MENU

Dances with Wolves (1990) | දුප්පතුන් නැති ලෝකය

ඇමරිකාව දැන් ලෝක බලවතෙක් විදිහට නැගී සිටියත්, ගොඩක් කලෙකට කලින් ඇමරිකාව නිජබිම උනේ ස්වදේශික රතු ඉන්දියානු ජන කොට්ටාශ උන චෙරෝකි, මායා හෝ යුකැටෙක්, ඇස්ටෙක්ස්, නවාජු සහ සූක්ස් වගේ ගෝත්‍රිකයන්ට. ඔවුන් උතුරේ ඉදලා දකුණට යනකල්ම ව්‍යාප්ත වෙලා ඉදලා තියනවා.පස්සේ කාලෙක ඇමරිකාවට ඇවිත් ජනාවාස පටන්ගත්ත එංගලන්තය, ප්‍රංශය ,ස්පාඤ්ඤය යන රටවල් වලට මේ ස්වදේශිකයන් මහත් හිරිහැරයක් උනා. ඒ හින්දා ඔවුන් මේ ස්වදේශිකයන්ව අතුගාලා දාන්න පටන්ගත් හිරිහැර කිරීම සමූලඝාතන දක්වා දුරදිග ගිහින් තියනවා. සොබාදහමට සමීප ඉතාමත් සාමකාමී ජන කොට්ටාශයක් උන මේ ජනතාව විදේශිකයන්ගේ හිරිහැර වලට විරුද්දව සටන් කරලා තියනවා, ඒ සුදු ජාතිකයන්ට පහර දීම, මංකොල්ල කෑම, නගර වලට පහර දීම වගේ දේවල් වලින්.ඉතින් මේක වාසියට හරවා ගත්ත සුදු ජාතිකයෝ ඔවුන්ව මිලේච්ඡ ජාතියක් විදිහට හංවඩු ගහලා තියනවා. ඉතින් එංගලන්තය, ප්‍රංශය ,ස්පාඤ්ඤය කියන රටවල් වල පොදු සතුරා වුනේ මේ රතු ඉන්දියානුවෝ. ඉතින් 1492 ඉදලා පටන්ගත්ත මේ ලේ වැගිරීම් ඉවර උනේ 1887 දී. ඒ ඔවුන්ගේ ප්‍රදානම ජීවනෝපාය උන හරක් බැලීම, (මේ හරක් කියන්නේ බයිසන් ගවයන්ට) නැති උන හින්දා .ඒ ඉවක් බවක් නැතුව සුදු ජාතිකයන් උන් දඩයම් කරපු හින්දා උන් අවුරුදු 10ක් ඇතුලත ලොවින් වද වෙලා ගියා. ඒ වගේම 1887 වෙනකොට හිටියේ ස්වදේශිකයන් අතලොස්සක් විතරයි. ඒ හින්දා සියටෙල් කියන රතු ඉන්දියානු නායකයා සුදු ජාතිකයන්ට බාර වීමට තීරණය කිරීමත් එක්ක. මේ ගැන සදහන් කරලා ලිව්ව ලිපිය මේ වෙනකොට ලෝකප්‍රසිද්ද වෙලා තියනවා. ස්වදේශිකයන්ට අමතරව මේ රටවල් එකිනෙකා අතරත් සටන් කරගත්තා. ඒ තමන්ගේ බලය තහවුරු කරගන්න. 1732 වෙනකොට කොටස් 13කට කැඩිලා තිබ්බ ඇමරිකාව ජෝර්ජ් වොශින්ග්ටන් යටතේ 1789 දී එක්සේසත් වෙනවා.ඉතින් මේ ප්‍රාන්ත 13 අතර සිදු උන යුද්දය ඇමරිකානු නිදහස් සටන ලෙස හදුන්වනවා. මේ චිත්‍රපටිය පටන්ගන්නේ මෙන්න මේ කියන නිදහස් සටනේ කොටසකින්. ලුතිනන් ජෝන් ඩම්බර් මේ සටනක් දිනවන්න විශාල සේවයක් කරනවා. ඒ හින්දා එයාට ගෞරව පදක්කම් වගේම එකේදී එයාට උදව් කරපු අශ්වයාත් හම්බවෙනවා.තව එයාට කැමති තැනකට මාරු වීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් එයාගේ කැමැත්තෙන් එයා බටහිර ප්‍රදේශයට යනවා. එහිදී එයාව සේජ්වික් කියන කදවුරට යවනවා. ඉතින් එයා ඒ කදවුරට යනකොට ඒකෙ කට්ටිය ඒක අතරලා ගිහින්. ඉතින් මේ ලුතිනන් තීරණය කරනවා ඒ කදවුරේ අනිත් බටයන් එනකල් නවතිලා උනේ මොකක්ද කියලා හොයන්න. ඒ උනාට මේ කදවුර තියෙන්නේ රතු ඉන්දියානු භුමි ප්‍රදේශයක. ඉතින් මේ ලුතිනන් මොන වගේ දුෂ්කරතා වලට මුනපායිද? ඇයි අනිත් අය කදවුර අතෑරියේ ? මේ චිත්‍රපටිය ඉංග්‍රීසි හා ඇමරිකානු ස්වදේශික භාෂාව යන දෙකම අඩංගු වෙනවා. ඒවගේම මේ ස්වදේශිකයන්ට තියෙන්නේ අමුතු නම් මම ගොඩක් එව්වා පරිවර්තනය කළා. අනිත් එව්වට වෙනසක් කලේ නෑ.

චිත්‍රපටිය ගැන කියනවනම් මේකට IMDB රේටින්ග්ස් 8/10 තියනවා. ඒවගේම මේක ඔස්කා සම්මාන 7 දිනලා තියනවා වගේම තවත් සම්මාන 43 දිනලා තියනවා වගේම තව සම්මාන 33කට නිර්දේශ වෙලා තියනවා. මේක අධක්ෂණය කරලා තියෙන්නේ Barry Levinson කියන ජනප්‍රිය අධ්‍යක්ෂවරයා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 1.5GB |    

6a002c0f0d00808dab5b5bcfe40800cace6b945e

| BluRay | x264 | 1080p | YTS | 3GB |    

6e71bf70cbb5aafc230a9cb8bd9ff594a0b94b83

Direct Download

| BluRay | x264 | 720p | YTS | 1.51GB |                 

| BluRay | x264 | 1080p | YTS | 3GB |                   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *