MENU

DCs Legends of Tomorrow [S03 : E15]| ටෝටම් ධාරකයෝ…

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර
ගනිමු.

පසුගිය සතියෙන්…

මලස් පරාජය කිරීමට ඇති යතුරු නම් ටෝටම් හයයි.මේ වන විටත් මේ හයෙන් පහක්ම සොයාගෙන තිබේ.මේ නිසා හයවැනි ටෝටම් එක පිලිබඳ ලෙජන්ඩ්වරුන් නිරීක්ෂණ කරමින් සිටින අතර වාරයේ එල්විස් නම් රොක් ඇන්ඩ් රෝල් සංගීත හාදයා හා කාලෝචිත නොවූ දෙයක් පිළිබඳව පිළිබඳ ව දක්නට ලැබෙනවා.අනතුරුව ඒ නිවැරදි කිරීම සඳහා එහි ගමන් කරන්නේ කරන්නේ නතානියෙල් හා අමායා යි . එමෙන්ම එල්විස්ගේ ගිටාර් එක සතු ටෝටම් එක ලබා ගැනීමටත් ඔවුන් අදහස් කරනවා..කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ කටයුතු අහවර කලත් රොක් ඇන්ඩ් රෝල් සංගීතයට විරුද්ධ එල්විස්ගේ මාමා පටිගත කරන ලද තැටිය ඔහුගේ බාරෙට ලබාගන්නවා.නමුත් යම් හේතුවක් නිසා වෙන් එම පටිගත කරන ලද සින්දුව විකාශය නොවනහොත් කාලය ඡේදනය වීමක් වෙන නිසාවෙන් එල්විස්ගේ මාමා හා කතාබහ කිරීමට සාරී හා වොලී දේවස්ථානය කරා යනවා.එල්විස්ගේ මාමා ට කරුනු පහදා දීමෙන් අනතුරුව එම සිංදුව විකාශය වීමට කටයුතු කලත් මරනීය ටෝටම් එකෙන් පටිගත කල එම සිංදුව අසන භූතාත්ම නැගී සිට දේවස්ථානය ආක්‍රමනය කරනවා.මේ නිසා සිරගත කර සිටි එල්විස් එයින් එලියට යවන්නේ මෙය පාලනය කිරිමටයි.මරනීය ටෝටම් එකේ ධාරකයා වන් එල්විස්ට මළවුන් නැගී සිට්ටනවා මෙන්ම ඔවුන්ව පාලනය කිරීමේ හැකියාවත් ඇති බැවින් ඔහු විසින් ඒ සියලු මළවුන් පාලනය කොට ඔවුන් නැවත පිටමන් කිරීමට කටයුතු කරනවා.එමෙන්ම එල්විස්ගේ ගිටාර් එකේ තිබුන ඒ මරණීය ටෝටම් එකද ලෙජන්ඩ්වරුන්ට් භාර දීමට කටයුතු කරනවා.

මේ සතියෙන්…

මරණීය ටෝටම් එක තමා සතු වීමෙන් අනතුරුව ලෙජන්ඩ්වරුන් එය පෙට්ටියක බහා ලා ආරක්ශිතව තැබීමට කටයුතු කරනවා.හැබැයි ටෝටම් එකක් එසේ තැබීමට නොහැකියි.අනිවාර්යයෙන්ම යමෙක් එය පැළඳිය යුතුයි.එසේනම් කවුරුන් මේ මරණීය ටෝටම් එක පැලඳ ගනීවිද???පැළඳ ගත් පුද්ගලයාට කුමක් වේවිද?සැම්බේසිවල ගොත්‍ර හයක් තිබුනේ කුමන හේතුවටද?මේ ප්‍රශ්න ටි විසඳා ගන්නනම් අද කොටස බලන්න වෙනවා..

බොහෝ දෙනෙක් විමසා සිටිනවා ඇරෝ කතාමාලාවට උපසිරස ලබා දෙන්නේ නැද්ද කියලා..ඒ අයට කියන්න තියේන්නේ දැනට පොඩි ප්‍රශ්න කිහිපයක් නිසාවෙන් උපසිරස ප්‍රමාද වුවත් ඉදිරි සතිවල දී එය විසඳා ලීමට කටයුතු යොදා තිබෙන බවයි.ඒ නිසා ඒ සම්බන්දයෙන් නොවිමසා සිටින මෙන් ඉල්ලා සිටිනවා.එසේනම් නැවත මුණ ගැසෙනතුරු හැමෝටම ජය ශ්‍රී…

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 285MB |  

C6CE5C38B46AFB91C54573978215CAA7320A88CE

Direct Download  

| HDTV | x264 | 480p | 183MB |       

         

| HDTV | x265 | 720p | 205MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “DCs Legends of Tomorrow [S03 : E15]| ටෝටම් ධාරකයෝ…

  • Nadeesha

    Bro me copye download karanna akakwath ba ne. Puluwanum aye meke copya danna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *