MENU

DCs Legends of Tomorrow [S03 : E13] | පීතෘ ස්නේහය..

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 13වන කොටසයි.සුපුරුදු පරිදිම අදත් උපසිරස පරක්කු නිසා වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු.

පසුගිය සතියෙන්….

මලස් පරාජය කිරීමේ යතුර ටෝටම් බව වටහා ගන්නා ලෙජන්ඩ්වරුන් ඔවුන් නොසතු ටෝටම් සෙවීම ආරම්භ කරනවා.මේ අනුව සාරා ඒවා සමග පෙම් හමුවකට ගිය අවස්ථාවේ පිරිස ඩිට්‍රෝයිට් බලා යන්නේ අග්නි ටෝටම් එක ලබා ගන්නයි.නමුත් එය ව්‍යර්ථ වන්නේ ඩේමියන් ඩාර්ක් ලෙජන්ඩ්වරුන්ට ප්‍රථමයෙන් එය ලබා ගන්නා නිසායි.අනතුරු පිරිස ඊළඟ ටෝටම් එක වන භුමි ටෝටම් එක ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා.ඒ සඳහා 1717 වර්ෂය දක්වා ගමන් කරන පිරිස එය සතු බ්ලැක්බියර්ඩ් නමැති මුහුඳු මංකොල්ලකාරයා සොයා ඔහුගේ නැවට ගොඩ වෙනවා.බ්ලැක් බියර්ඩ් සමග කතා බහ කරමින් සිටින විට දී එතනට කඩා පනින ඩේමියන් ඩාර්ක්ඇතුළු පිරිස අමායා සතු ටෝටම් එක පැහැර ගන්නවා.අනතුරුව තමන් ආ අරමුණ,එනම් භුමි ටෝටම් එක පිළිබඳව බ්ලැක්බියර්ඩ්ගෙන් අසා දැනගන්නා ඩේමියන් එය සෙවීමට දුපත කරා ගමන් කරනවා.මේ අතර වාරයේ වෙව්රයිඩර් එක බර්මියුඩ ත්‍රිකෝණයේ නැවතීම නිසා සිද්ධ වූ කාර්මික දෝෂයක් නිසාවෙන් අමායා හා මික් බ්ලැක්බියර්ඩ් සමග තනිකර අනිත් ලෙජන්ඩ්වරුන්ට එතනින් නික්මෙන්න සිද්ධ වෙනවා.

නාවික හමුදාවට අසු වී සිටි බ්ලැක්බියර්ඩ් ඇතුළු පිරිස එතනින් මිදී ඩේමියන් ඩාර්ක් පසු පස හඹා යන්නේ ඔහුට ප්‍රථමයෙන් භූමි ටෝටම් එක ලබා ගන්නයි.නමුත් එය ශාපලත් එකක් නිසාවෙන් බ්ලැක්බියර්ඩ් පස්ස ගැහුවත් අමායා හා මික් ඔහුව බලෙන් ඇදගෙන ඒ දුපත කරා ගමන් කරනවා.ඔවුන් පැමිණෙන විටත් ඩේමියන් ටෝටම් එක වල දමා තිබු තැන හාරා එය ලබා ගැනීමට සැර සෙද්දී එය පැළඳ සිටි ඈන් නමැත්තිය මරණයෙන් නැගී සිට පිරිසට පහර දෙනවා.තම බලය උපයෝගී කරගෙන ඩේමියන් ඇයව මරා දමා ,අනතුරුව අමායාද මරා දැමීමට සුදානම් වෙද්දී යානය නැවත සකසා ගෙන පැමිණි රේ පාමර් නැනයිට් තුවක්කුවෙන් නෝරාහට වෙඩි තියනවා.මලස් වෙනුවෙන් සුධානම් කල තුවක්කුවෙන් වෙඩි පහර කෑ නෝරා බිම ඇද වැටුන විට භූමි ටෝටම් එක රැගෙන ලෙජන්ඩ්වරුන් එතනින් පලා යනවා.

තමන් කල දේ පිළිබඳව පසු තැවීමක් ඇති වීම නිසා රේ නෝරාව සුව කිරීම සඳහා බෙහෙතක් සුදානම් කර එය රැගෙන නැවත දුපත කරා ගොස් එය නෝරා හට එන්නත් කරනු ලබන අතර,එයින් සුවය ලබන නෝරා රේව මරා දැමීමට සුදානම් වෙද්දී ඩේමියන් එය වලක්වා ලන්නේ ඔහුගෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙනවි යන අභිප්‍රායෙන් යුක්තවයි.මේ අතර වාරයේ වොලී සොයා ගිය රිප් හන්ටර්,ඔහු හා එක්ව නැවත තමන්ගේ දේවල් කාර්යාංශයෙන් පැහැර ගන්නවා.එමෙන්ම පෙම් හමුවකට ගිය සාරා හා ඒවා එය නරක විදියට අවසන් කලත් පසුව දෙදෙනා එක්වෙනවා.මේ විදියට ගලා ගිය කතාව අද ආරම්භ වන්නේ රේගේ අතුරුදහන් වීමත් සමගයි.අද කොටස ගැන මොකුත් කියන්න ඕනේ නෑ කියලා හිතනවා.

එහෙනම් අදත් පරක්කු වෙලා හරි නොවරදවා කොටස් ගේන්න පුළුවන් කමක් ලැබුනා.හැබැයි ලබන සතියේනම් මෙහෙම දෙන්න බැරි වේවි.මොකද ලබන සතියේ මිට කලින් අනිවා උපසිරස දෙන්න පුළුවන් වෙන නිසා.එසේනම් ඒ වෙනකම් හැමෝටම ජය ශ්‍රී!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 268MB |  

D95B2D10E8D35A67E144E7449174853CA54040E9

Direct Download  

| HDTV | x264 | SVA | 265MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong