MENU

Christmas Icetastrophe (2014)| අයිස් උල්කාවේ නත්තල…

ඇමරිකාවේ නිෂ්පාදිත Jonathan Winfrey විසින් අධ්‍යක්‍ෂනය කරණ ලද මෙම සලරුව IMDb අගය 3.8 ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙය Action / Sci-Fi ගණයට අයත් වූවකි.

මෙයට Victor Webster විසින් Charlie Ratchet ලෙසත්, Jennifer Spence විසින් Alex Novak ලෙසත්, අපි කවුරුත් දන්න The 100 සීරීස් එකේ චරිතයක් වූ Richard Harmon විසින් Tim Ratchet ලෙසත්, Tiera Skovbye විසින් Marley Crooge ලෙසත්, Mike Dopud විසින් Ben Crooge ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

දැන් අපි චිත්‍රපටියෙ කතාව දිහාට හැරෙමු… මෙම සලරැවෙන් කියවෙන්නෙ ලෝකය නත්තල සමරන්න ලෑස්ති වෙනවා. ඒත් මේ කාලයේ ගෝලීය උෂ්ණත්වෙ ඉහල ගිහින්, කලින් හිම වැටුන නගරවලට දැන් හිම වැටෙන් නෑ. ඒ අතර ලෙනොක්ස් කියල කියන පොඩි ප්‍රාදේශීය නගරයකුත් අයිති වෙනවා. දවසක් පෘථීවිය ග්‍රාහක කලාපයක් අසලින් ගමන් කරනකොට, ඉන් එක ග්‍රාහකයක අමුතු උෂ්ණත්ව පැල්මක් තාරකා විද්‍යාඥයින් විසින් හඳුනා ගන්නවා. ඒ ග්‍රාහකය පෘථිවියට කඩන් වැටෙනවා. හැබැයි මේක කඩන් වැටෙන කොට කොටස් දෙකකට දෙකඩ වෙනවා. ඒ උණුසුම් සහ සිසිල් ලෙස කැබලි දෙකකට. ඉතින් මේ කඩන් වැටීම දකින විද්‍යාගාරෙ ඉන්න එක් තාරකා විද්‍යාඥවරියක් වන ඇලෙක්ස් නොවැක් මේ පිළිබඳ ගවේශනය කිරීමක් කරණවා.

මේ එක උල්කා කැබැල්ලක් ලෙනොක්ස් කියන නගරෙ හරි මැදට තමයි වැටෙන්නේ. අනික ඈත මිනිස් වාසයෙන් තොර පැත්තකට වැටෙනවා. ඉතින් මේ කඩන් වැටුන උල්කා කොටස් දෙක තම බලය වෙනවෙනම පතුරුවනවා. නගරෙට වැටුන උල්කාව එය වටේ තියෙන හැමදේම විනාශ කරමින් ක්‍ෂණික කැටි ගැසීමකට ලක්කරනවා. අනෙක් කැබැල්ල වනයේ තම උණුසුමේ බලය ව්‍යාප්ත කරණවා. ඉතින් මේ අයිස් උල්කාව එදා ඒ නගරෙ අළුතින් ඉදිකරණ සාප්පු සංකීර්ණය ගාවට වැටෙන්නෙ. එදා ඒ වෙනුවෙන් පවත්වනු ලබන උත්සව භූමියට තමා අයිස් උල්කාව වැටෙන්නේ. එයින් නගර වැසියො හුඟ දෙනෙක් අහු වෙලා ක්‍ෂණිකව කැටි ගැසී මියයනවා. මේ ගැන කටයුතු කරන්න බෙන් ක්‍රෝජ් සහ චාලි රුටච්ට් ඉදිරිපත් වෙනවා. මොවුන් නගරෙ හිස් කරන්න තීරණය කරනවා. චාලි ගෙදර ඉඳන් ප්‍රජා ශාලාවට යන කොට මේ අයිස් උල්කාවේ බලපෑමට අහුවෙනවා. එහිදී චාලිට මේ උල්කා ගැන ගවේෂණයේ නිරතවී සිටින විද්‍යාඥවරිය ඇලෙක්ස්ව හමුවෙනවා. ඉතින් මේ ඔක්කොම හුටපට අස්සෙ පොඩි ආදර කතාවකුත් ගලාගෙන යනවා. ඒ බෙන් ක්‍රෝජ්ගෙ දියණිය මාර්ලි හා චාලි රුටච්ට්ගෙ පුතා වන ටිම් අතරෙ. ඉතින් මාර්ලි සිය සහෝදරයා එක්ක නගරෙන් පිටවෙලා ප්‍රජා ශාලාවට එන අතර මගදී අයිස් උල්කාවෙ ශීතලට ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඉන් ඇය බේරෙයිද? ටිම් ඇයව සොයායාවිද? ඔවුන්ට මොණවගේ ඉරණමක් අත්වේද? චාලි හා ඇලෙක්ස් අයිස් උල්කාව නතර කරාවිද යන්න බලලම තීරණය කරන්න.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray |  720p | x264 | 700MB  | YIFY |

D8578B0DD7FB765D070981FF2128AC9C320A3F4B

 Direct Download

 | Bluray  | 720p | x264 | 700MB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *