MENU

Darkest Hour (2017)| අඳුරුතම හෝරාව!

කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පුරම තියෙන්නේ ටීවී සීරිස් තමයි. (නියමිත වෙලාවට ලබා නොදීපු) Falling skies, Intelligense, Daredevil, The Blacklist, Colony වගේම Tangled:The sereis ඒ අතරේ තියෙනවා. මීට අමතරව 24 වගේ එපි දෙක තුනකුත් කරලා තියෙනවා. ෆිල්ම්ස් නම් අතේ ඇගිලි ගානටත් අඩු ඇති. දැන් දැන් නම් කඩඉමකට විතරයි ෆිල්ම් එකක් කරන්නේ.  කොහොම වුනත් දැන්නම් මේක කරගන යන්න බොහොම අමාරු තත්වයක් තමයි උදාවෙමින් තියෙන්නේ. ඒත් ඉතිං නවත්වන්න හිත හදාගන්නත් බැහැ. බලමු ඉස්සරහට මොනවා ව්විද කියලා..

ඉතිං මේ ගමනේදී උපකාර කරපු අයවත් ටිකක් මතක් කරලා ඉන්නම්. නැත්නම් ඒක අඩුපාඩුවක් වේවිනේ. මුලින්ම මගේ පවුලේ අය, හැමදාම මට බැන බැන මේ කරදරේ ඉවසා වදාරගන ඉන්නවා මේ අවුරුදු 5 පුරාවටම. අපරාදේ කියන්න බැහැ අම්මා නම් ටිකක් බැන්නත් සෑහෙන සපෝට් එකක් දෙනවා. වැඩිපුර වැඩ කියන්නෙත් නැහැ මම සබ් එකක් කරනවා කියලා කිව්වම. ඒ වගේම තමයි එදා ඉදන් අද වෙනකම් එක පවුලක් වගේ එකට එකතු වෙලා ඉන්න බයිස්කෝප් සහෝදරත්වය. හැමදාම කියනවා වගේ මුලින්ම ඉන්නේ රොයිලි අයියා. එයාගේ සබ්ටයිට්ල් තමයි බලලා තමයි අද මේ 200ක් සම්පූර්ණ කරන්න ආසාව ඇතිවුනේ. පටන් ගත්තම ඉතිං අබිං කෑවා වගේ තමයි. නවත්වන්න බැහැ. ඊටපස්සේ හසන්ත අයියා, හැම වෙලාවකම කරදරයකදී උදව්වට එන පූසා මල්ලී සහ විමා මල්ලී, (200ට කරන්න ෆිල්ම් එකක් හොයලා දෙන්න ඒ දෙන්නම සෑහෙන්න මහන්සි උනා) ඒ වගේම දැන් වැඩිය පේන්න නාවත් ගයාන් මල්ලී ( මේ ලිපිය ලියන මොහොතෙත් මගේ වැඩක් කරන ගමන් ඉන්නේ) නිර්මාණි නංගී, සමීර අයියා, සදුන්, ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ආසිරි සහෝදරයා ( ඔන්න නම දැම්මා, දැන් පෙප්සි කේස් එකක් එවන්න), සූධීර මල්ලී සිසිල මල්ලී ඇතුළු ඇඩ්මින් මන්ඩලය සහ අනෙකුත් උපසිරැසි කරන සියළුම සහෝදරියන්, සහෝදරයන් වගේම විකියා අයියාවත් අමතක කරන්නම බැහැ. විකියා අයියා තමයි මුලින්ම ඇඩ්මින් කෙනෙක් හැටියට මට කතා කලේ. මේ ගැන කියලා දීලා වැරදි පෙන්වලා දුන්නේ. ඒත් ඉතිං අද වෙනකන්, මේ 200 කරනකොටත් අඩුපාඩු වැරදි නම් නොඅඩුවම ඇති. ඊට පස්සේ තමයි විමා මල්ලී හසන්ත අයියා එහෙම අදුනගත්තේ. ඉතිං මේ උපසිරැසිකරණයෙන් ලැබුන හොදම තෑග්ග, හැමදාම කියනවා වගේ මේ සහෝදරත්වය ගොඩක් වටිනවා. ඒ ගැන කියලා නිම කරන්න වචන නැහැ. සමහරවිට අපි හමුවෙලා තියෙන්නේ දවසක් දෙකක් වෙන්න ඇති. ඒත් ඒ බැදීම නම් ජීවිත කාලයක් තිස්සේ තිබුන එකක් විදියටයි දැනෙන්නේ. ඒ වගේ බැදීමක් අපි හැමදාම ආශ්‍රය කරන අයගෙන් වුනත් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඉතිං මේ හැම දෙනාටම කෘතඥපූර්වක ස්තුතිය පුද කරන්න ඕන, ලැබුනු උපදෙස් වලට වචනයකින් හරි ලැබුනු දිරි ගැන්වීම් වලට වගේම මේ ලබා දුන්න සහෝදරත්වයේ බැදීමට.

හොදයි එමෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු නේද? 200 සම්පූර්ණ වෙන්න එනවා කියලා දැනුම් දුන්නේ අපේ සුධීර මල්ලී. ඊට පස්සේ කරන්න ෆිල්ම් එකක් නැතිව දවස් කිහිපයක් ගතවුනා. ෆිල්ම් එක ගැන ඔත්තුව දුන්නේ අපේ පූසා මල්ලී, මේ ෆිල්ම් එක නෙගෝෂියේට් කරලා මට අරගන දුන්නේ අපේ විමා මල්ලී,  ඒ වෙනකොට ෆිල්ම් එක බාරගන තිබුනේ හසන්ත මාලින්ග සහෝදරයා, මේ ෆිල්ම්එක මට ලබාදීපු එක වෙනුවෙන් ඒ 4 දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕන..

2017 නොවැම්බර් මාසයේ විකාශය සදහා නිකුත් වුන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4ක අගයක් සහ කුණු තක්කාලි 86% ක් ලබාගන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය Joe White ගෙන්. ඒ වගේම ප්‍රධාන චරිතය රංගනයෙන් දායක වනවා ඇකඩමි සම්මානය සදහා නායයෝජිත Gary  Oldmen. ඒ වගේම ඒ රංගනය වෙනුවෙන් ඔහුට ගෝල්ඩන් ග්ලෝබ් සහ මෝෂන් පික්චර්ස් සම්මාන ලැබිලා තියෙනවා හොදම රංගනයට.  ඒ වගේම ඔස්කා සම්මාන 6ක් සහදා නාම යෝජනාවී තිබෙනවා. ඉතිං ෆිල්ම් එක මොනවගේද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඉතිං ත්‍රිලර් සහ ඉනස්පයරින් ස්ටෝරි ගනයට වැටෙන මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

මේ 1940 මැයි 9, හිට්ලර්ගේ නාසි හමුදා චෙකොස්ලොවේකියාව, ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු යුරෝපයේ විශාල ප්‍රදේශයක් යටත් කරගන බෙල්ජියමේ දේශසීමාවට ඇවිත් යුරෝපයේ ඉතිරි ප්‍රදේශ ජයග්‍රහණය කරා මෙහෙයවන්නයි සූදානම් වෙන්නේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වෙනකොට අතිශය අස්ථාවර තත්වයක තියෙන්නේ. ඔවුගේ අගමැති නෙවිල් චෙම්බර්ලීන් වෙත ඔවුන් තැබූ විශ්වාසය බිදවැටී අවසන්. දැන් සභාග ආණ්ඩුවක් පිහිටවන්න විපක්ෂය ආණ්ඩු පක්ෂය සමග එකතු වෙන්න සූදානම්. හැබැයි මේ පක්ෂ දෙකේම කැමැත්ත හිමිවෙන්නේ එක් පුද්ගලයෙක්ට විතරයි. ඒ තමයි වින්ස්ටන් චර්චිල්. ඔහු මේ අවස්ථාව එනකන් මුළු ජීවිත කාලයම බලාගන හිටියාවුනත් ඒක ලැබුනු කාලය නම් ඒ තරම් සුන්දර නැහැ. මේ වෙනකොට නාසි හමුදා බටහිර යුරෝපය යටත් කරගන්න සූදානමින් ඉන්නවා, මුලු බ්‍රිතාන්‍ය හමුදාවම ඩන්කර්ක් වල හිරවෙලා, ඒ වගේම තමයි මේ වෙලාවේ හිට්ලර් ආරධනා කරනවා සාම ගිවිසුමකට එන්න කියලා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාක්ෂිකයින්ට. මේ අවස්ථාවේ වින්සටන් චර්චිල් උභතෝකෝටික ගැලළුවක ඉන්නේ. ඩන්කර්ක් වල ඉන්න හමුදාව සහ බ්‍රිතාන්‍ය ජාතිය වෙනුවෙන් අධිරාජ්‍ය යටත් විජිතයක් බවට පත්වෙමින් හිට්ලර්ගේ සාම ගිවිසුමට අවතීර්න වෙනවද, එහෙම නැත්නම් දිගටම යුද්ධය කරගන ගිහින් හිට්ලර් පරාජය කරලා අධිරාජ්‍ය විජයග්‍රහණය කරා මෙහෙයවනවද? ඔහු නම් ක්ෂණික තීරණයක් ගන්නවා ඒ තමයි විජයග්‍රහණය. නමුත් ජනතාවට අවශ්‍ය කරන්නේත් ඒකමද? ඔහු නැවතත් කල්පනා කරනවා. ඉතිං කතාව බලන්න. චර්චිල්ගේ අවසාන තීරණය මොකක්ද කියලා. ඇක්ෂන් ෆිල්ම් එකක් නොවුනට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් සුපිරි ෆිලුමක් හැටියට තමයි මම මේක නම් කරන්නේ! කළු ලැයිස්තුවේ  ඊයේ නිකුත් වූ අලුත්ම කොටසින් හමුවෙමු….

“You cannot reason with a tiger when your head is in its mouth.”

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | 720p | x264 | 900MB |

4CBAFDD104CA92B3F17A7B9A75736869EA9153A0

 Direct Download

 | WEB-DL | 480p | x264 | 326MB |

 | WEB-DL | 720p | x265 | 817MB |

 | WEB-DL | 720p | x264 | 900MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *