MENU

Dag II (2016) AKA The Mountain II | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි

ඔන්න පොරොන්දු වුන විදිහටම The Mountain නමින් නිපදවුනු තුර්කි චිත්‍රපට මාලාවේ දෙවැන්නටත් සිංහල උපසිරැසි ගෙනාවා. අද ගෙනාව The Mountain 2 චිත්‍රපටයත් මෙහි පලවෙනි එක වගේම තුර්කි හමුදාව ගැන කියවුනු කතන්දරයක් තියෙන චිත්‍රපටයක්. මේ වතාවේ ඉරාක සටන්කාමීන්ගේ ග්‍රහණයට අහුවෙලා මරාදමන්න ඔන්න මෙන්න කියලා තියෙන තුර්කි මාධ්‍ය වාර්තාකාරිනියකගේ ජීවිතය ගලවා ගැනීමට සොල්දාදුවන් කණ්ඩායමක් පිටත් වෙනවා. වාර්තාකාරිනිය බේරාගන්න එක සාර්ථකව කරගන්නවා. නමුත් කොහොමද මේ කාන්තාරය මැද ඉඳන් සතුරන්ගෙන් මිදිලා ආපහු තමන්ගේ රටට පැනගන්නේ. සොල්දාදුවන් කණ්ඩායම විසින් බේරාගත්ත වාර්තාකාරිනියත් රැගෙන අසල තියෙන ගමකට යනවා පහුවදා උදේම පිටත් වෙන්න බලාගෙන. නමුත් ඉරාක සටන්කාමීන් ආවාම ගමේ අයව ඉතුරු කරන්නේ නෑ කියලා තේරුම් යන හමුදා කණ්ඩායමේ නායකයා තමන් කරන්න ආව මෙහෙයුම ට අමතරව තවත් මෙහෙයුමක් භාර ගන්නවා. ඒ මෙහෙයුම තමයි ගමේ ඉන්න හතලිහක පමණ පිරිස බේරා ගැනීම. මේ සඳහා ඔහුට මූලස්ථානයෙන් අවසර නොලැබෙන බව දන්න නිසා තමන්ගේ හා කණ්ඩායමේ ස්ව කැමැත්තෙන් මෙහෙයුමට අත ගහනවා. අවම වෙඩි බලයක් අතැතිව සිටින මේ හමුදා කණ්ඩායම බේරෙයිද? සතුරන් සියයකට අධික ප්‍රමාණයකට හත් අට දෙනෙක් ගේ කණ්ඩායමක් මුහුණ දෙන්නේ කොහොමද? නමුත් මේ දෙවෙනි චිත්‍රපටය බලන්න කලින් The Mountain 2012 කියන පලවෙනි චිත්‍රපටය බලන්න බැරිවුන අය ඒක බලලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. බලන්න බැරි නම් බයිස්කෝප් අඩවියේ ඒ චිත්‍රපටය ගැන සිංහලෙන් පලවුනු ලිපිය හරි මෙතනින් කියවලා එන්න. ඒ ලිපියේ ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා තුර්කි හමුදාව ගැන.එහෙම නැත්නම් මේක බලනකොට තේරෙන්නේ නැති තැන් හමුවෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේක තුර්කි චිත්‍රපටයක් නිසා භාෂාවත් ටිකක් අමාරුයිනේ.

මේ චිත්‍රපටයේ IMDb අගය 9.6ක් අරන් තියෙනවා. ඒ වගේම ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු 08ක් තියෙනවා. මේ වතාවේ නම් තුවක්කු, යුද්ධ ටැංකි එක්ක ලස්සන හරඹ ටිකක් බලාගන්න පුලුවන්. මුල් චිත්‍රපටයට වඩා යුධෝපායන් මේ චිත්‍රපටයේදී පිලිඹිඹු වෙනවා. ඒ වගේම විශේෂයෙන් හමුදා පුහුණුවක් කියන්නේ කොහොම එකක්ද, කොච්චර අමාරු සහ කොච්චර කැපකිරීම් කරන්න වෙන එකක්ද සහ දරාගැනීම කියන එක කොච්චරක් නම් තියෙන්න ඕනද කියලා බලාගන්න ඕන නම් මේක බලන්න. පලමු චිත්‍රපටයට රඟපෑව ප්‍රධාන නලුවන් දෙන්නා ඇතුලුව නියම සෙට් එක්ක මේකේ ඉන්නවා. චිත්‍රපටයට සිංහල කරගෙන යද්දීත් පලවෙනි එකේ වගේම හිතට වැදුනු ලස්සන කියමනක් තියෙනවා. ඒකත් මෙහෙම සටහන් කරන්නම්. ජය වේවා!

“තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි”


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEBRip | 720p | x264 | 950MB |

53950083C3B26AAC844C45876B85D198ECBD7CE1

 Direct Download

 | WEBRip | 720p | x264 | 1GB |

 | WEBRip | 480p | x264 | 450MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *