නෙ නෑ කියල හොඳටම විශ්වාසයි. අනික බය නැතුව අත ගහන්න පුළුවන් මොකද උණු උණුවෙම තව කතාංගයන් අටක් ලඟදිම හුරු පුරුදු සිංහලෙන් බලන්න ලැබෙන නිසා. එහෙනම් පහුගිය කතාංගයන් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටස් වලින්..
ඉතිං කට්ටිය දැක්කනෙ ඩ්‍රැකියුලා මන්දිරයට කඩා බිඳගෙන ගියපු ලීසා අවසානෙදි ඩ්‍රැකියුලාගෙ බිරිඳ බවට පත් වෙනව. ඉතිං ඇගේ ඉල්ලීමක් පරිදි ඩ්‍රැකියුලා යනව ලෝකෙ වටේ සංචාරය කරන්න. එහෙම ගිහින් එනකොට පල්ලියේ පූජකයන් විසින් ලීසා මායාකාරියක් කියල පුළුස්සල මරල දාල. මායාකාරියන් පුළුස්සල මරණ එක ගැන ඉතිහාසයක් තියෙනව කියල කට්ටිය දන්නවනෙ. ඉතිං ඇයව මෙහෙම මරල දාපු එකට කේන්ති යන ඩ්‍රැකියුලා වලේකියාවෙ මිනිස්සුන්ට ඇගේ නාමෙන් අවුරුද්දක කාලයක් දෙනව ඉන්න තැන් වලින් ඉවත් වෙලා යන්න. හැබැයි ඔවුන් ඉවත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුන් ඇගේ මරණය සමරනව, ඔන්න අවුරුද්දකට පස්සෙ ශපත කරපු විදියටම ඩ්‍රැකියුලා තමන්ගෙ නිශාචර හමුදාව වලේකියාව මත මුදා හරිනව. ඒකෙන් මරණය හැම දිශාවෙම රජ වෙනව.ඒ අතරෙ තමයි බෙල්මොන්ට් වංශයේ ට්‍රෙවර් බෙල්මොන්ට් ග්‍රේෂිට් කියන නගරයට එන්නෙ. ඔහු නෙරපා හැරපු බෙල්මොන්ට් පවුලේ අවසාන පුත්‍රයා. කොහොමහරි ග්‍රේෂිට් වලදි ඔහුට කථිකයන් හමු වෙනව. එතනදි ඔහු පොරොන්දු වෙනව කථිකයන්ගෙ නැතිවුණු සාමාජිකය හොයල දෙන්න.

අද කොටස් වලින්..
ඉතිං අතුරුදහන් වුණු කථිකයා හොයාගෙන උමං සොහොන් බිමට යන ට්‍රෙවර්ට මූණ දෙන්නෙ වෙන්නෙ සෑහෙන භයානක අනතුරකට. නූලක් එහේ මෙහේ වීමෙන් ජීවිතය අහිමි වෙන්න පුළුවන් විදියෙ දරුණු අනතුරක් තමයි ඒක. ඒ වගේමයි අතුරුදහන් වුණු කථිකය ඔහුට මේ තැනදි හමු වෙනව. හැබැයි ඒ කෙනාව බේරගන්න ට්‍රෙවර්ට සටන් වදින්න වෙන්නෙ අතිශය භීෂණකාරී මෘගයෙක් එක්ක. කොහොමින්හරි එතනින් ගැලවිලා එන ඔහු පල්ලියේ බිෂොප් විසින් කැඳවනව. ඒ හොඳකට නම් නෙවෙයි, බිෂොප් විසින් කථිකයන් මරණව කියල කරන තර්ජනයක් නිසා ට්‍රෙවර් පල්ලියට විරුද්ධව නැඟී හිටින්න තීරණය කරනව. ඊට පස්සෙ රාත්‍රියේ ග්‍රෙෂිට් වලට ඩ්‍රැකියුලාගෙ රාක්ෂයන් පහර දෙනව. මේ සටන දරුණු විදියට ඇදිල ගිහින් අවසානෙ සයිහා කියන කථිකයා සහ ට්‍රෙවර් පොළව කඩාගෙන උමං සොහොනට ඇදගෙන වැටෙනව. එතනදි තමයි ඔහුන්ට අලූකාඩ් හමුවෙන්නෙ. ඒ හමුව තමයි දෙවනි කතා සමයේ පදනම. එහෙනම් ලොකුවට කතාව කිව්වම බලන්න දෙයක් ඉතුරු නොවෙන නිසා බාගෙට විස්තර කියල නැවැත්තුව ඔන්න. පළමු කතා සමය මෙතෙකින් අවසානයි. දෙවැනි කතා සමය විකාශය වෙලා තියෙන නිසා, ඒකත් එක්ක ඉතාම ඉක්මනින් හමුවෙමු. හැමෝටම ජය වේවා..!

         

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | STRiFE | 600MB | Complete S01|   

Direct Download

| WEBRip | x264 | STRiFE | 260MB | E03/E04 |

   

| WEBRip | x264 | 720p | 600MB | E03/E04 |      

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Castlevania [ S01 : E03 – E04 ] | වැම්පයර් දඩයක්කරු, මන්ත්‍රධරයා සහ නිද්‍රාශීලී ගැලවුම්කාරයා..!

  • season 2 ekath ekmanata dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong