MENU

DCs Legends of Tomorrow [S03 : E16] | කවුද මේ ඒවා? …

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු.

පසුගිය සතියෙන්…

ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම හිතනවා.මරණිය ටෝටම් එක පැළඳ ගත් සැනින් සාරාට මලස් අරක් ගන්නවා.ඒත් සමග සාරා යානයේ සිටින අයට පහර දෙන්න පටන් ගන්නවා. මුලින්ම පහර දෙන්නේ රේ පාමර්ට. මොකද ඔහු තමා ඒ වෙද්දී යානයේ හිටිය කෙනා. මේ වෙද්දී රේ අග්නි ටෝටම් එක සකසලා තමා තිබුනේ. ඊළඟට ප්‍රහාරයට ලක් වෙන්නේ අමායා හා රෝරි. මෙතන දී අමායගේ කකුලක් කඩන්න පවා සාරා දරුණු වෙනවා.ඊළඟට වොලී වෙස්ට්. ජෙසී විදියට පෙනී ඉඳලා මෙතන දී වොලිට පහර දෙනවා.මේ අතර වාරයේ මේ ගැන දැනගන්න ඒවා හා ගැරී කොන්ස්ටන්ටීන් හොයන්න පිට වෙලා යනවා.ඔහුව හොයා ගැනීමෙන් අනතුරුව සාරාට වෙලා තියෙන දේ පවසන ඒවා ඇයව ගලවා දෙන ලෙස ඉල්වා සිටිනවා. මේ නිසා කොන්ස්ටන්ටීන් සාරා මුදවා ගැනීමට මෙහෙයුම දියත් කරනවා. මේ අතර වාරයේ මලස් ආවේශ වුන සාරා දිගින් දිගටම ලෙජන්ඩ්වරුන්ට පහර දෙන විට ඇයට විරුද්ධව අනෙකුත් ටෝටම් භාවිත කිරීමට පිරිස එකඟ වෙනවා. ඒ අනුව නතානියල් භුමි ටෝටම් එක ලබා ගැනීමට ගියත් ඔහුට එය සාරාට විරුද්ධව පාවිච්චි කරන්න නොලැබෙන්නේ නාතනියල්ගේ සියා ඔහුට දර්ශනය වීම නිසි. මෙහෙ දී නතානියල් පහර කෑමට ලක්වෙනවා. ඒ වගේම අග්නි ටෝටම් එක ලබා ගැනීම සිද්ධ වෙන්නේ රෝරි විසින්. ඔහුට එහි බලයට පිවිසීමට පවා හැකි වෙනවා. මේ අතර වාරයේ කොන්ස්ටන්ටීන්, ඒවා හා ගැරී වෙව්රයිඩර් එකට පැමිණෙන්නේ මලස් එලවා දමා සාරා බේරගන්න. නමුත් එහි දී කොන්ස්ටන්ටීන්ට ඇස්ට්‍රා නම් කුඩා දැරිය ලෙස සාරා පෙනී සිටිනවා. හැබැයි කොන්ස්ටන්ටීන් රැවටෙන්නේ නෑ. ඔහු බොරුවට රැවටුනා වගේ පෙන්නලා ඇයට පුජනිය ජලය ඉසිනවා.ඒ වුනාට ඒක හරියන්නේ නැත්තේ මලස් ඊටත් වඩා බලවත් නිසා.මේ අතර වාරයේ මලස්ගේ ලෝකයේ දී සාරා හා නෝරා මුණ ගැසෙනවා. සාරාට තමන්ගේ සැබෑ ස්වරුපය භාරගන්න ලෙස නොරා පැවසුවත් සාරා එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර වාරයේ අග්නි ටෝටම් එක දැරූ රෝරි හා සාරා අතර සටනක් සිද්ධ වෙන්නවා. අවසානයේ රෝරි සාරාට එල්ලකළ දරුණු පහරකින් ඇය බිම පතිත වීමත් සමගම ඒවා ඇය පැළඳ සිටි මරණිය ටෝටම් එක ගලවා දමා සාරාව බේරා ගන්නවා. අවසානයේ මේ සිදුවීම් සියල්ලම නිසා සාරා ඒවාගෙන් වෙන්වීමට තීරණය කරන්නේ ඇය නිසා ඒවාට කරදරයක් වේවි යන බිය නිසාවෙන්. එමෙන්ම කොන්ටන්ටීන් ලෙජන්ඩ්වරුන් සමග එකතු වුනා දෝ කියන සැකය ඉතිරි කරමින් කතාව නිමාව දුටුවා.

මේ සතියෙන්…

කලින් කිව්වා වගේම මේ කතා මාලාවේ මේ සමයේ අවසන් ටිකේ තමා මේ ඉන්නේ. ඒ නිසා මරණ,අහිමි වීම්,ඇතැම් අයගේ සැබෑ ස්වරූප වගේ දේවල් දකින්න ලැබෙනවා. ඉතින් අද කොටසත් ඒ වගේම දෙයක් ගැබ් වුන කොටසක්. ඔව් මාතෘකාව දැක්කම හිතා ගන්න පුළුවන්නේ අද කොටස කා ගැනද තියෙන්නේ කියලා…?කට්ටියට මතක ඇතිනේ කලින් කොටසක දී රිප් හන්ටර් ඒවා ගැන ලිපි ගොනුවක් මකලා දැම්මා.ඉතින් කලින් වෙච්ච හිත් තැවුල නිසා ඒවා ටික දවසක් වැඩට එන්නේ නෑ. මේ නිසා ගැරී භය වෙලා ඒ ගැන ලෙජන්ඩ්වරුන්ට දන්වනවා. මේ අවස්ථාවේ දී සාරා තමන්ගේ වැඩ වෙන කෙනෙක්ට භාර දීලා යානයෙන් පිට වෙන ගමන් ඉන්නේ. ඒ අහන්න ලැබුන දෙයත් සමගම සාරා,රේ හා ගැරී ඒවා ගැන හොයන්න පිටත් වෙලා යනවා.මේ අතර වාරයේ ඩිට්‍රෝයිට්වල වුන සිද්ධියක් නිසා මාරි(වික්සන්) තුවාල ලබනවා.මේ ගැන දැනගන්න ලෙජන්ඩ්වරුන් ඇය ගැන හොයලා බලන්න නතානියල් හා වොලී පිටත්කර හරිනවා. එහි දී ඔවුන් දෙදෙනාට කුආසා මුණ ගැසෙන නිසා ප්‍රශ්නය තවත් අවුල් යනවා. එසේනම් ඒවා සොයා යන සාරා ඇතුළු පිරිසට ඒවා ගැන දැනගන්න ලැබෙන්නේ මොනවගේ තොරතුරක්ද? ඇත්තටම ඒවා කියන්නේ කවුද?කුආසා මුණ ගැසුණු නතානියල් හා වොලී මොනවගේ දෙයකට පැටලේවී ද? යානයේ ම සිටින සාරි හා මික් මොන වගේ විකාර වැඩ කරාවිද? මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ.

බයිස්කෝප් එකෙන් උපසිරස නිකුත් කරනArrow,The Flash,DCs Legends of Tomorrow යන යන කතා මාලා සඳහා හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා කියලා අපි පැහැදිලිවම දන්නවා. හැබැයි ඉතින් මේ කතා මලාවලට වඩා හොඳ කතා මලා ඕනෑතරම් තියෙනවා. ඒ අතර මෑතක දී විකාශය ආරම්භකළ මැජික්වලට කැමති අයටම විශේෂ Deception හා කොමික්/සුපර්හිරෝ කැමති අයට විශේෂ Kryptonකතා මලා දෙකේ උපසිරසත් දැන් බයිස්කෝප් එකෙන් භාගත කරන්න පුළුවන්.ඒ නිසා ඒ කතාමාලාත් රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 313MB |  

0324A766DFC4BDE9A322380B9A71A64E63F3A45A

Direct Download  

| HDTV | x264 | SVA | 313MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *