MENU

DCs Legends of Tomorrow [S03 : E14] | සයවන ටෝටම් එක සොයා…

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ Legend of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 14 වන කොටසයි.

පසුගිය සතියෙන්…

ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම පාහේ වෙන්වුණේ ඩාර්ක්ලා වෙනුවෙන්.ඩේමියන් කියන්නේ කොච්චර දරුණු කෙනෙක් වුනත් තමන්ගේ දුවට පණ වගේ ආදරේ කරන කෙනෙක්.අපි මේක ඇරෝ කතා මාලාවේත් දැක්කනේ.ඒ වගේම තමා ආතල් එකේ ඉන්න පොරක් තමා ඩේමියන් කියන්නේ.ඉතින් අමායගේ ටෝටම් එක පැහැරගෙන ඒක නොරා පැළඳ ගත්තට මොකද එහි ධාරකයා වෙන්න නම් බැරි වුනා.ඒ එහි බලය සක්‍රිය නොවීම නිසායි.ඒ වගේම තමා ඩේමියන් ඩාර්ක් සතු අග්නි ටෝටම් එක සක්‍රිය කරන්නනම් එය ප්‍රතිසංස්කරණය කල යුතු වෙනවා.ඒ නිසා තමා ඔවුන් රේ පාමර්ව පැහැර ගත්තේ.රේ පාමර් ලවා අග්නි ටෝටම් එක හරිගස්සන්න ගියත් එයට අවශ්‍ය වන දෙයක් තමා සිසිල් විලයනය කියන දේ.නමුත් තරුණ ඩේමියන් කොන්තරාත්තු පදනම යටතේ මේ සිසිල් විලයන තාක්ෂනය හොයා ගන්න විද්‍යාඥයා මරපු නිසා මේ දේ එලියට එන්නේ නෑ.ඒ නිසා පිරිසට සිද්ධ වෙනවා අතීතයට ගිහින් තරුණ ඩේමියන්ගෙන් විද්‍යාඥයා බේරාගෙන ඒ තාක්ෂනය පිළිබඳව දැනගන්න.කොහොමහරි මුලින් මුලින් ඩේමියන්ම වැඩේට බහින්න හැදුවත් නොරාගේ ඉල්ලීම මත ඇය හා රේ මේ ගමන ගිහින් වැඩේ අනා ගන්නවා.ඊට පස්සේ තමා ඩේමියන් ගේමට එන්ටර් වෙන්නේ.මේ අතර වාරයේ තරුණ ඩේමියන් නෝරාව පැහැරගෙන ඇය වෙනුවට විද්‍යාඥයා හුවමාරු කරගැනීම සඳහා කොන්දේසියක් දානවා.හැමදේටම වඩා තමන්ගේ දුව වටිනා නිසා ඩේමියන් විද්‍යාඥයා ලබා දීලා නෝරා ගලවා ගත්මුත් තරුණ ඩේමියන් නෝරාව ගොඩනැගිල්ලෙන් පහලට විසික් කරනවා.ඒත් සමගම ඩේමියන් ඇයව අල්ලා ගන්නවා.හැබැයි තරුණ ඩේමියන් හා වයසක ඩේමියන් අතර සටනක් සිද්ධ වෙද්දී නෝරා ඉල්ලා සිටිනවා තමන්ව අතහැර ජීවිතය බේරා ගන්නා ලෙස.අකමැත්තෙන් වුනත් ඩේමියන් ඒ දේ කරනවා.ඒත් සමගම නෝරාට හැකියාවක් ලැබෙනවා අමයාගේ ටෝටම් එකේ බලය ඈ හට පවරා ගන්න.මේ අතර වාරයේ ලෙජන්ඩ්වරුන් නැති වුන රේ සොයද්දී අමායා හා සාරි අධ්‍යාත්මක ලෝකයට යන්නේ ටෝටම් ගැන විස්තර දැනගන්න.එහි දී ඔවුන් දැනගන්නවා කාලය ඡේදනය වෙන තරමටම මලස් රඳවා සිටින කුඩුවද ලිහිල්වෙන බව.කෙසේ හෝ වේවා අවසානයේ කිඩ් ෆ්ලෑෂ් විසින් රේව බේරා ගන්නවා විතරක් නෙවෙයි අග්නි ටෝටම් එකත් හොරකම් කරනවා.

මේ සතියෙන්…

මේ වෙනකොට ලෙජන්ඩ්වරුන් සතුව භුමි,අග්නි,වායු කියන ටෝටම් තියෙනවා.ඩාර්ක්ලා සතුව ජලජ හා අධ්‍යාත්මික ටෝටම් තියෙනවා. එකියන්නේ හයෙන් පහක් මේ වෙද්දී එලියට ඇවිත්.එතකොට හයවෙනි එක කොහෙද?අන්න ඒක ගැන තමයි අද කොටස යන්නේ.ඒ වගේම තම අද සංගීතයෙන් කතාව අන්තර්ගත වෙලා තියෙන නිසා සිංදු අහනගමන් කතාව බලන්න පුළුවන් වේවි.එසේනම් මේ හයවෙනි ටෝටම් එක මොකක්ද?එහි ධාරකයා කවුද?එහි සතු බලය කුමක්ද?කවුරුන් එය හිමි කරගනිවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු කතාව තුල අන්තර්ගත නිසා කතාව බලලම ඒවා විසඳගන්න වෙනවා.

එහෙනම් අතිශයින් කාර්යබහුල සතියකුයි මේ නිමා කරන්නේ.ඒ වගේම ඊටත් වඩා කාර්ය බහුල සතියකටයි පියමන් කරන්නේ.මොකද කියනවනම් කලින් සතියට එකයි.දැන් සතියට තුනයි.ඉතිරි දෙක මොනාද කියලා දැනගන්න පුළුවන් වේවි ලබන සිකුරාදා වෙද්දී.හැබැයි කීයක් කලත් පුළුවන් උපරිමේ කරනවා වෙලාව තියෙන විදියට.(මේ සතියේ මෙච්චර පරක්කු වුනේ ලොකු ගමනක්ම් ගිය නිසා හිටං) එසේනම් ආයෙත් මුණ ගසෙනකම් හැමෝටම ජය ශ්‍රී.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 285MB |  

83FA9F04424CFC02CC72454CE83D1EAE415D6D81

Direct Download  

| HDTV | x264 | 480p | 175MB |       

         

| HDTV | x265 | 720p | 227MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *