MENU

Daddy’s Home 2 (2017)| තාත්තලගෙත් තාත්තලා!

කට්ටියව ටිකක් පමාවෙලා මුනගැහෙන්න තමා ආවේ. මොකද මේක ඇවිත් දැන් සති දෙකකට වැඩි කාලයක් ගතවුනා. කොහොමවුනත් පමාවෙලා හරි ඔන්න පවුල් හුටපටයේ දෙවෙනි සෙල්ලම අරගෙන තමා ඇවිත් තියෙන්නෙ. 2015 වසරේ නිකුත්වුන මෙහි පලමු චිත්‍රපටය ලබාගත් සාර්ථකත්වය නිසා මේ විදියට මෙහි දෙවෙනි කොටස නිකුත්වුනේ පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා. පලමු චිත්‍රපටය වගේම මෙයත් ආදායම් අතින් වගේම ලබාගත් අගයන් අතිනුත් සාර්ථකයි කිව්වොත් නිවැරදියි. Imdb 6ක අගයක් විදියටයි එය සටහන් වෙන්නෙ. රංගනයෙන් සුපුරුදු පරිදි බ්‍රැඩ් විදියට, Will Ferrell,ඩස්ටි විදියට, Mark Wahlberg දායක වෙනවා. කලින් කිව්වා වගේ මේ පාර පවුල් හුටපටයට ඔන්න තාත්තලාගෙ තාත්තලත් එකතුවෙනවා. ඒ කිව්වෙ බ්‍රැඩ්ගෙයි ඩස්ටිගෙයි තාත්තලා. බ්‍රැඩ්ගේ තාත්තා වන ඩොන් විදියට, John Lith gow,සහ ඩස්ටිගේ තාත්තා වන කර්ට් විදියට, Mel Gibson එකතුවෙනවා. ඒවගේම කලින් එකේ අන්තිමට දැක්කනේ සුපිරි රෙස්ලින් ක්‍රීඩක John Cena.ඔන්න මේකෙ Cena කාරයත් ඉන්නවා ඈ. ඔන්න මේකත් කියන්න ඕනෙ. දැනටමත් කලින් එක නොබලා මේ ලිපිය කියවන අයට මංඥං වගේ ඇති නිසා. මේකෙ පලමු එක නොබලා මේක බැලුවට කතාව රසවිදින්න බෑ. මොකද චිත්‍රපට දෙක සම්බන්දයිනෙ කොහොමත්. ඒ නිසා කොමඩියක් බලන්න කැමති, පලමු චිත්‍රපටිය නොබැලුව හැමෝටම කලින් එකත් බලලා මේකත් බලන්න ආරාධනා කරනවා. පලවෙනි එක බැලුව ඈයොනම් මේක නොබලන්නෙ නෑ.

මේ පාර වෙන්නෙ මේකයි, බ්‍රැඩුයි ඩස්ටියි දෙන්නම දැන් ඔන්න නීතියෙන් තාත්තලා වෙලානෙ ඉන්නෙ. දෙන්නටම දැන් ඉතින් ඒකෙ රඟේ තේරෙනවා. දෙන්නත් ඉතින් රණ්ඩු නොවී රණ්ඩු වෙවී ඉන්නවා. ඉතින් ඔන්න දැන් නත්තල ලංවෙලා. නත්තල නිසා බ්‍රැඩ්, ඩස්ටි ඇතුළු පවුලේ කට්ටියත් එක්ක එකතුවෙන්න එන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, බ්‍රැඩ්ගෙයි ඩස්ටිගෙයි තාත්තලා දෙන්නා. ඩස්ටි තාත්තාව හම්බවෙන්නෙ අවුරුදු 5කට පස්සේ. ඩස්ටි තාත්තත් එක්ක වැඩිය හිත හොදින් නෙමේ ඉන්නෙ. බ්‍රැඩ් ගැන කිව්වොත් හරියටම ඒකෙ අනිත් පැත්ත. දෙන්නා හම්බෙනකොටම ලොකූ උම්ම එකක් දීලා තමයි පටන්ගන්නෙ. ඩස්ටිගේ තාත්තා ඩස්ටි වගේම සෙල්ලක්කාර ඩයල් එකක්. හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ ටයිප් එකේ. බ්‍රැඩ්ගේ තාත්තා බ්‍රැඩ් වගේමයි ඉතින්. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ? ඉතින් මේ දෙන්නත් ආවට පස්සේ සිද්ධවෙන ජරමර තමා කතාවෙ තියෙන්නෙ. වැඩි කතා ඕන නෑ. මේ කට්ටිය එකතුවෙලා නත්තල ගතකරන්නෙ කොහොමද කියලා පැය එක හමාරක් විතර කාලයක හැම විනාඩියක් පාසාම හිනාවෙන ගමන් බලාගන්න පුළුවන්. කුණුහරුප කොමඩි වලට වඩා කතා අනුසාරයෙන් කතාවෙන් සහ සිදුවීම් වලින් ඉදිරිපත් කරන කොමඩි තමයි වැඩිහරියක් තියෙන්නෙ. හැබැයි මං මෙතන කුණුහරුප කොමඩි කියලා ඒවා විවේචනය කරන්නෙ නෑ. මොකද මමම ඒ වගේ “කුණුහරුප කොමඩි” කියලා කියන්න පුළුවන් ඒවා උපසිරැසි කරල තියෙනවා. නමුත් මෝඩ ජෝක් නැතුව හිනාවෙන්න පුළුවන් කොමඩියක්නම් මම “කුණුහරුප කොමඩි” කියලා ලේබල් කරන්නෙ නෑ. මේකනම් කොහොමත් ඔන්න ඔය ලේබලේට වැටෙන එකක් නෙමෙයි කියලා තමයි කියන්න ඕනවුනෙ. මදැයි ඉතින් ඔය නේද? බ්ලූරේ කොපිමනෙ තියෙන්නෙ. දැන් ඉතින් බැලිල්ලක් තමා. යමින් ගමන කමෙන්ටුවකුත් කොටාගෙන ගියානම් අහවරයි නේද? එහෙනම් නැවත මුණගැහෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | 720p | x264 | 725MB |

50BB776492C70BA47D11E90B23E292831A44BBF9

 Direct Download

 | Bluray | x264 | 480p | 400MB |

 | Bluray | 720p | x264 | 725MB |

 | Bluray | 720p | x265 | 852MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *