ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු කෙනෙක්ගෙන් විල් එයාගෙ යාළුවා බග්ස් ගැන අහනවා. ඒක ඒකෙනාගෙ ඇහුවම ඒ කෙනා බියට පත් වී
ඒ බව නොදන්න බව පවසා එයට පිළිතුරු නොදී ඔහුගෙන් ඉක්මනින්ම ඉවත් වෙනවා. මේ අතරෙ කේටි මැක්ග්‍රැගර් කියපු පරිදි ලොස් ඇන්ජලිස් ගමන ගැන මෙහෙයුමට අදාළ තොරතුරු සටහන් පොතේ ලියලා ඒක ගෙනිහිල්ලා දෙන්න එළියට බැස්සම ඇය ළඟට මැක්ග්‍රැගර් ආරක්ෂාවට යොදෙව්වා යැයි කෙනෙක් පැමිණෙනවා. මේ ගැන සැක හිතුනු කේටි වින්සන්ව හමු වී මේ ගැන අහනවා. ඒ කතා බහෙන් පසු වින්සන් සහ කේටි මැක්ග්‍රැගර් හමු වීමට යනවා. කේටි මැක්ග්‍රැගර්ගෙන් රැප්ගේ අධීක්ෂණ කටයුතු වලට උදව් වෙන්න අවශ්‍ය බව පැවසුවත් මැක්ග්‍රැගර් එයට පැහැදිලි පිළිතුරක් නොදී ගොන්ට්ලට් එක පාවිච්චි කරන විට ඇයව සහභාගී කරගන්න බවට පොරොන්දු වෙනවා. මේ අතරතුර බෘසෝඩ් සහ ඒමි කඳවුර හොයා ගමනේ යන අතරතුරේ ට්‍රක් එකකින් යන පිරිසක් හම්බෙනවා. බෘසෝඩ් ඔවුන්වත් යන ගමන ඔවුන්ව දාගෙන යන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක් කළ පසු එහි සිටි අයගෙන් කෙනෙක් ඇයගේ බිරිඳට අවශ්‍ය බෙහෙත් ඇවිදින යන්ත්‍ර ආරක්ෂාවේ ඇති කලාපයකින් අරන් දුන්නොත් ඔවුන්ව කඳවුර ගාවින් දාගෙන යන්න පොරොන්දු වෙනවා. කොහොම වුනත් මේ වැඩේ මේ මිනිස්සු බෘසෝඩෙ සැළසුමට අනුව නොකිරීමෙන් මේ අයට මැරුම් කන්න වෙනවා. ඊට කලින් බෘසෝඩ් සහ ඒමිට දිවි ගළවාගන්න හැකි වෙනවා. මේ අතරෙදි කදවුරේදී අවසානයේ රැප් සමඟ කතා කරන්න පුළුවන් වෙනවා. නමුත් මේ කටයුත්ත අතරමග මැක්ග්‍රැගර් එය නවතා කඩාකප්පල් කරනවා.
ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ. අද කොටසින් මැක්ග්‍රැගර් කියන අන්ධ දර්ශනවාදියාගෙ මෝඩ ක්‍රියා කලාපය සහ කේටි සහ බෝමන් එය වැළැක්වීමට කරන උත්සාහයක් බලාගන්න පුළුවන්.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.