MENU

Cold Blood (2019) AKA Cold Blood Legacy | ශීත රුධිරය…

සියලු දෙනාටම සුබ දවසක්. මේ මගේ 4 වෙනි උපසිරැස. මගේ තුන්වෙනි උපසිරැස කලේ 2013 දි. ඒ Dicaprio රඟපාන The Beach (2000) ෆිල්ම් ඒක. අවුරුදු 6 කට පස්සේ හරි සබ් එකක් අරං එන්න ලැබිච්ච ඒක ගැන සතුටුයි. මං හිතන්නේ සබ් නොකර වැඩිම කාලයක් හිටපු කෙනා මමද කොහෙද? දැන් බයිස්කෝප් සයිට් එක සැහෙන්න දියුණුයි. ඒ ගැනත් අවංක සතුටක් තියනව.

නම වගේ ම තමයි මේකේ කතාන්දරය තනිකරම ගලාගෙන යන්නේ සීතල පරිසරයක. හැබැයි රුධිරයත් එක්ක. (හැබැයි බය වෙන්න එපා.සුපිරි කතාවක් තියන්නේ) අන්තිම වෙනකන් හිතා ගන්න බෑ. ඉතින් කතාව මෙහෙමයි. මේකේ ඉන්නව මෙලඩි කියල තරුණ ගැහැණු ළමයෙක්. එයා යනවා හිම සහිත මාර්ගයක.යද්දී හදිස්සියේම අනතුරක් වෙලා මෙයාට තුවාල වෙනවා. කාත් කවුරුවත් නැති හිම වැටිච්ච කැලේක තනියම බඩ ගාගෙන යද්දී මනුස්සයෙක් හම්බ වෙනවා. ඊට පස්සේ රූප රාමු ඇදෙන්නේ මාස දහයකට කලින් වෙච්ච මිනි මැරුමකට. හැබැයි ඒ මිනී මැරුම කරන්නේ අර ගැහැණු ළමය බඩ ගාගෙන යද්දී හම්බෙන මනුස්සය. ඉතින් කවුද මේ මනුස්සය. මේ ගැහැණු ළමයට අත්වෙන ඉරණම මොකක් වෙයිද? ඒක දැන ගන්න බලන්නම වෙනවා. තව ඉන්නව අපූරු පොලිස් නිලධාරියෙකුත්. (කට ඇරියොත් හරුපයක් තමයි)

මේක රිලීස් වෙලා තියන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ. අධ්‍යක්ෂණය කරලා තියන්නේ Frédéric Petitjean. ඒ වගේම Jean Reno, Sarah Lind, Joe Anderson, David Gyasi මේකේ විශිෂ්ට රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම මේක 4.5ක IMDb රේටින් අගයක් ලබා ගෙන තියනව.

ඉතින් වැඩි කතා නැතුව සමු ගන්නවා එහෙනම්. ෆිල්ම් ඒක රස විඳලා අඩුපාඩු එහෙම තියනව නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ෆිල්ම් එක බාර දීපු තිසර නියෝ (මගේ අතිජාත මිත්‍රය)ටත් ස්තුති වන්ත වෙනවා. සුබ දවසක්..!

ජය..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 820MB 

Direct Download

| Bluray | x264 | 480p | 150MB 

| Bluray | x264 | 720p | 820MB 

| Bluray | x264 | 1080p | 1.4GB 

| Bluray | x265 | 720p | 720MB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Cold Blood (2019) AKA Cold Blood Legacy | ශීත රුධිරය…

Leave a Reply to GAmE KoLLA Cancel reply

Your email address will not be published. Required fields are marked *