MENU

Cobra Kai (2018-) [S02 : E08] | ආදරයෙ මහිමය!

පෙර කොටසින්

ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ අය අව්ව, සීතල නොබලා පුහුණු වුනා. කෝබ්‍රා කායි එකේ අයත් එහෙමයි. ජෝන් ක්‍රිස් වගේම ජොනි එකතුවෙලා ළමයි ටික කොයෝටි ක්‍රීක් කියන කැලයට එක්කන් ගිහින් ළමයි ටික කණ්ඩායම් දෙකකට බෙදලා සෙල්ලමක් කලා. මේකෙදි නම් කට්ටිය සෑහෙන කලහාකාරී විදිහට හැසිරුනේ. මියාගීගෙ ගෞරවාන්විතයෙ පදක්කම හොරකම් කරලා තිබුණේ හ්වාක් කියලත් මිගෙල්ට දැනගන්න ලැබෙනවා. හ්වාක්ට පහර දීලා මිගෙල් ඒ පදක්කම අරගත්තා. ඒවගේම රොබීගෙයි සැමැන්තාගෙයි අදර සම්බන්ධයත් පටන් ගැන්මක් සිද්දවුනා. හ්වාක්ගෙන් ගත්ත මියාගීගෙ පදක්කම එයා සෑම්ට ගෙනත් දෙන්න ආවම දොර ඇරලා පදක්කම ගත්තෙ රොබී. එයා සෑම්ගෙ ගෙදර ඉන්නවා දැක්කමත් මිගෙල්ට අවුල් ගියා. ඒ විතරක් නෙවෙයි මිගෙල් ඇවිත් පදක්කම දීලා ගියා කියපු කාරණයත් රොබී සෑම්ගෙන් හැංගුවා. ජෝන් ක්‍රිස් ජොනීගේ ඩෝජෝ එක ටිකෙන් ටික අයිති කරගන්න ගමන් තිබුණේ. මේ දේවල් වගේම ජෝන්ගේ හැසිරීමේ ප්‍රශ්නයක් දැකපු ජෝන් එයාව තමන්ගේ ඩෝජෝ එකෙන් එලෙව්වා.

අද කොටසින්

ඇමැන්ඩා හා ඩැනී දෙන්නා අතරේ පුංචි හිත් අමනාපකම් ඇතිවෙලා තියෙන්නෙ. ඩැනීට ඕන ඒ දේවල් අමතක කරලා කොහොමහරි ආයෙ ඇමැන්ඩා එක්ක එකතු වෙන්න. තමන් ඇති කරගත්ත ආදරේ තව තවත් වැඩි කරගන්න කියලා සෑම් වගේම රොබී එක්තරා තැනකට යනවා විනෝද වෙන්න කියලා. ඒත් ඉතින් විනෝද වෙන්න ලැබෙයිද නැත්තම් ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද? බලලම ඉන්නකො.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 2.1GB | Complete S02 |

Direct Download

| WEBRip | x264 | 720p | 500MB |

| WEBRip | x265 | 720p | 150MB | PSA |

| WEB | x264 | PHOENiX | 2.1GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *