MENU

DCs Legends of Tomorrow [S03 : E12]| භූමි ටෝටම් එක..

හැමෝටම සුභ දවසක් වේවා. DCs.Legends.of.Tomorrow කතා මාලාවේ නවතම කොටස එහෙම නැතිනම් තුන්වන සමයේ 12වන කොටසේ සිංහල උපසිරස අරගෙනයි මේ ආවේ.පරක්කු වෙලත් තියෙන එකේ වැඩිය කතා නැතුව පසුගිය කොටස ගැන පොඩි මතක්කර ගැනීමක් කරමු.

පසුගිය සතියෙන්…

1815 සිද්ධ වුන වෝටර්ලු යුද්ධය සම්බන්ධව කාලෝචිත නොවූ දෙයක් හරි ගස්සවන්න ලෙජන්ඩ්ලා නික්ම යන්නේ යානයේ නඩත්තු කටයුතු සාරිහට භාර දෙමින්.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සාරි තම සහෝදරයා අනාගතේ දී මුහුණ පාන සිද්ධියෙන් බේරා ගැනීම උදෙසා විසඳුම් සොයමින් සිමියුලේටර් එකක් ධාවනය කරවන්නේ ගිඩියන්ගේ විරෝධය මැඳයි.එහි ප්‍රතිපලයක් ලෙසින් ගිඩියන්ගේ ස්නායු කේන්ද්‍රය පිලිස්සිමකට ලක් වෙනවා.මේත් සමගම ලෙජන්ඩ්වරුන් නැවත පැමිණෙන අතර සිද්ධ වූ දේ දැනගන්න සාරා යානය හරි ගස්සන ලෙස සාරිහට අණ කර සිටිනවා.එයින් කුපිත වන සාරි යානය සකස් කරන්නට යාමේ දී යම් දියරයක් ශරීරයේ ගාවා ගන්නවා.එයින් සුළු මොහොතකට අනතුරුව යානය පිපිරී ගොස් විනාශ වෙන අතර සාරි කාලයේ ආපස්සට ගමන් කර නැවත සාරා තමන්ට බනින තැනට පත් වෙනවා.මේ අන්ධමින් කිහිප වරක්ම සිද්ධ වෙන අතර මෙයට හේතුව වනුයේ සාරි ටයිම් ලූප් එක හිර වීමයි.මේ නිසා ඇය එයින් ගැලවීමට හා යානය පිපිරීමට හේතු හොයමින් ලෙජන්ඩ්වරුන් සමග සාකච්ඡා කරමින් එය විසඳීමට වෙර දැරුවත් එයින් ප්‍රතිපලයක් නැති තැන ජීවිතය නැතිකර ගන්නට යාමේ දී පිරිස එක්කව එය නවතා ඇයට ඇහුම්කන් දී පිපිරීමට හේතුව වන බෝම්බය සොයන්න පටන් ගන්නවා.මෙහි දී ගැරී මුණ ගැසෙන්නේ කුණු දමන තැන සිර වී සිටිය දී.මික් ගැරී සතුව තිබුන යන්ත්‍රය විනාශ කල පසු ගැරී පවසන්නේ මෙතෙක් වෙලා පවතී ටයිම්ලූප් එක ඇති කලේ තමන් බවත් යන්ත්‍රය විනාශ වූ බැවින් නැවත ටයිම් ලූප් එකක් නොවන බවයි.අනතුරුව සියල්ලන් වෙනුවෙන් සාරි බෝම්බය ගෙන කුටියක දී එය පුපුරුවා ගන්නවා.එයින් අනතුරුව ඇයට මුණ ගැසෙන්නේ ගිඩියන්වයි.අනතුරුව මෙතෙක් වෙලා සිද්ධ වුන සියල්ල ගිඩියන් විසින් කල දෙයක් යැයි පවසන ගිඩියන්,යන්ත්‍රයේ දියර විසික් වුන නිසා සාරි ඒ මොහතේ පටන් මේඩ්බේ එකේ සුවය ලබමින් සිටින බවත් ඇය විසින් පරික්ෂා කල සිමියුලේටර් එක පිළිබඳව පැහැදිලි කරන්නට ගිඩියන් සාරිගේ විඥානය උඩුගත කිරීමක් කල බව පැහැදිලි කර දෙනවා.එමෙන්ම අනාගත යේ දී එන මලස්ගේ ප්‍රශ්නය හා සාරිගේ සහෝදරයා බේරා ගැනීමේ සටන වෙනුවෙන් සියල්ලන් එකට වැඩ කලයුතු බව ගිඩියන් පැහැදිලි කර දෙනවා.අවසානයේ දී කරුණු වටහා ගන්නා සාරි පිරිස සමග එකට වැඩ කිරීමට තීරණය කරනවා.මේ අතර වාරයේ ෆ්ලෑෂ් කණ්ඩායමෙන් ඉවත්ව ගිය වොලී වෙස්ට් හෙවත් කිඩ් ෆ්ලෑෂ් මුණ ගැසීමට එන කාල කාර්යාංශයෙන් පලා යන රිප් හන්ටර් තමන්ට වොලීගේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කර සිටිනවා.

මේ සතිය ගැන වැඩිමනක් කියන්නට අවශ්‍ය නෑ.මන්ද හැමෝම උපසිරස එනකම් මට බැන බැන ඉන්න බව දන්නවා.(හැමෝම කිව්වට හැමෝමත් නෙවෙයි).කෙසේමුත් කෙටියෙන්ම කියනවනම් මේ කොටසේ දී සාරා නිවාඩුවක් ගත්තම පිරිස භූමි ටෝටම් එක හොයන්න ගිහින් වෙන අකරතැබ්බය ගැන තමා කතාව ගෙවී යන්නේ.එහෙනම් කතාව බ
ලලා,උපසිරසේ අඩුපාඩු තියෙනවනම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.නැතිනම් ෆේස්බුක් එකෙන් මට මැසේජ් එකක් දාන්න.එහෙනම් ලබන සතියෙන් මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 340MB |  

98E9D4E40149C86C38AD10E96B5EC7D615AC930A

Direct Download

| HDTV | x264 | 480p | 205MB |      

    

| HDTV | x265 | 720p | 272MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *