MENU

Danny the champion of the world (1989) | සූර වීර ඩැනී…

මගේ හතළිස් හත්වැනි උපසිරැසිය සමඟින් මේ ගෙන ආවේ රෝල්ඩ් ඩාල් නම් කතුවරයා 1975 දී රචනා කළ අපුර්ව ළමා නවකතාවක් වන Danny The Champion Of The World ඇසුරින් එනමින් ම නිර්මාණය කළ චිත්‍රපටයයි. 1989 අප්‍රේල් 29 වැනිදා මුල්වරට නිකුත් වුණු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7/10ක අගයක් ගැනීමට සමත් වුණා. Gavin Millar විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ තිරරචනය කළේ Roald Dahl සහ John Goldsmith විසින්. මේ චිත්‍රපටයේ විලියම් ලෙස රංගනයෙන් දායක වෙන්නේ The Man who knew Infinity චිත්‍රපටයේ මහාචාර්ය G.H. හාඩි ලෙසින් රංගනයේ යෙදුණු Jeremy Irons. ප්‍රධාන චරිතය වන ඩැනීගේ චරිතය ඔහුගේ පුතා වන Samuel Irons විසින් නිරුපණය කරනවා. විශේෂත්වය ඔහු රඟපෑ එකම චිත්‍රපටය මේ චිත්‍රපටය යි. Jeremy Ironsගේ පියා වන Cyril Cusack වෛද්‍ය ස්පෙන්සර්ගේ චරිතය නිරුපණය කරනවා. නපුරු වික්ටර් හේසල් ලෙසින් රංගනයෙන් දයක වෙන්නේ Harry Potter චිත්‍රපට මාලාවේ රුබියස් හැග්රිඩ් ලෙසින් රංගනයෙන් දායක වුණු Robbie Coltrane විසින්. Danny The Champion of The World නවකතාව කත්‍යානා අමරසිංහ ලේඛිකාව අතින් ‘සූර වීර ඩැනී’ නමින් සිංහලයට ද පරිවර්තනය කෙරුණා. Roald Dahlගේ අපුර්ව ළමා කතා ඇසුරින් නිපැයුණු තවත් චිත්‍රපට කිහිපයකට උපසිරැසි ගැන්වීමට ඉදිරියේදී අදහස් කරනවා. ඉදිරියේදී ඒවා බයිස්කෝප් අඩවියෙන් ඔබට දකින්න ලැබේවි.

මේ කතාව 1950 ගණන් වල එකක්. ඩැනී කියන්නේ වාහන කාර්මිකයෙක් වන තමන්ගේ පියා, විලියම් සමඟ ජීවත්වෙන අම්ම නැති අවුරුදු අටක ළමයෙක්. එයා පොඩි කාලේ ඉඳලම තාත්තාට වාහන හදන්න උදව් කරලා ඉගෙන ගත්ත දෙයින් අඩු වයසින් දක්ෂ වාහන කාර්මිකයෙක් වෙනවා. ඩැනී පාසල් යෑම අරඹන්නේ අනෙක් ළමයි පාසල් යන්න පටන් අරගෙන වසර කිහිපයකට පසුවයි. මේ දෙන්නා පුංචි කැරවෑන් එකක ජිවත් වෙන්නේ. ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වුණු වික්ටර් හේසල් හොර රහසින් ම එයාලා ඉන්න ගමේ ඉඩම් මිලට අරගෙන විලියම්ගේ ඉඩම වටකරගෙන ඉන්නෙ. වික්ටර් වරින් වර ඇවිල්ලා විලියම්ට බලපෑම් කරනවා, ඔවුන් ඉන්න ඉඩම තමන්ට විකුණන ලෙස, එහෙත් වික්ටර් එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර මේ ඉඩම් ධනවතුන් සඳහා වළිකුකුලන් දඩයම් කිරිමේ ස්ථානයක් ලෙසින් සංවර්ධනය කරනවා. මේ ගැන විලියම් සහ ඩැනී එය වළක්වා වික්ටර් කියන නපුරු මිනිහව පරදවන්න දරන උත්සාහයන් ගැනයි මේ චිත්‍රපටයේ කියවෙන්නෙ? එයාලා වික්ටර්ගේ සත්ව ඝාතනයට ඉඩ නොදී ඉඩමේ වළිකුකුල්ලු අල්ලන්නේ කොහොමද? අතිදක්ෂ ළමයෙක් වන ඩැනී එයාට යෝජනා කරන උපාය මාර්ගය මොකක්ද? මේ අපුර්ව චිත්‍රපටය බලලා ඒ ගැන දැනගන්න..

රංගන ශිල්පින්:
Jeremy Irons – විලියම් ස්මිත් ලෙසින්
Samuel Irons – ඩැනී ලෙසින්
Robbie Coltrane – වික්ටර් හේසල් ලෙසින්
Cyril Cusack – වෛද්‍ය ස්පෙන්සර් ලෙසින්
Lionel Jeffries – ස්නොඩි මහත්මයා ලෙසින්
Michael Hordern – ක්ලේබරි ආදිපාද ලෙසින්
Jimmy Nail – රැබෙට්ස් ලෙසින්
Jean Marsh – හන්ටර් මෙනවිය ලෙසින්
Ronald Pickup – කපිතාන් ලැන්කැස්ටර් ලෙසින්

පහත සඳහන් නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. .
ඔබට තෙරුවන් සරණයි!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 830MB |

d5ad844a71d02aea47e2f1dcf27cbfb2e914a91e

Direct Download

| DVDRip | x264 | 720p | 830MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *