MENU

DCs Legends of Tomorrow [S03 : E11]| අවබෝධයේ හෝරාව..

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ එකොලොස්වන කොටසයි.කොටස් 18න්(වාර්තාවන අන්දමට) සමන්විත මේ කතා සමයේ අවසන් කොටස් කිහිපයයි මේ ගෙවී යන්නේ.ඒ නිසා ප්‍රධාන සතුරාවන මලස් පරාජය කිරීම සම්බන්ධයෙන් මුලික කරුණු ගලාගෙන යද්දී ඒ හා සමානවම එයට අවශ්‍ය පදනම ගොඩ නැගීම දැන් ක්‍රමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා.එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් පුනරාවර්ජනයක් කරගමු.

පසුගිය සතියෙන්….

දිගු විරාමයකින් පසුව නැවත කතා මාලාව විකාශය ආරම්භ කලේ පසුගිය සතියේ.ඒ මලස්,නොරා ඩාර්ක්,කොන්ස්ටන්ටීන් හා ලෙජන්ඩ්වරුන් සම්බන්ධයෙන් පසු ගිය කොටස පෙන්නුම් කිරීමක් සිද්ධ කළා.ජැක්ස්ව ඇරලවන්න ගොස් ආපසු එන සාරා ලාන්ස් හට මුණ ගැසෙන්නේ ඇයගේ ආත්මය බේරාගත් පුද්ගලයයි.එනම් කොන්ස්ටන්ටීනුයි.මලස් නමැති යක්ෂයා කුඩා දැරියකට ආවේශ වී ඇති බවත්,ඇය සාරාගේ නම දන්නා බැවින් ඇයගේ සහය තමන්ට අවශ්‍යය බව පවසන කොන්ස්ටන්ටීන් ලෙජන්ඩ්වරුන් සමග ඒ කුඩා දැරිය සිටිනා මානසික රෝහලට ගමන් කරනවා.එහිදී සිද්ධ වන අකරතැබ්බයක් නිසා සාරා,ලියෝ හා කොන්ස්ටන්ටීන් අතීතයට ඇදිලා යනවා.ඔවුන් කවදා කොතැනකට ගියා දැයි හාන්කවිසියක් නොදන්නා අනිත් පිරිස ඔවුන් සෙවීමට වෙහෙසෙද්දී සාරා ඇතුළු අනිත් දෙපල ඔවුන්ට පණිවිඩයක් යැවීමට ක්‍රමයක් හොයනවා.මේ අතර වාරයේ මලස් ආවේශ වන ගැහැණු දරුවා සැබෑවටම නොරා ඩාර්ක් නැතිනම් ඩේමියන් ඩාර්ක්ගේ දියණියන් බව දැනගන්න ලෙජන්ඩ්වරුන් ඇය මිත්‍ර කරගන්නට උත්සහ දරුවත් ග්‍රීන් ඇරෝ තමන්ගේ පියා මරණ සිද්ධිය දකින නෝරා නැවතවරක් මලස්ගේ වසඟයට පත් වෙනවා.මේ අතර වාරයේ අතීතයට ඇදී ගිය සාරා ඇතුළු පිරිසත් විවිධ බාධක මැද්දේ අවසානයේ තමන්ට මලස් ආවේශ කොටගෙන එතනින් පැනගැනීමට සුදානම් වෙනවා.මලස් ආවේශ වෙන සාරා එක්තරා ශුන්‍ය ලෝකයකට ඇදී යන අතර එහිදී ඇයට මුණ ගැසෙන්නේ වර්තමානයේ මලස්ගේ වසඟයට පත් නෝරා ඩාර්ක්වයි.කරුණු පහ දා දී නෝරාව වසඟයෙන් මිදුවත් ඩේමියන් ඩාර්ක් පැමිණ ලෙජන්ඩ්වරුන්ගේන් ඇයව රැගෙන නැවත මානසික රෝහලටම භාර දෙනවා.එමෙන්ම මලස්ගේ වසඟයෙන් බේරෙන සාරා ඇතුලූ පිරිසද නැවත වරක් යානයට පැමිණෙනවා.එමෙන්ම මෙතෙක් කල් ලෙජන්ඩ්වරුන්න සමග සිටි නාසි ලොවේ ලෙනාඩ් ස්නාට් පිරිසගෙන් සමුගෙන නැවත තමන්ගේ ලෝකයට පියමන් කරනවා. අවසානයේ දී යානයෙන් නික්මෙන මොහාතේ රේ පාමර් අමතන කොන්ස්ටන්ටීන් පවසන්නේ සාරා නැවත මලස්ගේ වසඟයට පත්ව පාලනය කල නොහැකි අවස්තාවක් උදා වුවහොත් ඔහු විසින් නිර්මාණය කරමින් සිටින තුවක්කුව ආධාරයෙන් ඇයව මරා දමන ලෙසයි.

මේ සතියෙන්….

මලස්ගේ සිද්ධියෙන් පසු පිරිස වෙනත් මෙහෙයුමකට යන්නේ සාරි හට යානය නඩත්තු කිරීමේ වගකීම භාර දෙමිනුයි.නරියාට කුකුල් කොටුව භාර දුන්නා වගේ සාරිත් ගිඩියන්ගේ විරෝධය මැඳ සිමියුලේටර් එකක් අත්හදා බලන්න ගොස් ගිඩියන්ගේ ස්නායු කේන්ද්‍රය විනාශ කර දමනවා.සාරාගේ අණ පරිදි එය සකසන්න යන සාරි එක්තරා දියරයකට නිරාවරණය වී ටයිම්ලූප් එකක හිර වෙනවා.මේත් සමගම කණ්ඩායම ගැන තරහින් සිටින සාරිහට කණ්ඩායමේ තමන්ට ඇති තැන ඉගෙන ගන්න අවස්තාවක් ලැබෙනවා.
එසේනම් සාරි කණ්ඩායම ගැන ඉගෙන ගන්නේ කුමක්ද?ඇයට කණ්ඩායමේ ලැබෙන තැන කුමක්ද?සාරි අත්හදා බලම සිමියුලේටර් එක මොන වගේ එකක්ද?මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන අද කොටස අලුත් සාමාජිකයෙක්ගේ පැමිණීම ද පෙන්නුම් කරනවා.

එසේනම් අද කොටස රස වින්දනය කරලා අඩු පාඩු එහෙම තියෙනවනම් පහල කමෙන්ට් මන්තිරුවේ ලියාගෙන යන්න කියලා මතක් කරන ගමන් සමු ගන්නවා.හැමෝටම ජය ශ්‍රී.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 305MB |  

D155C967FF67310C8AFF26887856EB21DB6EE5E1

Direct Download

| HDTV | x264 | 480p | 182MB |      

    

| HDTV | x265 | 720p | 237MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *