MENU

Deception [S01 : E07] | අභිරහස් කාන්තාව…

ජොනතන් බිශොප්ගේ මියුරල් එකේ තිබුනු කේතය බින්දා විතරයි පසුගිය කතාව අවසන් වුනා. ඊට පස්සේ කැමරන්ට මොකද වුනේ. ඒක තමයි අද කතාවේ පෙන්වන්නේ. අභිරහස් කාන්තාවට මොකක් හෝ හේතුවක් නිසා කැමරන්ව ඕනේ වෙලා තියෙනවා. මෙච්චර ගේම් දීපු අභිරහස් කාන්තාවට ඇයි කැමරන්ව ඕනේ වුනේ. ඒකයි අද කතාවේ ප්‍රශ්ණය.

කැමරන් ඉලක්කයක් කියලා ජොනතන් හිරේ ඉදන් විසදපු රහස් ලේඛනය හරහා දැනගත්තු ගමන්ම ජොනතන් කැමරන්ව මේ ගැන දැනුවත් කරනවා. ඒත් ඒ වෙද්දීත් අභිරහස් කාන්තාව කැමරන්ව පැහැරගන්න ලං වෙලා හමාරයි. කැමරන්ව පැහැරගත්තු පණිවිඩය දැනගන්න ලැබුණු ගමන්ම නියෝජිත කේ ඩැනියෙල්ස්ට අභිරහස් කාන්තාව හොයාගන්න කැමරන්ගේ උදව් නැතිව තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතිං කැමරන් වගේ තව කෙනෙකුට ඉන්නේ ජොනතන් විතරයිනේ. මේ නිසා FBI අවසරය ඇතිව කැමරන්ව හොයාගන්න ජොනතන්ව හිරෙන් එලියට ගන්නයි නියෝජිත කේ ඩැනියෙල්ස් සූදානම් වෙන්නේ.

මේ කතාවේදී එක වගේ වුනත් චරිත ස්වභාවයෙන් ගොඩක් වෙනස් ජොනතන් එක්ක තමයි නියෝජිත කේට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඒ අතරේ ඩීනාගේ පරණ පෙම වුනු ජොනතන් ආපහු ආකයිව් එකට තාවකාලිකව වුනත් ආපු එක මයික්ට පොඩි සිත්තැවුලක්. කොටින්ම කිව්වෝත ජොනතන් මයික් සහ ඩීනා අතරේ සිද්ධ වෙන පලහිලව්ව ගැන දන්න නිසා. ජොනතන් මේ නිසා මයික් එක්ක තරමක් හිත් නොහොද කමකින් තමයි ඉන්නේ.

ඉතිං අපි බලමු කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඊලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

Torrents Download

| HDTV | x264 | KILLERS | 320MB |

532F3DDA2966AC6728EC6701F7BD9E0F9CBCE717

Direct Download

| HDTV | x264 | 480p | 200MB |

 

| HDTV | x265 | 720p | 280MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Deception [S01 : E07] | අභිරහස් කාන්තාව…

  • Meke dub download wen nane ai ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *