කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දාහත්වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. එත් කිරා අන්තිමේදී L ව උපක්රමේකින් මරනවා ඒත් L මැරුණට L වගේම තවත් තරගකරුවෝ දෙන්නෙක් කතාවට එනවා.
කලින් එපසොඩ් එකේදී ගොඩක් දේවල් උනා නේද ලයිට් ඩෙත්නොට් එක තව කෙනෙක්ට දුන්න “මිකමි ටෙරු” එයා නීතිඥයෙක් ඒ වගේම හදවතින්ම කිරාව අදහන කෙනෙක් තව දෙයක් එයා ලයිට් හිතන විදියටම හිතනවා ඉතින් ඒ ටිකම ඇති මිකමිට ඊළඟ කිරා වෙන්න. එයා දෙමිගාවා ගේ මරණයෙන් පස්සේ තවත් කිරාගේ ප්‍රකාශකයෙක් ගන්නවා ඒ වෙන කව්රුවත් නෙවෙයි කතාවේ මුලදී හිටපු ටකදා කියෝමි කියන කෙල්ල. ලයිට් ටකදාගේ මාර්ගයෙන් මිකමිට උපදෙස් දෙනවා ඔය ටිකනේ කලින් එපසොඩ් එකේදී උනේ එතකොට අද නියර් එපසොඩ් වලදී නියර් ජපානෙට ඇවිල්ල පරීක්ෂණ කරනවා. ඒ වගේම එයා හොයාගන්නවා දැන් කිරා විදියට ඉන්නේ කව්ද කියලත් ඉතින් නියර් මිකමිගේ පස්සෙන් ඔත්තුබලන්න කෙනෙක් යොදවනවා. මේ අතරේ මිසායි ටකදායි අතරේ තරඟයක් යනවා මොකද මේ දෙන්නම ප්‍රසිද්ධයි නේ. මේවා මෙහෙම සිද්ධ වෙද්දී ලයිට් නියර්ව පරද්දන්න ලොකු සැලැස්මක් හදනවා. එහෙනම් අදට එච්චරයි ලයිට්ගේ සැලැස්ම මොකද්ද මිසයි ටකදගෙයි අතරේ මොකද වෙන්නේ කියල දැනගන්න මේ එපසොඩ් බලන්න කියල මම ආරාධනා කරනවා එහෙනම් අනිද්දට ඩෙත්නොට් ඇනිමේ එකේ අවසාන එපසොඩ් තුනෙන් හමුවෙමු හැමෝටම සුබ දවසක්.
ඔබට ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| BDRip | x265 10bit | 720p | 113MB | E33 |
| BDRip | x265 10bit | 720p | 103MB | E34 |
| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)