MENU

Deception [S01 : E08] | මෙහෙමයි වුනේ…

පරක්කු වුනු කොටස් දෙකම එකම දවසේ වරුවෙන් ගැහුවා. නැගිට්ට වෙලාවේ ඉදන් මේක තමා කලේ. ඉතිං කලින් ලියලා දුන්නු හැම ලිපියක් අවසානයේම වගේ කිව්වනේ පමා නොවී හමු වෙනවා කියලා. ඒත් ඒ හැම වෙලාවකම වගේ ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න සිද්ධ වුනේ. ඒත් කලින් ලිපියේ එහෙම දෙයක් සදහන් නොකරපු නිසාමද කොහේදෝ මේකත් ඉක්මනටම කරලා ඉවරයක් කරගන්න පුළුවන් වුනා.

ඉතිං පසුගිය කතාංගයෙන් සිද්ධ වුනේ අභිරහස් කාන්තාවට රොකර්ෆෙලර් ආභරණ එකතුවෙන් හොරකම් කරන්න ඕනේ කරන දේ ජොනතන්ගේ උදව්වෙන් ප්‍රෙහෙලිකාවෙන් හොයාගත්තු එක. ඉතිං ඊට පස්සේ ඒ හොරකම සිද්ධ වෙන වෙන්දේසි ශාලාවට ගිහිල්ලා ඉවර වෙලා ජොනතන් එක්ක නියෝජිත කේ එකතු වෙලා හොරු අල්ලන්න යන හැටි තමයි දකින්න ලැබුනේ. කොහොම වුනත් දියමන්තිය හොරකම් කරන්න අභිරහස් කාන්තාවට බැරිව ගියා. ඒ වගේම තමයි නියොජිත කේ ඩැනියෙල්ස් අභිරහස් කාන්තාවගේ මූණ ඇස් පනාපිටම දැකගත්තා. දැන් ඉතිං ඒ චරිතයට අභිරහස් කාන්තාව කියන එක ගැලපෙන්නේ නෑ කියලා ගොඩක් අයට හිතෙනවා ඇති. ඒ වුනත් තව ඉදිරියට කතාව බලාගෙන ගියාට පස්සේ එයාගේ චරිතය තව තවත් අභිරහස් චරිතයක් වග ඔයාලට දැනගන්න ලැබේවි.

පසුගිය කතාංගයෙන් සිද්ධ වුනු දේත් එක්ක ඔයාලට ගොඩක් ප්‍රශ්ණ ඇති. ඒ වුනත් මේ කතාංගයෙන් අපි පසුගිය කතාවේදී දැකපු දේවල් බොහෝමයක් වැරදියට වටහාගෙන කියලා අවබෝධ වෙනවා. ඒ වුනත් කතාවේ සමහර තැන් තියෙනවා අවුල් සහගතයි කියලා හිතෙන ආකාරයට. ඒත් ඒවා නොසලකා හැරියොත් කතාව රසවිදින්න ඒක බාධාවක් වෙන එකක් නැ.

ඉතිං පසුගිය කතාංගයට පාදක වුනු සිදුවීම කොහොමද වුනේ කියලා බලාගන්න පුළුවන් මේ කතාංගයෙන්. එහෙනං මං අදට සමුගන්නවා.

Torrents Download

| HDTV | x264 | KILLERS | 310MB |

D74F925D61517D7B9D754EC556114863A9F48BFD

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

 

| HDTV | x265 | 720p | 280MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *