එහෙනම් ඔන්න දෙසැම්බර් මාසේ අටවෙනි කොටසින් නැවතුනු මේ කතාව අප්‍රේල් පළවෙනිදා, ඒ කිව්වේ “මෝඩයින්ගෙ දිනයේදී” නැවත වතාවක් විකාශය වීම ආරම්භ වුනා. මොනා නැතත් කතාව පටන් අරන් තියෙන්නෙ මේ කතාවේ පසුබිමට වගේම, රගපාන අයගේ හැසිරීම් වලට ගැලපෙන හරි අපූරු දවසකයි. හැබැයි ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කලින් සීසන් වලින් සම්පුර්ණ ඇරෝවර්ස්එකම බලන එක නතර කරපු කෙනෙක් තමයි මම. මොකද ඇරෝවර්ස් එක කියන්නේ මම පුද්ගලිකවම ආසම නැති කතා සෙට් අතරේ මුලින්ම තියෙන ටික.
කලින් කොටස් දෙකට අනුව කොන්ස්ටන්ටින් තමන්ගේ ආදරවන්තයා වෙච්චි ඩෙස්මන්ඩ් බේරගන්න කියලා නිව් ඔර්ලින්ස් වලදී ටයිම්ලයින් එක වෙනස් කිරීමකට ලක් කරනවා. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිවිපාක ගණනාවක්ම සිද්දවුනා. සාරි පූසෙක් වුණා. මුලින්ම කැප්ටන් ලාන්ස් මැරිලා තිබුනා කගවේනෙකුගෙ පහර දීමකට ලක්වෙලා. අමායාගේ වේශයෙන් තමන්ගේ ප්‍රතිරූපය හිරවෙලා තිබුණු චාලිට ආයෙ වතාවක් බලයන් ටික ලැබුනා වගේම ඩෙස්මන්ඩ් අපායෙ යන එකත් නැවතුනා කොන්ස්ටන්ටින් එයාගෙන් වෙන් වෙච්ච නිසා. මේ වෙච්ච වෙනස් වීම් එක්කම චාලි වගේම කොන්ස්ටන්ටින් තමන් කරපු වෙනස් කිරීම් ආපහු වතාවක් අනික් පැත්ත නොගහා ටයිම්ලයින් එක කිහිප වතාවක්ම වෙනස් කලා. හැබැයි ඉතින් කිසිම කෙනෙක් නොමැරී හැමදේම යතා තත්වයට පත් කලත් කොහේ හරි මොකක් හෝ අඩුවක් තිබුනා. ඉතින් අවසානයේ මේ දෙන්නා තීරණය කලා ආපහු තිබුණු විදිහටම ටයිම්ලයින් එක සකසන්න. ඒ කිව්වේ කොන්ස්ටන්ටින් ආපහු වතාවක් ඩෙස්මන්ඩ් එක්ක යාලු වුනා වගේම ඒ සැකසිම එක්ක චාලිට තමන්ගේ බලයන් ආපහු වතාවක් නැතිවෙලා අමායාගේ ස්වරූපයේම හිරවෙන්න සිද්දවුණා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Torrents Download
Direct Download
| HDTV | x264 | SVA | 201MB |