ගිය වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මග බලාගෙන ඉන්න බැරි මට්ටමේ සිදුවීම් පෙළක් එක්කයි කතාමාලාව අවසන් වුනේ. ඉතින් අද දෙවැනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්න හදන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු.
මුල් කතාසමයෙන්
කතාව පදනම් වෙලා තිබුනේ Karate Kid චිත්‍රපට පෙලට පසුව සිදුවන සිදුවීම් පෙළක් ඇසුරින්. තාමත් කතාමාලාව ගැන අදහසක් නැත්තම් මේ ලිපිය කියවන්න. මුල් කතාසමය තුලත් දකින්න ලැබුනේ ලරූසෝ වගේම ජොනී දෙන්නාගේ පරණ කෝන්තර නිසා සිද්දවෙච්ච හැලහැප්පීම් ගැනයි. ලරූසෝ වාහන අලෙවිසැල් හිමියෙක් වෙද්දී ජොනී ලෝරන්ස් ජීවත් වෙන්න කලේ කුලී වැඩ. එක්තරා තැනකදී පොඩි එකෙක්ට අඩම්තේට්ටම් කරන කට්ටියකට ජොනී පහර දීලා පස්සෙ අර බේරුණු පොඩි එකා, ඒ කිව්වේ මිගෙල් බල කලා තමන්ටත් කරාටේ කියාදෙන්න කියලා. ඉතින් පස්සෙ ආපහු වතාවක් ජොනී කරාටේ පැත්තට යොමු වෙන්න ගත්තා මිගෙල්ට කරාටේ කියාදෙන්න යොමු වීමත් එක්ක. නිකන් කරාටේ නෙවෙයි ජොනී ඒ කාලේ ඉදන් ඉගෙන ගත්ත කෝබ්රා කායි කරාටේ සම්ප්රදාය තමයි ජොනී ආපහු වතාවක් ආරම්භ කලේ.
මිගෙල් දවසින් දවස දක්ෂතා මතු කරගන්න ගත්තා. තමන් ඉගෙන ගන්න උසස් පාසලේ එයාට අඩම්තේට්ටම් කරපු අයට පවා පහර දෙන්න පුලුවන් මට්ටමට තමන්ගේ හැකියාවන් ඉස්මතු කරගත්තමිගෙල් සටන් කරන විදිහ දැකලා තවත් සෑහෙන අය ජොනීගෙ කරාටේ ඩෝජෝ එකට එකතු වෙන්න ගත්තා. මේ කාලේ තමයි මිගෙල්, ඩැනියෙල් ලරූසෝගෙ දුව වෙච්ච සමන්තා ලරූසෝ එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තෙ. මේ සම්බන්ධය ගැන දෙපැත්තෙන්ම දැනගත්තම සෑහෙන ප්‍රශ්ණ පවා ඇතිවුණා. කෝබ්රා කායි කරාටේ නිසා දවසින් දවස ආක්‍රමණශීලි වෙන මිගෙල් ගැන සෑම්ට පවා කාලයක් යද්දී එපා වෙන්න ගත්තා. මේ වෙද්දී තමන්ගේම තාත්තා වෙච්චි ජොනීට වෛර කරන එයාගෙ පුතා රොබී, ඩැනියෙල් ලරූසෝ එක්ක හිතවත් වෙන්න පටන් අරන් තිබුනේ. පස්සෙ එයාට මියාගී කරාටේ පවා කියාදුන්නා. ඩැනියෙල්ට හිතවත් වෙච්ච රොබී දිනෙක් දින සමන්තාටත් සෑහෙන හිතවත් වුනා. මේ දෙන්නා නිතරම වගේ එකට ඉන්නවා දැකපු නිසාම මිගෙල් සෑම් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා ඒ දෙන්නා වෙන් වෙන්නෙ.
අන්තිමට ආපහු වතාවක් කෝබ්රා කායි එකේ අය වගේම තවත් කරාටේ දන්න අය මුහුණට මුහුණ ගැටෙන දවසක් ආවා. ඒ තමයි 2018 සියලුම මිටියාවත් අතර තියෙන තරගාවලිය. අවසන් වටය දක්වාම අත්දක්ෂ විදිහට සටන් කරපු කෝබ්රා කායි කණ්ඩායමේ අවසන් වටය දක්වාම සටන් කල මිගෙල්ට සටන් කරන්න වුණේ රොබී එක්කයි. කොහොමහරි අවසානයේදී රොබීවත් පරාද කරලා මිගෙල් කෝබ්රා කායි කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන ආවා. ජයග්‍රහණ මැද්දේ සෑහෙන දෙනෙක් අතරේ හිත් රිදවීම් ඇතිවෙලා තිබුණේ. මේ අතරේ තමයි කතාව අවසානයට ජොනී ලෝරන්ස්ගේ පුහුණුකරු වෙච්ච ජෝන් ක්‍රිස් නැවත වතාවක් එන්නෙ.
දෙවැනි කතාසමය
ඉතින් ජෝන් ක්‍රිස් ආයෙ ඒමත් එක්ක තමයි දෙවැනි කතාසමය පටන් ගන්නෙ. ජයග්රහණයෙන් පස්සෙ සිද්දවෙච්ච දේවල්, ඉදිරියට සිද්දවෙන දේවල් තමයි මේ කතාසමයෙන් දැකගන්න ලැබෙන්නෙ. පහුගිය සිකුරාදා, ඒ කිව්වේ අප්‍රේල් 24’වැනිදා තමයි කෝබ්රා කායි දෙවැනි කතාසමය සම්පුර්ණයෙන්ම විකාශය වීම වුණේ. මුල් කතාසමය වගේම ඉහල මට්ටමේ රේටින් ලබාගෙන සමත්වෙලා තියෙනවා.
එහෙනම් ඉතින් වැඩිකතා ඕන නැහැ. බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. ඉස්සරහට පුලුවන් විදිහට මේ කතාව අරගෙන එන්න උත්සහ කරන්නම්. මට නැතත් ඉතිරි කොටස් වලට උපසිරැසි ලබාදෙන අපේ අයට සහයෝගයක් දෙන්නලා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | PHOENiX | 2.1GB | Complete S02
Direct Download
| WEB | x264 | PHOENiX | 202MB |
| WEB | x265 | 720p | 170MB | PSA
| WEB | x264 | PHOENiX | 2.1GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)