MENU

Coming Soon (2008) AKA Program na winyan aka | මරණය කැන්දන සිනමාපටය

ඔන්න මම Horror සිනමා ඉතිහාසයේ බිහිසුනුම සිනමා සිත්තමක් අරන් තමයි මේ ඇවිත් ඉන්නේ. ඇත්තටම කියනවනම් මේක මමත් දැනට අවුරුදු 5කට විතර කලින් මගේ යළුවෙකුගේ ගෙදරදි තමයි මුලින්ම බැළුවේ, බයිස්කෝ එකට එකතුවුන දවසේ ඉදන් මේ සතිය වෙනකල්ම සබ් එක දාන්න කියලා මේකේ නම හෙව්වා හෙව්වා හම්බවුනේම නැහැ, කොහෙම හරි අවසානෙදි ගූගර් එකේ හොරර් ෆිල්ම් වගයක් සර්ච් කර කර ඉන්නකොට අහම්බෙන් මෙක හම්බුනා, ඉතින් මේල් එකක් දාලා වැඩේට එන්ටර් වුනා, මේක ඇවිල්ලා රිලිස් වෙලා තියෙන්නේ 2008.11.30 ඉතින් එදා මෙදා තුර ලෝකය පුරා තිරගතවුන හොදම හෝරර් චිත්‍රපටි වලින් එකක් මේකට හම්බවෙලා තියන ප්‍රතිචාර සම්මාන වලින් ඒක ඔප්පු වෙනවා, අදටත් 6.1ක IMDb අගයක් රදවා ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියනවා, විශාල ආදායමකුත් උපයලා තියනවා, ඉතින් පරනයි කියලා මේක අතඇරලා දානවා කියන්නේ එයා මහම මහ මෝඩයෙක්.. ඉතින් එහෙනම් වැඩි කතා ඔනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු.

චබා කියන්නේ විරෑපි වයෝවෘද්ධ කාන්තාවක්, කාලෙකට කලින් ගින්නකට අහුවෙලා තමයි චබා විරෑපි වෙලා තියෙන්නේ ඒ ගින්නෙන් එයාට එයාගේ ළමයි නැතිවෙලා තියනවා.. ඉතින් මේ චබා ගමේ ඉන්න ළමයින්ව පැහැරගෙන යනවා, ළමයි චාබාගේ රෑපෙට බය වෙන නිසා එයාලගේ ඇස් ගලවලා දානවා.. ඊට පස්සේ එයාගේ ලමයි වගේ හදාගන්නවා, දිනෙන් දින ගමේ ලමයින් අතුරුදහන් වුනත් වයෝවෘද්ද චබාව කව්රුත් සැක කරන්නේ නැහැ, එත් දවසක් ගමේ කෙනෙක්ට චබාගේ ගෙදරින් ප්‍රංචි ළමයෙක් කැ ගහනවා ඇහෙනවා, ඉතින් ගමේ අය දැනගන්නවා ළමයින්ව පැහැරගන්නේ චබා කියලා, ගමේ අය ගිහින් චබාව එල්ලලා මරලා ළමයි ටික බේරගන්නවා….

පසුකාලීනව කිසියම් පිරිසක් විසින් මේ චබාගේ කතාව පාදක කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරනවා, ඉතින් මේ චිත්‍රපටිය තිරගතවෙන දිනට සතියක් තියලා සිනමාහල් වලට යවනවා, ඒ එක සිනමා හලක වැඩ කරන යෝද් කියන සේවකයෙක් ශේන් කියන සේවකයත් එක්ක එකතු වෙලා චිත්‍රපටයේ රිල් එක මාරු කරලා ,ඒක කොපිකරලා(කැමරා කොපි) තිරගත වෙන දිනට කලින් එලියට යවන්න හදනවා, එත් මේ චිත්‍රපටිය විඩියෝ කර කර ඉන්න අතරතුර යෝද් අතුරැදහන් වෙනවා, එයා ගැන කිසිම තොරතුරක් නැතිවෙනවා, ඉතින් මේ චිත්‍රපටිය කොපි කරන්න සල්ලි දිපු මැරකන්ඩායමේන් ගැලවිමක්ම නැති තැන ශේන් චිත්‍රපටිය ආපහු වතාවක් වීඩියෝ කරන්න සිනමා හලට යනවා, එත් වෙන්නේ අමුතුම දෙයක්, අතුරැ දහන්වුන යෝද්ගේ මල සිරුර ශොන් චිත්‍රපටිය තුලින් දකිනවා.. ඉතින් එතැන් පටන් මේ චිත්‍රපටියේ ඉන්න චබා යැයි සැලකෙන කෙනාගේ අවතාරේ ශෝන්ගේ පස්නේ පන්නන්න ගන්නවා,

ශෝන් තම පෙම්වතියත් එක්ක එකතුවෙලා මේ ප්‍රෂ්නේ නිරාකරණය කරන්න හදනවා, එත් මේකත් හරියට පැටළුණු නූල් බෝලයක් වගේ අවසානෙදි චබා පුරාවුත්තය හොයාගන යන ශෝන්ටයි එයාගේ පෙම්වතියටයි, මේකේ ඇත්තටම සිද්ද වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා, ඒක අමුතුම කතාවක්, ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා.

ඉතින් තවදුරටත් කියන්න තියෙන්නේ, මේකේ දර්ෂණ , ඒවගේම ශබ්ධ ඉතාමත් තාත්වික විදිහට නිර්මාණය කරලා තියනවා, හොරර් ෆිල්ම් ඉතිහාසයේ ඒකාකාරි රටාවෙන් මිදුණු ජාත්‍යන්තර මට්ටමේ අතිශ්‍ය භයානක නිර්මාණයක් කියලා කියන්න පුළුවන්, ඒක නිසා ඔයා මේ අවුරුදු කීපය තුල ආපු චිත්‍රපටි මෙලෝ රහක් නෑ, ඒවට බය හිතෙන්නේ නැහැ කිකියා කෑගහන මිනිස්සු අනිවාර්යෙන් මේක අරන් බලන්න, ඒ වගේ බයවෙන උන්, පොඩි උන්, මේක බලලා පස්සේ මට කෑ ගහන්න එහෙම එපා,

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | XVID | 700MB | 

652AE270ED0CDF660B6CF4534574A627CAECF40F

 Direct Download

| DVDRip | x264 |  XVID | 700MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *